(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ මහව සජීවා කෝට්ටෙගොඩ, තිසරසමල් සහ ජයරත්න වික්‍රමාරච්චි)
රටපුර විවිධ ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි නිසා වැව් අමුණු රැසක් වාන් දැමීමට පටන් ගෙන ඇතැයි අප වාර්තාකරුවෝ පවසති.
දැදුරුඔය පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත. ඒ නිසා අද (04) අළුයම සිට ජලාශයේ වාන් දොරටු 05 ක් අඩි 04 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
වාන් දොරටු 05 විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 13800 ක ජල පරිමාවක් මුදාහැරෙන බව ඉංජිනේරුවරයා කීය,
මේ අතර පවතින අධික වැසි සහිත කාළගුණ තත්වයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රැසක් මේ වන විට පිටාර ගලමින් පවතී.
පෙර දින දැඩි වර්ෂාපතනයක් පැය කීපයක්ම ඇද හැලුණු අතර, මේ හේතුවෙන් වැව් පිටාර ගලමින් පවතී.
එප්පාවල කටියාව වැව මේ වන විට වාන් දමමින් පවතී, ඒ හේතුවෙන් එප්පාවල -කටියාව මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා සිදුව ඇත.
කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 6ක් අඩි 1 බැගින් අද පස්වරුව වනවිට විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.
එමඟින් තප්පරයට ජලය ඝණ අඩි 1440 ක් මුදාහැරෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජලාශ රැසක් පිටාර ගලයි
චන්දන Sunday, 05 November 2023 07:18 AM
මාසයක් පායපු ගමන් මේ සියල්ලම හිඳෙනවා. මේ කාලකණ්නි බලධාරීන්ට බැරි වුණා වැව් ටික හරියට ප්‍රතිසංස්කරණය කරගන්න. ඔවුන්ට පුළුවන් බදු ගහන්න විතරයි ... නොදකින් පාහර දේශපාලන හැත්ත...