IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජුලී චන්ග් සිරිපා කරුණා කර ගත් වගයි

වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය පැවැසුවාය.ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ඇය ප්‍රකාශ කළාය.

ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ හොඳම කොටස නම්, දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් චන්ග් මහත්මිය පැවැසුවාය.තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබා දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය ප්‍රකාශ කළාය.

 



අදහස් (11)

ජුලී චන්ග් සිරිපා කරුණා කර ගත් වගයි

Aruna Sunday, 21 January 2024 10:29 PM

මෙයාට යන්න තිබ්බේ කැළණියට

:       2       7

Prabha Monday, 22 January 2024 03:42 AM

පාරේ බස් එකේද ගිහින් තියෙන්නේ

:       6       1

Chaminda Tuesday, 23 January 2024 06:48 AM

ඇමරිකන් තානාපති වෙලා ඇවිත් ශ්‍රීපාදය වන්දනාවේ ගියාම ලංකාවෙ එකෙක් අහනවා බස් එකේද ගිහිල්ලා තියෙන්නෙ කියලා .එයාට ඒ රටින් අවශ්‍යතා සදහා වාහන ඉන්ධන ආදි සියලු දේවල් දෙනවා. ඒත් සමනල කන්ද නගින්න වාහනයක් හදන්න කාටවත් බැහැ කියලා ප්‍රභාට තේරුම් ගන්න බැරි කවදාවත්ම ශ්‍රීපාදස්ථානයට ගිහිල්ලා නැතිනිසා වෙන්නම ඇති

:       0       0

Senarath Monday, 22 January 2024 04:04 AM

මේක හරිම මිහිරියි...සුබ පැතුම්

:       2       11

Perera Monday, 22 January 2024 06:21 AM

අපේ ඇමැතියෙක් එහෙම ගියා නම් එදාට ගාඩ් එකත් දාගෙන යන්නත් බැරිවෙනවා.

:       2       8

H.D.J. Monday, 22 January 2024 12:59 PM

ඇඩම්ස් පීක්, ‘‘සිරිපා‘‘ ලංකාවේ ඉහළම උතුම් ස්ථානයක්.. මට ගොඩක් සතුටුයි... ස්තුතියි මැඩම්...!

:       4       10

Chinthaka Monday, 22 January 2024 02:29 PM

අහන්නත් සන්තෝෂයි , ආඩම්බරයි මැඩම් ඔබ ගැන

:       3       4

Nimal R Monday, 22 January 2024 02:36 PM

බොරු සෝබනේට... මොනවා හරි ඔත්තු බලන්න යන්න ඇත්තේ...!

:       10       4

Muthukumara Monday, 22 January 2024 04:54 PM

ඔබ විසින් ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයටම ලබාදුන් ඔබගේ ශ්‍රේෂ්ඨ නායකත්වය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ මිනිසත්බවට තෙරුවන් සරණ සහ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි...!

:       2       4

L. P weerakkody Monday, 22 January 2024 10:21 PM

ඇමරිකන් තානාපතිනිය ශ්‍රී ලංකාවේ අනික් තානාපතිවරුන්ට ආදර්ෂයක්... ඔබ අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වනවාට සැක නැහැ.

:       0       1

Sena Alwis Tuesday, 23 January 2024 08:37 AM

දුර බලන දූර දර්ශකයුත් අරන් ගියාද ඔත්තු බලන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 43 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 232 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1275 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2496 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 114 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2716 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38995 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site