( සුජිත් හේවාජුලිගේ )
ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේදී ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම හිඟ මුදල නිසා මණ්ඩලය දැඩි මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින අතර සේවකයන්ට වැටුප් ගෙවීම පවා මේ නිසා ලොකු ගැටලූවක්වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව විසිහත් ලක්ෂයකට අධික ජල පාරිභෝගිකයන්ගෙන් 75,000 කට වැඩි පිරිසක් වසරකට වැඩි කාලයක් තිස්සේ ජල බිල්පත් ගෙවා නැතැයි මණ්ඩලයට තොරතුරු අනාවරණයවී ඇත.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන්ගෙන් එම හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට ජල සම්පත් මණ්ඩලය මේ දිනවල කටයුතු කරගෙන යන බව පැවසූ ඒකනායක වීරසිංහ මහතා මාස හයකට වඩා ජල බිල්පත නොගෙවා පැහැර හැර සිටින ජල පාරිභෝගිකයන්ට පළමු අදියර යටතේ රතු බිල්පත් යැවීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
එකවර බිල්පත් ගෙවීමට නොහැකි නම් මණ්ඩලය සමඟ සාකච්ඡා කර කොටස් වශයෙන් ගෙවීමටද අවස්ථාව සලසා ගත හැකි බව ඔහු පැවසුවේය. එවැනි සහන ලබාදී තිබියදීත් හිඟ බිල්පත් දිගින් දිගටම නොගෙවන්නේ නම් ඔවුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට පියවර ගන්නා බව ජල සම්පත් මණ්ඩලය පවසයි.
මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ සංශෝධනය වී නැතැයි පවසන එම මණ්ඩලය මේ තත්වය යටතේ මණ්ඩලයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම ඇතුළු කටයුතු පවත්වාගෙන යෑම ඉතා දුෂ්කරවී ඇතැයි සඳහන් කරයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක්
Bamunuarachchi Friday, 28 January 2022 05:20 PM
ඉතින් ඕක කියකියා ඉන්න දෙයක්ද? කපනවකෝ වතුර... අපි වෙලාවට ගෙවීම් කරනවා. ඒ නිසා නොගෙවන එකාගේ ගෙවල්වලට යන වතුර ලයින් ගැලෙව්වත් අපිට කමක් නැහැ...
C.K.LankaputhraSaturday, 29 January 2022 06:56 AM
පිස්සුද, ඒ ගොල්ලන්ගේ වතුර කැපුවොත් ඒකනායක මහත්තයා ගෙදර. ඒක නම් ෂුවර්. මේක එකරටක්, එක නීතියක් තියන රටක්නේ...
සත්‍ය ගවේෂී.Saturday, 29 January 2022 08:34 AM
ඔබතුමාට ඕනෑතරම් සල්ලි තිබුණාට, කොවිඩ් නිසා අසරණ වූ මිනිස්සුන්ට සහනයක් ලෙස ටිකටික ගෙවීමට දීමට තීරණය කිරීම හොඳ දෙයක්. අර ඔබතුමාලගේ දේශපාලන උදවිය පොලු තියලා තියෙන්නේ.. ඒ ගැන වගේ වගක් නැතුව වගේ නේද ඉන්නේ...
Eranga Friday, 28 January 2022 11:13 PM
නිකන් සාමාන්‍ය මිනිස්සුන්ට සහන දීලා නෙමෙයිනෙ ඔය.. රාජ්‍ය ආයතනවලටයි, පන්සල්, පල්ලිවලටයි, දේශපාළුවන්ටයි, ඔවුන්ගේ හෙන්චයියන්ගේ ගෙවල්වලටයි පිනට දීපුවා තමයි. මොකද නිකන් අහිංසක මිනිස්සුන්ට බිල ගෙවාගන්න බැරි වෙද්දී දාන සද්ද ලොක්කන් ඉස්සර නොදාන නිසා. සාකච්ඡා කරලා කොටස් විදියට ගෙවන්න පුළුවන් කියන ඒවා එතැනට ගියාම වෙන්නේ නැහැ... අපිට කරන්න දෙයක් නෑ උඩින් ඕඩර් දීලා තියෙන්නේ කපන්න කියලා.. ඒක නිසා මුළුගාණම ගෙවන්න කියන එක තමයි ඔය මණ්ඩලේ ඉන්න අයගේ උත්තරේ..