(අංජුල මහික වීරරත්න)
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා UNESCO THE ආයතනය සමඟ 2022 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
එකී අවබෝධතා ගිවිසුමේ විධිවිධාන වලට අනුකූලව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් '' පාර්ශ්වකරුවන් ජල සේවා කොටස් හිමියන් බවට පරිවර්තනය කිරීම පිණිස ප්‍රජා වගකීම් කළමනාකරණය '' යන තේමාව යටතේ ජලය සහ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විස්තීරණ ව්‍යාපෘති යෝජනාවක් IHE-Delft Institute for Water Education ආයතනය වෙත ඉදිරිපත් කර ඇත.
එම ආයතනය විසින් IHE-Delft ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC 3) යටතේ ව්‍යාපෘති යෝජනාව හවුල්කාර සාමාජික ආයතන කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, හවුල්කාර සාමාජිකයින් සඳහා යුරෝ 399,819 ක උපරිම ප්‍රදාන දායකත්වයක් ලබා දීමටත්, ඉන් යුරෝ 164,236 ක මුදලක් ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC 3) යටතේ ශ්‍රී ලංකා රජය වෙත වෙන් කර දීමටත් එකඟතාව පළ කර ඇත.
යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විශ්‍රාමික විදුහල්පතිවරයෙකුට අයත් මකුලෑව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ සිටුවා තිබෙන කොස් ගසක අතු කැපිමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන්
පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අ
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදි
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය