(ප්‍රසන්න පද්මසිරි)
ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති.
එක් මංතිරුවක් වසාගෙන තිබු එම කළු ගල පසුකර ඉදිරියට ආ ලොරි රථයකට ඉඩ දීමට යාමේ දි මෙම අනතර සිදුවන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාකව සටහන් වී ඇත.
මෙම අනතුර ගමන්ගත් මගීන් 15 දෙනකු මියගිය අතර කාන්තවන් හය දෙනකු ද ඒ අතර සිටින බව පොලිසිය කියයි
තුවාල ලැබූ 34 දෙනෙක් පස්සර රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
ඉදිරියෙන් පැමිණෙන ලොරි රථයට ඉඩදීමට යාමේදි එකවර බසට අඩි 350ක් පමණ ප්‍රපාතයට පෙරළි ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මගීහු 50කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇත. අනතුරින් බස් රථය සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අතර එම සුන්බුන් ගොඩට යටවී සිටි තුවාලකරුවන් ඉන් ඉවත් කර ගැනීමට බූම් රථයක සහය ගැනීමට පොලිසියට සිදුවිය.
ප්‍රපාතයට පෙරළුණු බසේ සිටි තුවාලකරුවන් ගොඩට ගැනීම සඳහා පැය තුනක ආසන්න කාලයක් ගත විය.
මීට මාස හයකට පෙර පැවැති වර්ෂාවත් සමග කළු ගලක් පාරට වැටී ඇති අතර එම නිසා මාර්ගය එක් මංතීරුවක් වැසි ගොස් ඇත.
තුවාලකරුවන් ගොඩ ගනිද්දි එකවරම විශාල ගලක් පෙරළීම නිසා එක් අයකුට තුවා ලබා ඇත. මෙම කළු ගල ඉවත් කරන ලෙස අදාල ආයතනවලට දැනුම් දුන්නත් වගකිවයුතු ආයතන සිය වගකීම ඉටු නොකිරීම මෙම අනතුරට මූලික අනතුර බව ද ප්‍රදේශවාසීහු කියති.
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජීවිත 15 අහිමි කළ කළුගල
saman Saturday, 20 March 2021 12:43 PM
RDA එකේ නිලධාරීන් මෙයට වගකිව යුතුයි.
Kamal Saturday, 20 March 2021 12:50 PM
මාස 6ක් ගිහිල්ලත් කලු ගලක් අයින් කරන්න බැරි අසාර්ථක රාජ්‍යයක්.
Suranjith Saturday, 20 March 2021 01:09 PM
රජයේ ආයතනවලින් වැඩක් නැහැ. මාස 06කට පෙර පාරට වැටුණු කළුගල ඉවත් නොකරපු රජයේ ආයතනයේ ලොක්කන්ව චූදිතයන් කොට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.
lankawe api Saturday, 20 March 2021 01:34 PM
69 ලක්ෂයක් ලබාදුන්න ඡන්ද දායකයන්ගේ ආඩම්බර බලාපොරොත්තු ඉටුවීමක්...
RaveendraSaturday, 20 March 2021 03:23 PM
අපට කවුරු බලයේ සිටියත් කිසිදු අදාලත්වයක් කොහෙත්ම නැත. මොකද මේ කාගෙන්වත් අප යැපෙන්නන් නොවන බැවිනි. එනමුත් ඔබගේ අදහස් පිළිබඳව අප හදතුළ ඇතිවූයේ මහත් වූ අප්‍රසන්න මෙන් පිළිකුල් වචන ගොන්නකි. ඔබ පැළඳ සිටින කණ්ණාඩියේ පාටට අදාළ ගොන්තඩියන් බලයේ සිටියා (දැන් බලයේ සිටින්නේද ඔබ වන්දනාමාන කරන ගොන් තඩියන් හා සමාන සත්ව කොට්ඨාශයක් බවත් සඳහන් කරන්නෙමු...) නම් මේ මොහොතේ මෙවන් සිදුවීමක් කොහෙත්ම නොවන බවට ඔබ වක්‍රව අඟවා තිබෙනවා නොවේද? ඔබ මොනතරම් ඥානවන්තයෙක්ද යන්න එමගින් මනාලෙස තේරෙන කරුණකි. කියමනක්ව තිබෙනවා... වදාපු අම්මටයි... අහසටයි නිවනක් නැහැ කියලා. එම කියමන ඔබට මෙන් අප සියල්ලන්ටම අදාලයි. ඔබගේ ඥාණාන්විත මොලයෙන් එම කියමන තේරුම් ගැනුමට හැකි වේවා..!!! අවසාන වශයෙන් අප සියල්ලන්ම ඔබගේ ඒ ආදරණීය අම්මාව ඉතාමත් හැඟුම්බරව කාරුණික වචන සමුදායක් සමගින් ආදරයෙන් මතක් කරන්නෙමු.
Kamal Sameera Saturday, 20 March 2021 02:31 PM
මොනතරම් මෝඩයිද? කලුගල වැටුණු බව ඇත්ත. හැබැයි ඔය පාරේ යන බස් රියදුරාගේ නොසැලකිල්ල තමයි ඕකට හේතුව. වීඩියෝ එක හොඳට බලන්න. ගල තියෙද්දී ඔය පාරේ ඔය බසයම කී පාරක් ගිහින් ඇද්ද?
මගියා Saturday, 20 March 2021 03:49 PM
ගල ඉවත් කිරීමට පියවර නොගැනීමට වඩා අනතුරු ඇඟවීම සඳහා පුවරු සවි නොකළ විධායක ඉංජිනේරුට නඩු පැවැරීමට කටයුතු කළ යුතුයි.
Neela Saturday, 20 March 2021 04:04 PM
රටේ ප්‍රශ්න එමට තියෙද්දී අර නූගත් 2019ක් ඇමරිකන් නායකයා ගම සමග පිළිසඳරක් කරමින් යනවා. හැම කෙනාම දේශපාලනය පමණක් කරනවා. ජනතාව ගැන බලන්න කිසි පාලකයෙක් නෑ. සජිත්, අනුර වුනත් ඊටම ගැලපෙනවා.
sampath Saturday, 20 March 2021 05:39 PM
මේ රටේ පින්පඩි කාරයෝ නිසා තමයි මේ තරම්ම විනාශවෙලා තියෙන්නේ. අදාළ නිලධාරීන් ගෙදර යැව්වා නම් ඉවරයි. ඔය ආයතන තියෙන්නේ කැලෙන්ඩරේ දිනේටයි, ඔරලෝසුවේ කටු කැරකෙනවටයි පඩිගන්න විතරයිද? ආණ්ඩුවට බැන්නට ආණ්ඩුවක් කොහොමද ගස්, ගල් ඉවත් කරන එකේ ඉඳලා බලන්නේ.
fairoos Sunday, 21 March 2021 08:11 AM
අර කොලඹ නගරයේ පොස්ටර් ගලවපු පොලීසියේ නිලධාරියාවත් දැකලා නැද්ද?එදා මොනවදෝ කියවගෙන ගියේ