(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරීපත්ව සිටියි.
මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයකි.
චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසිනි.
ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී ජීවන්දර මහතා මෙම සම්මානය ලැබීමට නියමිතය.
ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා ලෝකය පුරා විද්‍යාඥයෝ තිස් දෙදෙනෙක් කාණ්ඩ හයක් යටතේ තෝරා ගනු ලැබ සිටිති.
සම්මාන උළෙල ලන්ඩන් නුවරදී අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් 19 වයිරසය මෙරට පැතිරීම සම්බන්ධයෙන් පුරෝගාමී පරීක්ෂණ රැසක් සිදු කර ඒ සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විද්‍යාඥයාය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථ
‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් අතරට
පැරකුම් Thursday, 30 March 2023 07:15 PM
උපන්බිමේ පිලිගැනීමක් නැතත් ලෝකය සුදුස්සා ඇගයීමට ලක් කරන බව තව දුරටත් තහවුරු වේ.
chandima Thursday, 30 March 2023 09:42 PM
එහෙනම් ලඟදිම ඒහේ පදිංචියට යයි.
saman Friday, 31 March 2023 05:05 AM
ලොකු දෙයක් නෑ. අප්ලිකේෂන් 4ක් පමණයි.
Kasun Friday, 31 March 2023 05:35 AM
ලංකාවෙ තවත් විද්‍යාඥයන් ඉන්නව ලෝකෙ සම්මන ලබන. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා දෙන්නෙ වෛද්‍ය ක්ෂෙත්‍රයේ අයට පමණයි. උදාහරණ වෙනුවට මෑතකදි ලෝකෙ සම්මන ලැබුනු විද්‍යාඟයන් කීපදෙනෙක් හිටිය. වෛද්‍ය, ඉංජිනෙරු, කෘෂිකර්ම ආදී ක්ෂේත්‍ර කීපයක. නමුත් ප්‍රවෘතියේ මාතෘකාවෙන්ම තිබ්බෙ වෛද්‍ය ක්ෂෙත්‍රයේ අය ගැන පමණැයි. එහෙම දැම්මම සාමාන්‍ය ජනතාව සිතන්නේ වෛද්‍යවරු පමණයයි රටේ වැඩ කරන්නෙ කියල. එ නිසා ප්‍රවෘති දානකොටම සැමට සමානව දාන්න කාරුණික වන්න
sarath Friday, 31 March 2023 07:16 AM
ලංකා පුත්‍රයාට ගවෘරවය, සුභාෂිංශනය.
Bunny Preena Friday, 31 March 2023 09:25 AM
කෝවිඩ් 19 කාලයේ නිතරම වාගේ ප්‍රජාව දැනුවත් කළ විශේෂඥයෙක්... තවතවත් ඉහළින් සම්මාන ලැබීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..
Senarath Friday, 31 March 2023 10:36 AM
ඔබ අපේ රටට සම්පතක් සහ රටට ආඩම්බරයක්... අපේ ප්‍රණාමය..!