IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර



(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය  කැබිනට් මණ්ඩලයේ  සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.

පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයන් සංඛ්‍යාව  22 කි.

කාංචන විජේසේකර,ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත, හරීන්  ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු,  නිමල්  සිරිපාල ද සිල්වා, පවිත්‍රා  වන්නි ආරච්චි,යන අමාත්‍යවරු ( කැබිනට් මණ්ඩල සාමාජිකයෝ)  මෙසේ පරාජයට පත් වූහ.

කැබිනට් මණ්ඩලයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත්  කරනු ලැබ සිටියේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඔහුගේ නම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පවා ඇතුළත්ව නොතිබිණ. එවකට කැබිනට් මණ්ඩලයේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල ආචාර්ය විජයදාස රාජපක්ෂ ආචාර්ය බන්දුල ගුණවර්ධන ටිරාන් අලස් යන මහත්වරුද මහ මැතිවරණයට තරග නොකළහ.

පසුගිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ජයග්‍රහණය කර තිබුණේ චාමර සම්පත් දසනායක ඩීවී චානක අනුරාධ ජයරත්න  කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන්  පමණි.

රංජිත් සියඹලා පිටිය, ලසන්ත අලගියවන්න , ජානක වක්කුඹුර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, රෝහණ දිසානායක, ඉන්දික අනුරුද්ධ, දිලුම් අමනුගම,  සිරිපාල ගම්ලත් ශාන්ත බණ්ඩාර කනක හේරත්  තේනුක විදානගමගේ  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු , තාරක බාලසූරිය සෂීන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර ඩී.බී හේරත්, ශිව නේශතුරේ චන්ද්‍රකාන්තන්( පිල්ලෙයාන්)  අශෝක ප්‍රියන්ත අරවින්ද කුමාර ප්‍රේමලාල්   ජයසේකර අනූපපැස්කුවල්  පරාජයට පත් වූ රාජ්‍ය අමාත්‍යවරු( 24 ) වෙති.

රාජ්‍ය ඇමතිකම් දැරූ ලොහාන් රත්වත්තේ  සුරේන් රාගවන්, සීතා අරඹීපොළ   ජගත් පුෂ්ප කුමාර  එස් වියලේන්දිරන් සහ  විජිත බේරුගොඩ යන මහත්ම මහත්මීහු  මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූහ.

 



අදහස් (6)

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර

sachith Monday, 18 November 2024 09:06 AM

පරම්පරා තුනක් එක දිගට මොන පක්ෂය බලයේ හිටියත් මෙයාලා ඇමතිකම් කරා .මේ පාර කැබිනට් එකේ මෙයත් නෑ

:       1       46

බකල ජයා Monday, 18 November 2024 09:39 AM

විජිත බේරුගොඩ, කාදර් මස්තාන්, ඉන්දික අනුරුද්ධ වගේ සමහරු කෑම කන තැන ඇර පාර්ලිමේන්තුවෙ අනික් තැන්වල කට ඇරල තියෙනවනම් කරුණාකර දැනුම්දෙන්න.

:       2       45

Nimal 1 Monday, 18 November 2024 09:39 AM

අනේ අපොයි .මේ කාලකන්නි තක්කඩියාවත් ගෙදර යැව්වා නම් හරි අගෙයි

:       2       38

Perera Monday, 18 November 2024 10:03 AM

කසිප්පු තිබුනයින් යන්තම් ජාමේ බේරාගත්තා මෙයා

:       0       28

de silva Monday, 18 November 2024 10:32 AM

බලමු ලබන ඡන්දෙදීවත් වතුකරේ ජනතාවගේ මොලේ පෑදිලා, මොහුව එලවලා කවුරුහරි අවංක බුද්ධිමත් කෙනෙක් පත්කර ගනීවිද කියලා...!

:       1       20

Chaminda Monday, 18 November 2024 01:47 PM

පරම්පරාවෙන් ලැබුණු අවස්ථාව නිසා පාර්ලිමේන්තුවට ගියා... කිසිම පලපුරුද්දක් නැතුව වුණත් ඔහුට ඇමැති තනතුරක් දුන්නු අයම කියනවා. පලපුරුද්දක් නැතුව පාලනය කරන්නේ කොහොමද කියලා... එහෙම නේද?

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 8 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


කැනඩාවට පනින්න ආ ඉන්දීය තරුණියක ඇතුළු තිදෙනකු පිටුවහල් කරයි
2024 නොවැම්බර් මස 24 68 0

ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත


කෙසෙල් ගෙඩිය රුපියල් කෝටි 180කට අලෙවි වේ
2024 නොවැම්බර් මස 24 118 0

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට


බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි
2024 නොවැම්බර් මස 24 269 0

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව


වැස්සෙන් උතුරේ පවුල් 4,162 ක් පීඩාවට
2024 නොවැම්බර් මස 24 3 0

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ


දිවි පිදූ රණ විරුවෝ සමරති
2024 නොවැම්බර් මස 24 42 0

සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 723 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site