(ඉන්දිකා රාමනායක)
හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී පසුගිය (31) වෙනි දින අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙම මත්කුඩු මෙරටට රැගෙන ඒම මෙහෙය වු බවට තොරතුරු හෙළිකර ගෙන ඇති ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි.
මෙම සැකකරු දැනට පොලිසිය මඟ හරිමින් සැඟව සිටින බවද පොලිස් මූලස්ථානය පවසයි.
මාලඹේ තලාහේන , නිසංසලා මාවතේ අංක 128/09 සහ බත්තරමුල්ල උඩුමුල්ල,සල්මල් මාවතේ අංක 522/1/2 යන ලිපින වල පදිංචි කළුදුර චමින්ද තාබ්‍රෙව් හෙවත් බොබ්මාලි (41) නැමැති මෙම සැකකරු බහුදින යාත්‍රා නියමුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ වරයාගේ 0718 592727 සහ 0112- 3433334 යන දුරකත අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාවාරම්කරුවෙකු හඳුනා ගන්න මහජන සහය ඉල්ලයි
ML Wednesday, 08 September 2021 04:07 PM
දුටු තැන වෙඩි හොඳයි ....
RaveendraWednesday, 08 September 2021 06:57 PM
ඇත්තෙන්ම එසේ විය යුතුමයි. නීතිය ඉදිරියේ මුදල පමණක්ම තම ජීවිතය කරගත් ගම් කබරයින්ගේ සටකපට බේගල් තර්කවලින් මේ පව්කාරයින්ට ඇපද ලැබෙනු ඇත...
de silva Wednesday, 08 September 2021 04:21 PM
කවුරු හරි දේශපාලකයෙකුගේ ගෙදර හැංගිලා ඇති.
විපරමා Wednesday, 08 September 2021 05:10 PM
මීගමුවේ, කුරුණෑගල ඉන්න නම් දරාපු දේසපාලුවන් මේ ගැන දන්නවා ඇති...
chandima Wednesday, 08 September 2021 08:14 PM
පාර්ලිමේන්තුවේ ඉන්නවද බලන්න රැවුල බාලා ඇමතිකමක්වත් අරන්.?