IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


ජාවාරම්-කාන්තාවන්ට සිදු වන අපරාධ විමර්ශනයට විශේෂ වැටලිම් ඒකකයක්

(ඉන්දිකා  රාමනායක)

කප්පම් ගැනීම් ,මත්ද්‍රව්‍ය ජාවාරම,දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නූතන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ වැටලීම් ඒකකය ලඟදීම ස්ථාපිත කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රට පුරා සිදුවන කප්පම් ජාවාරම  පොලීසියට වාර්තා වන සහ වාර්තා නොවන කප්පම් සම්බන්ධයෙන් , දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය ට  මෙම විශේෂ මැහුම් ඒකකය ස්ථාපිත කරන බව ද   මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

විශේෂ විමර්ශන ඒකකය ස්ථාපිත කිරීම ට සඳහා දැනටමත් සියලු කටයුතු සිදු කර අවසන් බව ත් ජනතාවට ද ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ඉදිරියේ විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය. 

 

 



අදහස් (6)

ජාවාරම්-කාන්තාවන්ට සිදු වන අපරාධ විමර්ශනයට විශේෂ වැටලිම් ඒකකයක්

කසුන් Sunday, 11 July 2021 11:04 AM

මහත්මයාණනි, අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් දමා අවට නිවැසියන්ට හිරිහැර පීඩා කරන පූජ්‍ය / පූජක පක්ෂයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද..?

:       0       229

Ruhunu Sunday, 11 July 2021 12:43 PM

ඔක්කෝටම ඉස්සෙල්ල පොලිසිය ජරව කන එක නවත්තල ඉන්න ඕන.

:       0       17

lal Sunday, 11 July 2021 04:37 PM

රටේ ව්‍යවස්ථාව සහ නීතිය ගැහැණු/පිරිමි දොපාර්ශවයටම එකවිය යුතුයි. නමුත් කාන්තාවන්ට විශේෂයෙන් සලකන්න ගියාම වෙන්නේ කාන්තාකම ඉස්සරහට දාගෙන පිරිමින්ට වද දෙන සමහර කාන්තාවන් ඒක අවියක් කරගන්න එකයි. අද කාලේ සමහර කාන්තාවන් කරන්නේ අම්මලා, බිරින්දෑලා කරන වැඩ නෙමෛයි. මෙවැනි අය තමයි කාන්තාවන්ට තියෙන සහන වැඩියෙන්ම ප්‍රයෝජනයට ගන්නේ. අසරණ පිරිමින් පවා මේ රටේ ඉන්නවා කියන එක අමතක කරන්න එපා..

:       0       90

dinal Sunday, 11 July 2021 04:39 PM

කාන්තාවක් පොලිසියකට ගිහින් ඕන බොරුවක් කිව්වම පිළිගන්න එපා.. ඒකෙ ඇත්ත නැත්ත හොයලා බලන්න කියලත් සමහර පොලිසිවල අයට කියලා දෙන්න. සමහර වෙලාවට කාන්තාවක් නිසා ඕන බොරුවක් අහගෙන පිරිමින්ව රිමාන්ඩ් කරනවා මේ කොරෝනා කාලේත්. ඒවා සහගහන අපරාධ...

:       0       24

nirmalee Sunday, 11 July 2021 04:43 PM

පිරිමින්ට දරුවන්ට වද දෙන, කුනුහරුප කියන, බනින, බොරු පැමිනිලි දාලා පිරිමියාව රිමාන්ඩ් කරවන, ගෙදර කන්න උයන්න නැති, නිවසේ විදුලිය ගෑස් නාස්ති කර පිරිමියාට පාඩු කරන කාන්තාවන් පවා මේ සිරිලක සිටියි. කාන්තාවන් කියන්නේ ඉස්සර වගේ අහිංසක, සියුමැලි අයම විතරක් නෙමෙයි. කාන්තා වේෂයෙන් සිටිනා යක්ෂණියන්ද මේ ලංකාවේ වැදගත් යයි කියන රැකියාවල් කරමින් සිටියි.

:       0       33

Nihal Sunday, 11 July 2021 09:21 PM

පච්ච කොටාගෙන කුඩු විකුණන, මිනී මරණ, හොර රැකියා ඒජන්සි දමා කෝට් ගණන් උපයන ගැහැණු අල්ලන්නත් වෙනම යුනිට් එකක් ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 878 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 424 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 314 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1328 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1688 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1744 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site