IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජෛව තාක්ෂණය දියුණු කරන්න ඇමරිකා සරසවියක් සමග ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නවීන තාක්ෂණයෙන් යුත් මධ්‍යගත ජෛව තාක්ෂණ පසුබිමක් ස්ථාපිත කිරීම නව නිපැයුම්කරුවන් වෙත තාක්ෂණ බිජෞෂණ පහසුකම් සැපයීම හරහා ජෛව තාක්ෂණ කර්මාන්තය වේගවත් කිරීම සඳහා නවෝත්පාදන සංස්කෘතිය වර්ධනය කිරීම, ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීම සඳහා නව ජෛව තාක්ෂණ කර්මාන්තය දියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුනර්ජනනීය ඖෂධ හඳුන්වා දීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස භාණ්ඩාගාරයේ පූර්ණ කොටස් හිමිකාරිත්වයෙන් යුතුව ස්ථාපිත ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංගය යටතේ පවතින ආයතනයකි.

එම ආයතනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය අතර පර්යේෂණ හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ගේ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පර්යේෂණ, නවෝත්පාදන, අධ්‍යාපන සහ සංස්කෘතිමය හුවමාරු උදෙසා පහසුකම් සලසා ගැනීමේ අපේක්ෂාවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. 

ඒ අනුව, දෙපාර්ශ්වය අතර එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ජෛව තාක්ෂණය දියුණු කරන්න ඇමරිකා සරසවියක් සමග ගිවිසුමක්

nimal Tuesday, 29 October 2024 01:42 PM

ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන දුරකථන අංකය 94 11 343 1844 වෙත ළඟා විය නොහැක. මම 1919 ට කෝල් කරපු වෙලාවේ මම නම්බර් එක ඉල්ලුවා. එයාලට එකම විසන්ධි වෙච්ච නම්බර් එකක් තිබ්බා. කාට හරි නම්බර් එක දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අවම වශයෙන්, අපගේ තේරී පත් වූ නව රජය සමඟ, රජයේ සේවාවන් වඩාත් නිවැරදි හා කාර්යක්ෂම විය යුතුය.

:       0       1

ගුණරත්න Tuesday, 29 October 2024 06:38 PM

ඔය ඇමරිකන් අය විශ්වාස නැහැ, ඇයි කියුබාව එක්ක ඔය වැඩේ බැරි? චීනේ එක්ක බැරිද? චීනේ කියන්නේ දැන් ලෝකේ වැඩියෙන්ම පේටන්ට් ගන්න රට...

:       8       1

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 516 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1087 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 432 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1476 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5019 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2299 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2013 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site