(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සාමකාමී උද්ඝෝෂණ වල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇප නියම කිරීමෙන් අනතුරුව බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක රදවා ගැනීමෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීරණය කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥවරයා ගොනු කර තිබූ පෙත්සම විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීරණය කලේය.
ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර සිටියහ.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සාමකාමී උද්ඝෝෂණ පෑවැත්වුණු බව පෙත්සමෙහි සදහන් වේ.
එම ස්ථාන වලට පැමිනි පොලිස් නිලධාරීන් ලංකා ගුරු සංගමයේලේකම් වරයා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම වූ නමුත් ඔවුන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කර රදවා සිටි බව පෙත්සමෙහි සදහන් වේ.
එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි ලබා දෙන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජෝසෆ් ස්ටාලින්ගෙ අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරයි
චන්දන Monday, 22 November 2021 03:15 PM
මෙයාගෙ අනෙක් ඉල්ලීම් ද එවැනි ඒවා තමයි.
Bamunuarachchi Monday, 22 November 2021 05:03 PM
අපි ස්ටාලින්වත් නිෂ්ප්‍රභා කරලා තිබෙන්නේ...
මානව Monday, 22 November 2021 05:18 PM
මූලික අයිතීන් අහිමි වූ දරුවන් වෙනුවෙන් කිසිදු සංවාදයක් නැතිවීම කණගාටුදායක තත්වයක්..
බණ්ඩා Tuesday, 23 November 2021 12:44 AM
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ගුරු සංගම් නායකත්වය