(අංජුල මහික වීරරත්න)
ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.
කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුවට ගුණ සමරු කමිටුවේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු ආරාධිතයෝ පුෂ්පෝපහාර දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,එජාප මහ ලේකම් තලතා අතුකෝරළ,හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු,හිටපු ආණ්ඩුකාර කරුණාසේන කොඩිතුවක්කු මහත්වරුද සහභාගී වූහ.
ගුණ සමරු උත්සවයේ පැවැදි අනුශාසනාව කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීත්‍යාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමියෝ කළහ.
හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ආරාධිත දෙසුම පැවැත්වූහ.
ඩී.එස්.සේනානායක ගුණ සමරු කමිටුව මෙම උත්සවය සංවිධාන කළේය.
(ඡායාරූප:-සුමුදු හේවා පතිරණ)
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ශ්රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට
කළුතර මහ රෝහලට ආනයනය කළ රුපියල් කෝටි 15ක් පමණ වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාස එකහමාරක පමණ කාලයක් රේගුවේ රඳවා තබාගෙන සිටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය එය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ජාතියේ පියාට උපහාර දක්වයි
රනේ Sunday, 23 March 2025 10:37 PM
හිටපු අග්‍රාමාත්‍ය D S සේනානායක මහතාගේ පිළිරුවට මඳ සිනාවක් ද පහලවී තිබුනේය.
wimal Monday, 24 March 2025 06:35 AM
පියණනි, අපේ ලඟ පියවරු අපේ ජාතියම ණය කරුවන් බවට පත්කළා. අපේ ලඟ පියවරු සුජාත දැයි අපට ප්‍රශ්නයක්!
Rakitha W Monday, 24 March 2025 07:55 AM
ජාතියේ පියා නිදහස එපා, අපිව දාල යන්න එපා, අනේ අපි එකතුවෙලා මේක පාලනය කරගෙන ඉමු කියල ඔහුගේ සුදු හාම්පුතුන්ට ලියපු ලිපි "බිටිෂ් ආර්කයිව්ස්" වල තියෙනවා. පර්යේෂණ කරන කෙනෙකුට හොඳ මාතෘකාවක් වෙයි.
SunaaMonday, 24 March 2025 10:53 AM
හොඳ කියමනක්...!
ගුණරත්නMonday, 24 March 2025 11:22 AM
අන්න මොලේ ඇති මනුස්සයෙක්, ඩී ඇස් සේනානායක කියන්නේ රටේ මිනිස්සුන් ගැන හොඳට තේරුම් ගත් මනුස්සයෙක් කියන්න තවත් සාක්‍ෂි ඕනද? මේ රටේ මිනිස්සු පාලනය කරන්න මේ රටේ මිනිස්සු අතරින් එන නායකයෝ කියන උන්ට බැහැ, සුද්දන් දිගටම හිටියා නම් නීතියට වැඩ කෙරෙනවා, දැන් තමන් පණවපු නීතිය මාසයක් ඇතුලත නවන තරම් පාලකයෝ ඉන්නේ.
ප්‍රියන්ත Monday, 24 March 2025 11:11 AM
ඔහුගේ ක්‍රියා ගැන නොවුණත්, ඔහුට ‘ජාතියේ පියා’ ලෙස ඇමැතීම ගැන මට විවේචනයක් තියෙනවා...!