IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


ජිමී කාටර් සමුගනී

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි.

කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ, ප්ලේන්ස් පිහිටි සිය නිවසේ දී හිටපු ජනාධිපතිවරයා අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි.

'අප හිටපු ජනාධිපති ජිමී කාටර් සමුගත්තා' යැයි කාටර්ගේ අභාවය පිළිබඳ පළමුවෙන් දැනුම් දීමක් කළේ ධවල මන්දිරයයි. ඒ එක්ස් පණිවුඩයක් මගිනි.

පසුගිය වසර දෙකක කාලයේ ජිමී කාටර් දැඩි ලෙස රෝගී වී සිටියේය. ඒ චර්ම පිළිකා රෝගී තත්ත්වයක් නිසාය. ඔහු වැඩි කාලයක් ගත කළේ රෝහල්වලය.

ඇමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපති ලෙස කාටර් නම් කෙරුණේ පසුගිය ඔක්තෝබරයේ ඔහු 100 වැනි උපන් දිනය සමරද්දීය.

කාටර් උපන්නේ 1924 ඔක්තෝබර් පළමු වැනිදාය. ඔහු නොබෙන් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවෙකි. ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කාටර් ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයාය. කාටර්ගේ බිරිඳ රොසලීන් 2023 දී දිවියෙන් සමුගත්තාය.

CNN



අදහස් (4)

ජිමී කාටර් සමුගනී

Lankaputha Monday, 30 December 2024 05:18 AM

අපේ අයටත් ඉක්මණින්ම එම ගමන යාමට ලැබේවා...! 

:       5       5

Shelton Monday, 30 December 2024 06:11 AM

ඉතාමත්ම ඉවසිලිවන්ත, කාරුණික සාමකාමී නායකයෙක්. එතුමාගේ කාලයේ තමයි ඉරානයේ බලය ඉස්ලාම් අන්තවාදී කොමෙයින් විසින් කොල්ල කා ඉරානයේ ඇමරිකන් තානාපති කාර්‍යාලය වටලා වසරකටත් වැඩිකාලයක් කාර්‍යාල මණ්ඩල සාමාජිකයින් හිරකර සිටියේ. ඒත් එතුමා කිසිම අයුරකින් බලය පාවිච්චි කළේ නෑ. එතුමාගෙන් පසු බලයට නාහෙට අහන්නේ නැති රොනල්ඩ් රීගන් එනවත් සමගම කොමේනිගේ ත්‍රස්තවාදීන් සියලුම ඇමරිකන් තානාපති නිලධාරීන් නිදහස් කළා.

:       4       5

රුවන් Monday, 30 December 2024 06:55 AM

එහේ අය නම් ධුරෙයෙන් විශ්‍රාම ගන්නවා අපේ ඈයෝ මැරිලත් බලයට පොර කනවා.

:       4       12

ගමේ එකාලා Monday, 30 December 2024 11:01 AM

හොර පෙරකදෝරුවත් සමහර විට යයිද දන්නේ නැහැ .තමුන්ගේ නෑයිනුත් එහෙ ඉන්න එකේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

මත් කරල් සමඟ ව්‍යාපාරිකයෙක් මාට්ටු
2025 ජනවාරි මස 02 15 0

රුපියල් ලක්ෂ 40 අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි රෙදි පිළි ව්‍යාපාරිකයෙක් පිටකොටුව කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කි


තැනින් තැනට අදත් වැසි
2025 ජනවාරි මස 02 35 0

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පුංචි ඡන්ද පනත මැතිසබයට
2025 ජනවාරි මස 02 106 0

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මාතර හිරගෙදරට ගසක් වැටී රැඳවියෙක් මරුට
2025 ජනවාරි මස 02 207 0

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශයෙක් ප


අටබාගේ රෝහලටම බඹර ප්‍රහාරයක්
2025 ජනවාරි මස 02 320 0

බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍


මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 674 0

මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 344 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 185 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 170 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site