IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප්

මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.

ඩී.ජේ. නමැති 13 හැවිරිදි එම දරුවාට ජීවත් වීමට ඇත්තේ තව මාස 5 ක් යැයි වෛද්‍යවරුන් පවසා ඇත. ඩී.ජේ. පිළිකා රෝගියකු බව හඳුනා ගැනීම සිදුවී ඇත්තේ 2018 දීය.

ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව, ආරාධිතයන් ලෙස කීප දෙනකු පැමිණ සිටි අතර, ඩී.ජේ. සහ ඔහුගේ පියා ඒ අතර වූහ.  

කොංග්‍රසය අමතමින් සිටියදී ජනාධිපති ට්‍රම්ප්, රැස්ව සිටි සියලු දෙනාට ඩී.ජේ. හඳුන්වා දෙමින් කියා සිටියේ, තමන් ‘ඩී.ජේ.’ සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ නිලධාරියකු ලෙස නම් කරන බවය.

‘සීක්‍රට් සර්විස්’ යනු ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශයයි. මෙය ඩී.ජේ. ගේ මවිතයට හේතුවක් විය.

“ඩී.ජේ. මම දන්නවා ඔබ කැමැත්තෙන් ඉන්නේ පොලිස් නිලධාරියෙක් වෙන්න. ඒත් මම ඔබට ඊට වඩා බරපතල රාජකාරියක් පිරිනමන්න කැමතියි. මම ඔබ සීක්‍රට් සර්විස් නිලධාරියකු කරන්නම්. සීක්‍රට් සර්විස් නිලධාරියකුගේ රාජකාරිය පොලිස් නිලධාරියකුගේ රජකාරියට වඩා බැරෑරුම් යැයි ට්‍රම්ප් පැවැසුවේ කුඩා දරුවා ඇගයීමකට ද ලක් කරමිණි. සීක්‍රට් සර්විස් නිලධාරීන් භාවිතයට ගන්නා හැඳුනුම්පතක් ද ජේ.ඩී.ට හිමිවිය.

එම අවස්ථාවේ, ඩී.ජේ. වඩා ගෙන ඉහළට ඔසවා ගත් ඩී.ජේ. ගේ පියා ඔල්වරසන් නැගුවේය. වෛද්‍යවරුන්ට අනුව, ඩී.ජේ. ගේ මොළයේ පිළිකා රෝගී තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇති අතර, ඔහුට ජීවත්වීමට තව ඇත්තේ මාස පහක කාලයක් පමණි.
ඩී.ජේ. ජනාධිපති ආරක්ෂක අංශය හෙවත්, ‘සීක්‍රට් සර්විස්’ අංශයේ සාමාජිකයකු බවට පත් කිරීමට, ට්‍රම්ප් උපදෙස් දුන්නේ ‘සීක්‍රට් සර්විස්’ ප්‍රධානියා ලෙස කටයුතු කරන ෂෝන් කරන් ටය.

පසුගිය මැතිවරණ සමයේ, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ  ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස පෙන්සිල්වේනියා ජන රැලියක් අමතද්දී, වෙඩි ප්‍රහාරකට ලක්වුණු අතර, ට්‍රම්ප් අනූ නවයෙන් දිවි බේරා ගත්තේය. 

එම අවස්ථාවේ, ට්‍රම්ප් බදා ගෙන, වෙඩික්කරුගෙන් ට්‍රම්ප් ආරක්ෂා කළ එක් සීක්‍රට් සර්විස් ආරක්ෂක නිලධාරියකු වූයේ ෂෝන් කරන් ය. 

ජනපති ධුරයට පත් වීමෙන් පසු සීක්‍රට් සර්විස් ප්‍රධානියා ලෙස ෂෝන් කරන්ගේ නම යෝජනා කළ අතර, ඊට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.



අදහස් (0)

ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

දියත

කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි
2025 මාර්තු මස 06 0 0

වෙළඳපොලේ විකිණීමට ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පි


හිටපු ඇමති මර්වින් රිමාන්ඩ්
2025 මාර්තු මස 06 15 0

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප


උප්පැන්නයක් ගන්න ඇවිත් යකා නටලා
2025 මාර්තු මස 06 1436 2

හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී


පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න
2025 මාර්තු මස 06 412 0

පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 326 1

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


බොරු කියන වෙබ් අඩවි නියාමනයකට
2025 මාර්තු මස 06 1193 13

අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 145 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 480 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 547 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site