(රංජිත් රාජපක්ෂ)
සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා අද (15) නියම කලේය.
මෙරටට ආවේනික දුම්බර අං කටුස්සන්, පලා කටුස්සන්, ඇහැටුල්ලන්, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් රැස් කිරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමෙන්තුව එක් විත්තිකරුවකුට චෝදනා 1067 බැගින් ගොනු කළ චෝදනා 2134කට වරද පිළිගත් රුසියානු සිසුන් දෙදෙනාට එලෙස දඩ නියම කළ මහෙස්ත්‍රාත්වරයා සම්පුර්ණ දඩ මුදල් ගෙවනතුරු විත්තිකාර රුසියානුවන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගත්තේය.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) නමැත්තන්ටය.
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්
පාඨකයෙක් Tuesday, 15 October 2024 07:21 PM
අගනා තීන්දුවකි! මීට මාස දෙකකට පමණ පෙර ඉතාලි ජාතිකයන් දෙදෙනෙකුට එරෙහිවත් මෙවැනි වරදකට ඉහළ දඩ මුදලක් ගෙවීමට නියම කර තිබුණු අතර, එය විදෙස් ජන මාධ්‍යවල ද පළ කර තිබුණි. මෙවැනි හොරුන් මෙරටට පැමිණීම වැළැක්වීමට අපගේ විදේශ තානාපති කාර්යාලව ද සහාය ලබාගත යුතුයි...
de silva berlin Tuesday, 15 October 2024 07:38 PM
දඩ පමණක් නියම කරලා මදි... පාඩමක් ඉගෙන ගන්නත් එක්ක වසර 10ක් පමණ හිරේ දමන්න... අපේ ලංකාවේ මිනිහෙක් රුසියාවේ ගිහින් මේ වැඩේ කරා නම් අනිවාර්යයෙන් හිරේ දමනවා.