(මනෝප්‍රිය ගුණසේකර)
නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (01) නියෝග කළේය.
රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10ක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇප මත විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මුදාහැරීමට නියෝග කරමින් වරෙන්තුව ආපසු කැඳවු විනිසුරුවරයා නඩුව විභාග කරන 2025 ජනවාරි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.
වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පසුගිය 23 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වරෙන්තු නිකුත් කර තිබිණී.
නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඔහුගේ නීතීඥවරු මෝෂමක් මාර්ගයෙන් ඉල්ලා තිබිණී.
ඒ අනුව 2014 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2014ජනවාරී මස පළමුවැනිදා සිට 2014 දෙසැම්බර් 31 වැනිදා අතර කාලයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම පවරා ඇති නඩුව යළි කැඳවිණී.
ඒ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් නඩුවකදී දුන් ප්‍රතිඥාවකට අනුව ප්‍රකාශයක් දීමට තම සේවාදාකයා පසුගිය දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටීම හේතූවෙන් තම සේවාදාකයාට මෙම අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වු බව දැනුම් දුන්නේය.
කෙසේ නමුතත් තම සේවාදායකයාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවීමට නියම කරන්නැයි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලමෙන් අනතතුරුව විත්තිකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට අමතර ඇපයක් නියම කළේය.
නඩුව යළි කැඳවීමට නියම කර ඇති ලබන වසරේ ජනවාරී 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විත්තිකරුට වැඩිදරටත් නියම කළේය.
මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගො
නොවැම්බර් මස අග භාගයේදී තවත් විදේශ ගමන් බලපත්‍ර 100,000ක් ද දෙසැම්බර් මාසයේදී තවත් ගමන් බලපත්‍ර 150,000ක පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය.
ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇත.
නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිස
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජොන්ස්ටන්ට ඇප