IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ජී.එල්.පීරිස් සතුටින්

( තිළිණි ද සිල්වා )

වසර හයකට පසු නැවත විදේශ අමාත්‍යාංශයට පැමිණීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බව නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

නව විදේශ අමාත්‍යවරයා  විදේශ අමාත්‍යාංශයේදී රාජකාරී බාර ගැනීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතා මේ බව පැවසීය. නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්  සහ  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහත්වරුන් දෙපලම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ද හමු වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ ගතවූ වසර දෙක තුළ දී විදේශ අමාත්‍යාංශයට ලබා දුන් නායකත්වය වෙනුවෙන්  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශිෂ්ඨ බවත් ,විදේශ අමාත්‍යාංශයේ සියලු කටයුතුවල දී, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ආවේනික ආත්ම ගෞරවය හා කීර්තිය අනතුරට පත් නොවන ආකාරයෙන් කටයුතු කළ බවය.

බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මෙම අවස්ථාවේ දී නව අමාත්‍යවරයාට  ආශීර්වාද කළහ.



අදහස් (11)

ජී.එල්.පීරිස් සතුටින්

සිරිබිරිස් Thursday, 19 August 2021 10:02 AM

අත්සන් කරන කොට වැඳ ගෙන ඉන්නේ කවුද ?

:       0       9

nihal Thursday, 19 August 2021 10:38 AM

එදා සිටම අපේ රට ආපස්සට අරන් ගිය එකටත් සතුටුද .මහජන මුදලින් පඩි ලබමින් අපේ රට අගාදයට අරන් එවුන්ට සාප වේවා

:       0       24

Chandima Thursday, 19 August 2021 01:17 PM

ඔය වෙන රටවල් එක්ක අපේ රටට බලපාන ගිවිසුම් වලට අත්සන් කරන කොට හොඳට ඉංග්‍රීසි භාෂාව දන්නා කෙනෙකුට කියල බලවා ගෙන හරියට ෂුවර් නම් විතරක් අත්සන් කරන්න හිතට ගන්න කියල මම මේ වෙලාවේ ඔන්න කල් ඇතුවම කිව්වා. අර මතකනේ බැන්කින් මුන් ගේ ලියුමට ඕකේ රයිට් කියලා ලියලා අත්සන් කරවල යුද අපරාද චෝදනා ලෙඩකට මේ රට ඇදල දැම්මා . මිනිස්සු දන්නේ නැහැ කියල හිතන්න එපා.

:       0       16

මුණසිංහ Thursday, 19 August 2021 01:23 PM

ගුරුවරු ඉහ වහා ගිය සතුටින් ඉන්නව ලු දැන් . ඒ විතරක්ම නෙවෙයි අමාත්‍යාංශ නිලධාරීන් ද සතුටින් ලු.

:       0       18

Rata Perata Thursday, 19 August 2021 01:48 PM

මුන් ඔක්කොම කොහොමත් සතුටින් තමයි ඉන්නේ. රටේ අනිත් ජනතාවට තමයි ඔක්කොම දුක්.

:       0       19

fairoos Thursday, 19 August 2021 02:30 PM

අධ්‍යාපනේ හිටපු කාලේ මොනවද රටට කලේ ?පින් පඩි තමයි

:       0       13

sam Thursday, 19 August 2021 05:08 PM

කාලයක් එජාපයේ ඉඳන් රට කෑවා. එහෙට මෙහෙට පැන පැන පිස්සු නටනවා.

:       0       1

ගමරාළ Thursday, 19 August 2021 06:00 PM

1988 ට පෙර කාලයේ සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ පැරණි තනතුරට යැව්වොත් මෙයටත් වඩා කොතරම් සතුටුවේද.

:       0       1

රට සවාරි Thursday, 19 August 2021 06:47 PM

වැඩ පුලුවන් මහාචාර්යවරයෙක් බව පෙන්නෙ නෑ. රට නියෝජනය කරන විදේශ ඇමති කෙනෙකුට මීට වඩා පණ ඇතුව කථා කිරීමට වගේම පෞරුෂයක් තිබිය යුතුයි. රට සවාරිවලට කැමති බව පෙනුනත් අප රටේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සදහා ශිෂ්‍යත්ව සහ ශ්‍රම බලකායට විදේශ රැකියා අවස්ථා වැනි දේ වගේම රටට වාසිවන දේ කථා කිරීම මේ අයගෙ වැඩ සටහන්වල ඇත්තෙම නෑ. ඉන්දියන්, නේපාල් වැනි අවට රටවල සිසුන්ට ඔස්ට්‍රේලියාව සහ බටහිර බොහෝ රටවලින් ලැබෙන සිසු සහන අපේ අයට නැති බව දැනුවත් අය දන්නවා. අපේ අය වැඩක් කරගන්නෙ ස්ව උත්සාහයෙන්.

:       0       2

විපරමා Thursday, 19 August 2021 07:07 PM

මෙයා ඇමරිකාවට ආපු වෙලේ අහපු ප්‍රශ්න වලට උත්තර දීගන්ඩ බැරුව පැනලා ගියා කියලා කියනවා.

:       0       1

Jagath Santha Arachchi kittuwa. Thursday, 19 August 2021 08:41 PM

ඇති යාන්තම්, අධ්‍යාපනය, අධ්‍යයනය කියන වචන දෙකේ තේරුම හරි ඉගෙන ගන්නද? ලෝකෙවටේ රවුම්ගහන්න ඉඩ ඇරපු එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 4 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 253 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 318 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1107 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1044 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 467 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site