IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජා.ජ.බට ප්‍රධාන අභියෝග දෙකක්

 

(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගය ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවත් ඉන් පළමු වැන්න බලය ලබාගැනීම ද, දෙවැන්න බලය ලබාගත් පසුව රට ගොඩනැගීම බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවේදී අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිවයි. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව  සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.

අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. 

ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්,  නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා” යැයි ඒ මහතා කීය. 



අදහස් (15)

ජා.ජ.බට ප්‍රධාන අභියෝග දෙකක්

Kumara Tuesday, 27 February 2024 01:47 PM

නිසැක වශයෙන්ම ඊළඟ මැතිවරණයේදී ජනතාව මාලිමාව ජයග්‍රහණය කරවනවා...!

:       144       37

sisiraTuesday, 27 February 2024 08:32 PM

ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ බව සත්‍යයකි. එසේ වුවත් රටේ පවතින ගැටළු නැවත නැවත පුරවැසියන්ට පැවසීමෙන් ඵලක් නොමැත. අවශ්‍ය වන්නේ විසඳුම් පමණි... සහ ඔබලාගේ දේශපාලන රැස්වීම වෙත පැමිණෙන කාන්තාවන්ට ඔබලා බලයට පැමිණියහොත් ඔවුන් වෙනුවෙන් කරන්නා වූ පළමු කටයුත්ත කුමක්ද?

:       1       3

Chandana Tuesday, 27 February 2024 01:48 PM

මාලිමාවට ජය​...!

:       91       34

Nissanaka Tuesday, 27 February 2024 01:50 PM

ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය ස්ථිරයි..

:       71       31

Manjula Pradeep Tuesday, 27 February 2024 02:28 PM

මම දකින ජාජාබයට තියෙන අභියෝග දෙක වන්නේ ඉදිරියේදී අනෙකුත් දේශපාලන පක්ෂ තම ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළ පසු බොරුවෙන් සකස් කරගත් ජන බලවේගය පිරිහීගෙන යනකොට සුපුරුදු ප්‍රචණ්ඩත්වයට තමයි පාක්ෂිකයින් යෑම වළක්වා ගැනීමත් අහඹුවකින් හෝ බලය ලැබුණොත් මාස හයක්වත් තම පාලනය කරන්න යෑමයි...

:       38       127

නිමල් Tuesday, 27 February 2024 03:08 PM

බලය ලබාගැනීම නම් අතීතයේ කරපු විදියට කාට හරි මුක්කුවක් ගහලා බැරියෑ. ඒත් කවදාවත් රැකියාවක් ව්‍යාපාරයක් කරලා නැතිව රට සංවර්ධනය නම් අමාරුයි නේද? ඒකටත් ඉතින් මොනවා හරි කියමු කට උල්කරලා අර ඉන්දියාවට ගිහින් ඇවිත් කළා වගේ, හරිද...?

:       43       74

dumindaTuesday, 27 February 2024 04:11 PM

ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න, ජීවන වියදම, දූෂණය නිසා රට බංකොළොත් වීම, අධික බදුබර විරැකියාව... ඒ වුණාට කතා කරන්නේ ලපයක් ගැන... කට උල්ද? රවුම්ද? මෙහෙමත් ගොන් රැළක්...!

:       57       22

BuddikaTuesday, 27 February 2024 04:33 PM

හරියටම හරි මේක. ඕනෑම දේකට පළපුරුද්දක් ඕනෑ. දැන් මහා ලොකු වියත් මගක් එක්ක ගෝඨාභය ආවේ. මහාචර්‍යවරු හිටියා. ඒත් පළපුරුද්ද උගැන්වීමට විතරයි. හමුදාවේ ඉහළ අය හිටියා. ඒත් ඔවුන් කළේ යුද්ධය. කතාවට මොවුන් අති දක්ෂ වුණත් බල්ටි නැති විසිල්වලින් වැඩක් නෑ...

:       11       35

Prabha Tuesday, 27 February 2024 03:23 PM

2005 ආණ්ඩුව බිහිවුණේ ත්‍රස්තවාදයට එරෙහිව මිස දෙමළ ජනතාවට විරුද්ධව නොවේ.

:       16       83

Janath Tuesday, 27 February 2024 03:42 PM

මෙවැනි කතා ඕනෑතරම් ඉතිහාසය පුරාම අපි ඇහුවා. ඒ කියපු මිනිස්සු බලයටත් ආව. ඒත් කිව්ව දේවල් කළේ නෑ. කතාවට සහ විවේචනයට jvp එක උපන් හපන්නු. ඒත් ක්‍රියාව කතාවට වඩා හාත්පසින්ම වෙනස්... ජාතික ආදායමෙන් 90% වඩා ගත් ණයට පොලිය ගෙවන රටක් මේක... මේ කියන දේවල් කොතෙක් දුරට ප්‍රායෝගිකද? ඒවා කළහැකි පිරිසක් අනුර කුමාර වටා නෑ. 88,89 අපිට අද වගේ මතකයි. කොහොමද විශ්වාස කරන්නේ? දැන් මේක කිව්වාම jvp මිනිස්සු මට බනී. ඒත් යථාර්ථය ඒක නේද? ගෝඨාභය ගැන කිව්වේත් යුද්ධය දිනපු, නගර සංවර්ධනය කරපු වුර්තීය වැඩ්ඩෙක් කියලා. අද වගේම රැස්වීම්වල එයාට සෙනඟ හිටියා. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්ට සමාන කළේ. දින්නාම තාප්පවල චිත්‍ර ඇන්දා.... ඒත් අන්තිමට රටම කෑවා. අනුන්ගේ අදහස් දැඩිව හෙලා දකින, තමන් විතරක් හරි කියන මිනිස්සු ඉන්නේ මෙයාලාගේ. මේ නිසා මෙය සිය වාරයක් සිතා බැලිය යුතුයි. නිරුවත් උඩුකය සහිත කාන්තා පෙලපාලි, ගණිකා වෘත්තිය නීතිගත කිරීමත් මෙයාලාගේ ප්‍රතිපත්ති... වේදිකාවක මිනිස්සුන්ගේ චියර් එකට කියන කතාවලට වඩා රටක් පාලනය කිරීම වෙනස්...!

:       25       82

Nimal Kapurubandara Tuesday, 27 February 2024 04:45 PM

ඔව්, අනුරට මුකුත්ම නෑ කියමු. ඒත් ඔහුට එකතුවෙලා ඉන්න දොස්තර, ඉංජිනේරු, නීතීඥ, අධිනීතිඥ, ආචාර්ය, මහාචාර්ය, කර්නල්, මේජර් රොත්තට අනිත් කිසිම පක්ෂයකට නැති ගැම්මක් තියෙනවා නේද? ඒ සම්බන්ධ වූ අය ස්වෙච්ඡාවෙන් වැඩ කරන අය... රට ගොඩගන්න. ඒ නිසා බිය නොවන්න...!

:       65       19

Manjula Pradeep Tuesday, 27 February 2024 05:41 PM

අතීතය පොඩ්ඩක් හොයලා බැලුවොත් ජවිපේ ඔය වගේ පූට්ටු කීයක් හැදුවාද? මුලින්ම අසූඅට, අසූනවය කාලේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කියලා එකක් අටෝගෙන අහිංසක රටට ආදරය ඇති කොල්ලෝ ටිකක් මරලා බේරුණා. ඊළඟට ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ කියලා එකක් සූරියප්පෙරුම එක්ක හදාගෙන ගලප්පත්ති පාර්ලිමේන්තුවට යැව්වා සූරියප්පෙරුම අනාතයි. ඊළඟට මහින්ද එක්ක එකතු වෙලා සෙට් එකක් පාර්ලිමේන්තුවට ගත්තා ඊළඟට සරත් ෆොන්සේකා අර්ජුන එක්ක එකතුවෙලා තමන්ගේ සෙට් එකක් පාර්ලිමේන්තුවට යවා ගත්තා. ඊළඟට ආයෙත් බුද්ධිමතුන් කියලා පිරිසක් ජාතික ලැයිස්තුවට දාගෙන පාර්ලිමේන්තු එන්න බැරි වුණාම අයින් කරලා පාර්ලිමේන්තුවට ආවා. ඒ වගේම මෙවරත් ජේවීපී එක ඉතිරිවේවි... අනිත් අයව නැතිවේවි අනිත් එක බලය ගන්න මේ තරම් විනාශයක් කරපු හා මේ බලය රැක ගන්න විශ්ව විද්‍යාල ඇතුළත පවත්වපු භීෂණය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට අපි දන්නවා. ඒ අනුව තමන්ට බලය ලැබුණොත් ඒ බලය පාවිච්චි කරන හැටි හා බලය නැතිවෙන්න යනකොට එය රැකගන්න කොතරම් විනාශයක් කරයිද කියලා අපිට හිතාගන්න පුළුවන්...

:       15       68

BuddikaTuesday, 27 February 2024 06:51 PM

ඔය කියන ආචාර්‍ය මහාචාර්යවරුන් ගොටභයටත් හිටියා. කෝ කළාද? හමුදාවේ යුද්ධයට ඉදිරි පෙළින්ම දායක වූ කමල් ගුණරත්නත් හිටියා. කෝ කළාද? නෑ. යුද්දෙදි අරුණ ජයසේකරගේ නමවත් අහලා නෑ. ඔය අද jvp ඉන්න මිනිස්සු ආචාර්‍යවරු උගැන්වීමට දක්ෂ ඇති. ඒත් රටක පාලනයක් ඒ මිනිස්සුන්ට දුන්නොත් මේ රටට දෙයියන්ගෙම පිහිටයි. රටක ආර්ථිකය හසුරවනවා කියන්නේ ස්ටේජ්වල උගුර කඩාගෙන කෑගහනවාට වඩා ගොඩක් වෙනස් දෙයක්. ගත්තු ණය ගෙවන්නේ නෑ කිව්වේ ඒ නායකයෙක්මනේ. ආර්ථිකය ගැන අබමල් රේණුවක් දන්නා‍ කෙනෙක් නොකියන කතාවක්. මේ රට අදටත් ජාත්‍යන්තරව යැපෙන රටක්... ලොකයේ මිනිස්සු තරහ කරගෙන මේ රට ගොඩගන්න බැහැ...

:       10       41

Lalla Tuesday, 27 February 2024 05:44 PM

තරහ නොවී ලොකු වැඩ කතා නොකර දිනලා ඉන්න.. වෙබ් පිටුවට ජනපති නොවී සැබෑ ජනපති වෙන විදියට කටයුතුවල යෙදෙන්න..

:       11       49

මනස් කාන්ත Tuesday, 27 February 2024 10:50 PM

දෙක නෙමේ තුනයි. ඒක තමයි අර සෝමවංශ අමරසිංහට මෙයා කළදේම මෙයාටත් තව කවුරු හරි කරන එක...!

:       4       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 294 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 934 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1777 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6341 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1853 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site