IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘ජා.ජ.බ‘‘ සුළඟ නුගේගොඩින් ඇරැඹෙයි

(මුදිතා දයානන්ද)

"74 වසර ශාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු " ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන බල විරෝධතාවය මේ වන විට නුගේගොඩ නගරයේ දී පැවැත්වෙයි.

දෙල්කද මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගයේ සිට නුගේගොඩ මංසන්ධිය, ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ විරෝධතා පෙළපාළියෙන් ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයධ දක්වා පැමිණ මෙම රැළිය පැවැත්වේ.

ඉන්ධන මිල අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, ලයිට් නැතෙ තෙලුත් නැතේ, ගෑස් නැතේ පිටියක් නැතේ, මීට වඩා ඉවසනු බැහැ,රට හදන්න වරෙව් පුතේ යනාදී සටන් පාඨ කියමින් මෙම විරෝධතා පෙළපාලිය ගමන් කරනු ලැබිණ.

විරෝධතා පෙළපාලිය නිසා හයිලෙවල් මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් දැඩි රථවාහන තදබදයක් පැවතිණ.

ජන රැළියට පැමිණි ජනතාවගෙන් නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ සිට කෝට්ටේ පාර නාවල පාර දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසි ගිය අතර රථ වාහන සදහා විකල්ප මාර්ග භාවිතා කරන්නට සිදුවිය.

මෙම පෙළපාලියට හා රැළියට ජාතික ජනබලවේගයේ නායක අනූර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ව ඇතුලු නායක නායිකාවෝ විශාල පිරිසක් එක්ව සිටිති.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (35)

‘‘ජා.ජ.බ‘‘ සුළඟ නුගේගොඩින් ඇරැඹෙයි

Bamunuarachchi Wednesday, 23 March 2022 06:31 PM

ජනතාව මහ ජෙප්පන්ගෙන් අහන්නේ නැද්ද? ජෙප්පන්ට පුළුවන්ද රැකියා සපයන්න... ජෙප්පන්ට පුළුවන්ද රටට ඩොලර් සපයන්න..? ජෙප්පන්ට පුළුවන්ද රටට ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ ගෙන එන්න? ජෙප්පෝ බලයට ආවා කියලා අපිට තෙල් ලැබෙනවාද? අපිට පිටි ලැබෙනවද? බැහැ... එහෙනම් මේ අය මොකටද පෙළපාලි යන්නේ? මේ අයගේ මේ උද්ඝෝෂණ දකින ව්‍යාපාරිකයින්, ආයෝජකයින් මෙරටට ඒවිද? අපේ මිනිස්සු ව්‍යාපාර පටන් ගනීවිද? ඒවාටයි උත්තර ඕනේ. රට වටේ කෑගැහුවා කියලා අපි මොවුන්ට ඡන්දේ දෙන්නේ නැහැ. මේවා මෝඩ වැඩ...!

:       194       61

සෙනවිWednesday, 23 March 2022 07:24 PM

පිටරටක ඉඳගෙන වහසි බස් දොඩවන්න එපා. ඇවිත් බලනවද අපි විඳින දුක? ආත්මාර්ථකාමී, නරුම, මෝඩ අදහස් වලට රැවටී හමාරයි...

:       33       165

BamunuarachchiThursday, 24 March 2022 09:59 AM

මොකක්ද හලෝ ඔය ගොබ්බ කතාව? ඇත්ත කතාකරන්න ලංකාවේ ඉන්න ඕනේද? මම ඉන්න රට ගැන ප්‍රශ්න කරන්න එපා.. මම අහලා තිබෙන ප්‍රශ්නවලට උත්තර ජෙප්පන්ට තිබෙනවාද කියන්න. වහසිබස් කියන එකේ තේරුම දන්නවාද? වහසිබස් කියන්නේ ජෙප්පෝ.. නුඹලාට බැහැ. අපි ආවොත් කරනවා කියන වහසිබස් දොඩන්නේ ජෙප්පෝ... මම කරන්නේ ජෙප්පන්ගේ වහසිබස් ප්‍රශ්න කරන එකයි. තේරුණාද?

:       12       5

p pereraFriday, 25 March 2022 02:24 AM

සහෝදරයා ඔබට ඔබේ අදහස් පළ කිරීමේ අයිතිය මම පිළිගන්නවා සහ ගරු කරනවා. ඒත් ඔබට නොතේරෙන දේ තමයි, එහෙමත් නැත්නම් ඔබ නොසලකා හරින දේ තමයි, මේ බමුණුආරච්චි කියන්නේ කුලී ලියන්නෙක් කියන වග. මොහුට ගතමනා ලැබෙන්නේ, මොහු ජවිපෙට බනින ප්‍රමාණය අනුවයි. ඉතින් අනේ අසරණයාට කීයක් හරි හම්බ කර ගන්න ඉඩදෙන්න. මොකද මේ මොහු කියන සෑම කරුණුකම ඇත්තේ ජවිප පිළිබඳව වෛරය විතරයි... මේ බමුණා දඟලන්නේ, හමන සුළඟ මකුළු දැලෙන් නවතන්නයි, ළඟදීම ඔහු තේරුම් ගනීවි එය එසේ කළ නොහැකි බව...

:       2       9

BamunuarachchiSaturday, 26 March 2022 07:20 AM

එහෙනම් මටත් මගේ අදහස් පල කිරීමේ අයිතියක් තිබෙනවා. ඉංග්‍රීසියෙන් මෙහෙම කියමනක් තිබෙනවා. ඉන්ටෙලිජන්ට් පිපල් ටෝක් අයිඩියාස්, ඇවරේජ් මයින්ඩ් ඩිස්කස් ඉවෙන්ට්ස්, ස්මෝල් මයින්ඩ්ස් ඩිස්කස් පීපල්... බුද්ධිමත් මිනිස්සු අදහස් ගැන කතා කරනවා. සාමාන්‍ය බුද්ධිය ඇත්තා සිදුවීම් ගැන කතා කරනවා. මෝඩයින් මිනිස්සු ගැන කතා කරනවා කියලා... ඔහේ බුද්ධිමත් නම් මාව නොවෙයි මගේ අදහස් විවේචනය කරන්න...

:       3       0

senaWednesday, 23 March 2022 07:41 PM

දැන් ඉන්න කට්ටිය ඔය ලැයිස්තුවේ මොනවද කරලා තියෙන්නේ?

:       14       139

Hafeel Thursday, 24 March 2022 08:36 AM

සේන, ඔබ හරියට හරි. මේ බමුණු වීදුරු මාලිගාවේ ඉඳන් ගල් ගහනවා. දැන් ඉන්න පාලකයින් ඔය ලැයිස්තුවේ තියන සේරම දැනටමත් නැත්තටම නැති කරලා අවසන්. ඉතින් ලැජ්ජා නැතුව ජ වි පෙ ට අභියෝග කරනවා.

:       2       7

SLThursday, 24 March 2022 08:52 AM

හා මේ ඉන්නේ දවස් 365ම වුණත් විරෝධතා තියන්න පුළුවන් නාමල් කුමාර, ගුරු සංගම් කාරයින් ටික. අම්මෝ... කොහොමද ඉතින් සියලුම දරුවන්ට නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දීලා, ඒ සියල්ලම රජයේ සේවයට එක් කරගෙන, අවුරුද්දෙන් අවුරුද්ද පඩි වැඩි කරලා, ගොවීන් ගෙන් වී කිලෝව 150ට අරගෙන හාල් කිලෝව 140ට දීලා රට ගොඩදාන්න පුළුවන් අයියලා ටික...!

:       2       2

BamunuarachchiThursday, 24 March 2022 10:06 AM

හලෝ දැන් කට්ටියට බැරි නිසානේ ජෙප්පන්ට බලය දෙන්න හදන්නේ..., ජෙප්පෝ කොහොමද මොවුන්ට බැරි ඩොලර් හොයන්නේ, රැකියාවල් දෙන්නේ, ආයෝජකයින් ගෙනෙන්නේ? ඔය ප්‍රශ්න ටික ඔබ ඔබෙන්ම අහන්න. දැන් ඉන්න ලොක්කා මේ ආර්ථිකය කඩාවැටීමට මේ අවුරුදු දෙකට කළ වින්නැහියක් නැහැ. කළා නම් කියන්න. ඔබ දන්නවා නේද නිධන් ගත රෝග තිබෙන කෙනෙකුට කොරෝනා වැළඳුණොත් ඒ තැනැත්තා නැතිවෙන බව... කොරෝනාව නිසා අපේ නිධන්ගත රෝගී ආර්ථියත් නැත්තටම කඩා වැටුණා. මේක 1977 සිටම වැටුණු ආර්ථිකයේ අන්තිම කඩා වැටීම. මේකට 1977 සිට පාලනය කළ සෑම දේශපාලුවාම වගකිව යුතුයි. විශේෂයෙන් ජෙප්පෝ වගකිව යුතුයි. ජෙප්පෝ විදේශීය ආයෝජකයෝ පන්නා දැමුවේ නැතිනම් මරා දැම්මේ නැතිනම් විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට වටිනා ප්‍රයෝජන ගන්න තිබුණා. අපි ඇත්ත කතාකරමු. තමන්ව රවටා ගන්න එපා.

:       21       8

ලංකාවේ රට වැසියWednesday, 23 March 2022 09:58 PM

අයියෝ බමුණුආරච්චි ඔයා තාමත් ඉන්නේ බමුණන් හිටපු කාලයේ නේද? ඔයා ලංකාවේ කෙනෙක් නම් වෙන්න බැහැ...!

:       1       3

BamunuarachchiSaturday, 26 March 2022 07:38 AM

බමුණු ආරච්චිගේ යුගය ගැන කතා කරන්න එපා... බමුණුආරච්චි අහලා තිබෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න. ජෙප්පෝ ගාව උත්තර තිබෙනවද? ජෙප්පෝ කොහොමද ඩොලර් හොයන්නේ...? ජෙප්පෝ කොහොමද රැකියා දෙන්නේ? ජෙප්පෝ කොහෙන්ද ආයෝජකයෝ ගෙනෙන්නේ? ජෙප්පන්ගේ පාලන ක්‍රමය කොමියුනිස්ද? ප්‍රජාතන්ත්‍රවාදීද? මේවාට ඔබ ළඟ උත්තර තිබෙනවද? උත්තර නැතුවද? නලාකාරයා පස්සේ යන මීයන් වගේ අනුර පස්සේ යන්නේ?

:       3       1

උපාලි වනිගසේකරWednesday, 23 March 2022 10:04 PM

මේ රටේ බහුතරය කාලයක් ඔයා වගේ හිතුවා..! ඒ අය තමයි දැන් මේ රැලිවලට එන්නේ.., ඔයා වගේ අයත් රටේ සිටිය යුතුයි, ඒක අනිත් අයට දිරියක්...!

:       1       3

NMThursday, 24 March 2022 06:50 AM

මෙතෙක් කලක් නුගේගොඩින් ආරම්භ කළා වූ සෑම සියලු සුළං අවසාන වුයේ රටට සහ ජනතාවට අමතක නොවන ඛේදවාචකයන් ඉතිරි කරමිනි. වර්තමානය සහ ඉතිහාසය එයට සාක්ෂි දරයි...!

:       1       4

janahithaThursday, 24 March 2022 09:04 AM

ඕකට උත්තරේ රාජපක්ෂලා ගාව තියෙනවා.

:       0       2

සෙනෙවිරත්න Thursday, 24 March 2022 01:41 PM

ඔය ප්‍රශ්නය දැන් ඉන්න අයගෙන් අහලා උත්තරේ අපටත් කියන්නකෝ...! පස්⁣සෙ ජෙප්පන්ගේ වැඩ බලමු.

:       8       7

විජේපාලFriday, 25 March 2022 07:46 AM

ගල් බමුණා ජෙප්පන්ට පමණක් දොස් කියනවා. 1987-1989 කාලයේ ජෙප්පො පිට තියලා එකල විපක්ෂයේ එවුනුත් විනාශ කිරීම්, මිනීමැරීම් කළා අපි නොකිව්වත්... බමුණු දන්නවා ඇති උන්දැලා ඒ කාලේ කලේ මොනවද කියලා..!

:       0       4

BamunuarachchiSaturday, 26 March 2022 07:30 AM

හලෝ 1971 කැරැල්ල ගැන මට කියලා දෙන්න එපා. කැරැල්ල 1971 අප්‍රේල් 5 වෙනිදා... මම ගිය බස් එක වරකාපොළ නැවැත්තුවා. මම දැක්කා වම්බටු මල්ලක් බිම හැලිලාවගේ හැමතැනම මියගිහින් හිටියා පොලිසියේ නිලධාරීන්...

:       1       1

NuwanSaturday, 26 March 2022 08:50 AM

ජවිපෙ ආණ්ඩුවක් යටතේ බදු ඉහළ නංවනවා. ආණ්ඩුවේ වියදම් අඩුකරන්න රාජ්‍ය සේවකයින්ට කලින් විශ්‍රාම යන්න අවස්ථාව දෙනවා. නිෂ්පාදනය ඉහළ නංවන්න ත්‍රිකුණාමලයේ උක් වවලා සීනි නිෂ්පාදනය කරනවා...

:       0       0

කිරි පුතා Wednesday, 23 March 2022 06:41 PM

කාලකන්නි ටික⁣ට වෙන වැඩක් නෑනේ.

:       159       42

සෙනවිWednesday, 23 March 2022 07:21 PM

ආත්මාර්ථකාමී අන්දමට හැසිරීම ගැන කණගාටුයි..

:       16       123

BamunuarachchiThursday, 24 March 2022 10:11 AM

එතකොට ඔබ හැසිරෙන්නේ ආත්මාර්ථකාමී විදිහට නොවෙයිද? ජෙප්පන් අනුන්ගේ වැරැදි පෙන්වීම තමන් හරියි කියා ගැන්මක් නේද? අපි අහන ප්‍රශ්නවලට උත්තර දීම ප්‍රමාණවත්... ජෙප්පෝ කොහොමද මොවුන්ට බැරි ඩොලර් හොයන්නේ, රැකියාවල් දෙන්නේ, ආයෝජකයෝ ගෙනෙන්නේ? ඔය ප්‍රශ්න ටික ඔබ ඔබෙන්ම අහන්න.

:       11       8

BamunuarachchiThursday, 24 March 2022 10:12 AM

කියලා වැඩක් නැහැ... මලයා... ජෙප්පෝ කියන්නේ රටම කාපු ටිකක්...

:       16       7

siri Wednesday, 23 March 2022 07:06 PM

කෝ විදුලිය විසන්ධි වුනේ නෑනේ...?

:       48       18

මැක්ස් Wednesday, 23 March 2022 07:18 PM

ඊළඟ පාර අපිත් ජන බලේට. වෙන මොකටවත් නෙවෙයි, විශ්ව විද්‍යාල කාරයින් නිදහස් අධ්‍යාපනය සුරකින හැටි බලන්න,.. විදේශ ආයෝජන එපා කියන අය ඒ විදිහටම කරන හැටි බලන්න, වැඩ වර්ජනකාරයින් නැතුව රට යන හැටි බලන්න, ඩොලර් ගේන හැටි බලන්න, වැටුප් වැඩි කරන හැටි බලන්න, කොයිදේටත් විරුද්ධ වෙන අයියලා වැඩ කරන හැටි බලන්න, වනාන්තර සුරකින හැටි බලන්න, හොරු අල්ලන හැටි බලන්න, සමාජවාදෙන් රට සුරපුරයක් කරන හැටි බලන්න. ජයවේවා...!

:       73       54

හේමන්ත Wednesday, 23 March 2022 10:06 PM

බයි ලොජික් එකෙන් ඈත් වෙන්න කාලය එළඹ ඇත...!

:       0       2

JayasekaraSaturday, 26 March 2022 09:39 AM

හම්මේ... ඒ කතාව නම් සහතික ඇත්ත. ඊළඟ විකල්පය මේ ගොල්ලෝ වුණාට .. ආවට පස්සේ අර කැම්පස් රථ බලකායට මොනවා වෙයිද දන්නේ නැහැ නේද? අර ස්ටාලින්ට එතකොට පඩි ඇති වෙයි මගෙ හිතේ... මමත් ආසයි මේ ගොල්ලෝ ඇවිල්ලා ඒවට මොනවා කරයිද කියලා බලන්න. ශුවර් එකටම රතු වැඩ වර්ජන නැතිවෙයි.

:       0       0

SUNIL MILANO Wednesday, 23 March 2022 07:40 PM

මේ අයට මුලු ලංකාවේම ඉන්නේ දෙලක්ෂ පනස් දහසක් විතර තමයි. ඒකෙනුත් දැන් හැලිලා... මේ ජෙප්පන්ට කිසිම දැක්මක් නැහැ. බොරු පුරාජේරු විතරයි.

:       142       54

gunarathnaThursday, 24 March 2022 07:47 AM

ඔයා කොළඹනේ... හෙට නුවර තිබ්බත් ඔය කට්ටියම තමයි යන්නේ. අනිද්දාට ගාල්ලේ තිබ්බොත් ඔය කට්ටියම තමයි යන්නේ. ඡන්දෙ තිබ්බ දවසට ඡන්දෙ දෙන්නෙත් ඔය ටිකම තමයි. ඒකනේ 3% ට බැහැලා ඉන්නේ...!

:       3       2

hesaSaturday, 26 March 2022 06:47 PM

හරියට හරි.. ඒ 3% සෙට් එකෙනුත් පනස්දාහක් විතර තමයි රට වටේ යන්නේ.. ජවිපෙ හිතන්නේ රට අගාධයට වැටිලා තියෙන එක මේ වෙලාවේ එයාලාට වාසියක් කියලා.. මොකද 3 වැනි ලෝකයේ රටවල අද තත්ත්වය නොදැනද.. අකුදි රඟන්නේ හරියට මැතිවරණයෙන් ජය ලැබුණු ඡනපති ස්ටයිල් එකෙන්. ලැජ්ජා වෙන්න ඕනෑ කරන මේ බොරුවලට...!

:       0       0

සෙනෙවිරත්න Thursday, 24 March 2022 01:42 PM

ඇත්තද? අනිත් සේරම පෝලිම්වල ඇවිත් බලන්නකෝ...! දැක්ම තියෙන අයගේ වැඩවලට ඩොලර් එක තුන්සිය පනහයි...

:       6       6

ගමේ එකාලා Thursday, 24 March 2022 12:14 AM

වහල්ලුන්ට නම් අවුල් වගේ. පිටරටක ඉඳන් කයිවාරු නොගහා අපේ රටේ මොකද වෙන්නේ කියලා ඇවිත් බලන්න. මොලේ උඩ ඉන්න අයට මොනවා කියන්න බැරිද?

:       1       3

pakeer Thursday, 24 March 2022 12:53 AM

කාටද ලංකාවේ දැක්මක් තිබුණේ? කොළ, නිල්... ඕකද දැක්ම...?

:       1       3

Anura Thursday, 24 March 2022 07:39 AM

ජෙප්පෝ දැක්කාම වහල්ලු කලබල වෙලා... මොකද ඒ ගොල්ලන් දන්නවා ජෙප්පන් ආවොත් ඒ ගොල්ලන්ගේ හොර හාම්පුතාලාට නරක කාලයක් උදාවෙනවා කියලා..

:       1       4

රකිත Thursday, 24 March 2022 12:56 PM

බොරුවට දඟලන්නේ නැතිව ජනාධිපතිතුමාත් එක්ක ගැටලු සහ ඒවාට විසඳුම් දෙන ආකාරය කතාකළා නම් හොඳයි. පාරවල් හිර කරගෙන රටේ ආර්ථිකයට තවත් පහර ගහනවට වඩා. මෙයාලා කරන්නේ බොරදියේ මාලු බාන එක... මෙයාලාට රටේ ප්‍රශ්න ගැනවත් ඒවාට දිය හැකි විසඳුම් ගැනවත් අවබෝධයක් නැහැ. මෙහෙ නම් සර්ව පාක්ෂික සමුළුවට ගිහින් කියනවානේ.

:       14       7

nimal Thursday, 24 March 2022 01:30 PM

සුපිරියි.. ජයවේවා..!

:       6       8

ඔබේ අදහස් එවන්න

දියත

උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 1 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 136 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 384 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 777 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 871 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36705 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24271 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 547 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site