IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඥාති පුතාගේ පිහි පාරින් පුංචි අම්මා මරුට

( තිලකරත්න දිසානායක)

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් තම්මිට පදිංචිව සිටි 57 හැවිරිදි කාන්තාවකට,ඥාති පුත්‍රයෙකු විසින් පිහි පහරක් එල්ල කිරීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 

මෙසේ මියගොස් ඇත්තේ ලියනගේ මේරි ස්වර්ණා නමැති තිදරු මවකි.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (29) සවස පිහි ඇනුම සිදුව ඇති බවත් ඉන් තුවාල ලැබූ කාන්තාව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය කියයි. 

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන අතර සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

 



අදහස් (3)

ඥාති පුතාගේ පිහි පාරින් පුංචි අම්මා මරුට

Bunny Preena Thursday, 30 March 2023 12:15 PM

ඉඩකඩම්වලට මොකට මරා ගන්නවද මන්දාදා . වතුයායවල් ඉඩකඩම් කොච්චර ගොඩක් තිබුනත් අන්තිමට යන්ට වෙන්නෙ හතර රියනක තමයි.

:       0       36

cw Thursday, 30 March 2023 04:24 PM

AKD ගෙ පුංචි අම්මා නෙවෙයිනේ ද?

:       6       26

amila"gmail.com Friday, 31 March 2023 12:03 AM

ඔය ගෑනි මැරෙන්න ඇත්තේ ඉඩම නිසා නොවේ... කට නිසා. දැන් ගෙදර වටේ ගෙවල් වලට කනක් ඇහිලා ඉන්න පුළුවන් ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site