(මනෝප්‍රිය ගුණසේකර)
ජාතික සංහිදියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළැයි චෝදනා ලැබ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 14 වැනිදා සිට විභාග කිරීමට කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (24) තීරණය කළේය.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි පැමිණිල්ල කළ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසාද් සාලී මහතා ඇතුළු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා නියම කළේය.
2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවකදී ජාතීන් අතර සංහිදියාව කඩවන ආකාරයේ ප්‍රකාශ කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත. මෙම පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඥාණසාර හිමියෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජය ආරියදාස මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පරිගණක සාක්කි සම්බන්ධයෙන් පරීක්‍ෂා කර බැලීමට එහි ප්‍රවේශය අවශ්‍ය වී ඇති හෙයින් ඊට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
පරිගණක සාක්කි පරීක්‍ෂා කිරීමට එහි ප්‍රවේශය විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස රහස් පොලිසියට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ මාර්තු 14 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඥානසාරහිමිට එරෙහි ගොනු කළ නඩුව විභාගයට දිනයක්
Bamunuarachchi Wednesday, 24 November 2021 08:17 PM
එතකොට අර ෂරියා නීතිය ඉල්ලපු හම්බ පුතාට නඩු නැද්ද?
Perera Thursday, 25 November 2021 04:31 AM
එක රටක් එක නීතියක් ක්‍රම වේදයට අනුව නීතිපතිවරයා ලබන වාරෙදී තාක්ෂණික හේතූන් මත නඩුව ඉල්ලා අස් කර ගනීවි
Sunil Thursday, 25 November 2021 06:18 AM
එක රටක එක නීතියක් ක්‍රියාත්මක කරන්න කිව්වේ.
jagath Thursday, 25 November 2021 10:32 AM
ජාතික සංහිඳියාව සහ සමගිය නැති කල පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැන දැන තොරතුරු වසන් කරපු උදවියට ඔය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ?නිකන් නාට්‍ය පෙන්නන්න එපා සර්
BamunuarachchiMonday, 29 November 2021 07:06 PM
දැන දැන වසන් කලේ ක්‍රිස්තියානි කාරයෝමයි. ඒ ගොල්ලෝ ප්‍රහාරය සිදුවෙන බව දැනගෙන පල්ලියට කිව්වානම් පුජාව නවත්වා ප්‍රහාරයෙන් වෙන අනතුර නවත්වා ගන්න තිබුනා. ප්‍රහාරය සිදුවෙන බව දන්නා ක්‍රිස්තියානි අය කලේ මේ පල්ලිවලට නොගොස් වෙන පල්ලි වලට ගියා. පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දන්නා නිලදාරීන් කලේ අදාළ තැන්වලට දැනුම දුන්නා . වගකිව යුතු පුද්ගලයින් ප්‍රහාරය වලක්වා ගන්න කටයුතු කලේ නැහැ මිසක් තොරතුරු වසන් කලේ නැහැ?
BamunuarachchiMonday, 29 November 2021 07:12 PM
කා එක්කද අපි සංහිඳියාවක් සොයන්නේ? මේ රටට ඔවුන් ඕනේත් නැහැ අපිට ඔවුන් සමග සංහිඳියාවක් ඕනෙත් නැහැ. අපි ඔවුන් නිසා ජීවත් වෙනවා නොවෙයි ඔවුන් අපේ නිශ්පාදන අඩු මිලට ගෙන අපිටම වැඩිමිලට විකුණා අපි නිසා ජීවත් වෙනවා. අන්තිමට සිංහලයා සතු ඉඩම් ටිකත් අයිති කර ගන්නවා. ඔහෙට ඕක තේරෙන්නේ නැද්ද?