IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි

(රෝෂන් තුෂාර)

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින  බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක  මහතා අද (23) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඥානසාර හිමි විත්තිකරුකරමින් ගොනු කළ නඩුවට   පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව  අතිරේක මහේස්ත්‍රාත්  පසන් අමරසේන මහතා විසින් පසුගිය 19 දින නිකුත් කර තිබිණි .

ඥානසාර හිමියෝ අධිකරණයේ ඊයේ දින පෙනී සිටියහ .

සැකකරු  වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතාගේ උපදෙස් පරිදි කරුණු දැක්වූ නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතා කියා  සිටියේ සැකකාර හිමිනම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටි බැවින්  නඩුවේ තීන්දුව  ලබාදීමට නියමිතව තිබූ පසුගිය 19 දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.

ස්වාමීන් වහන්සේ හෙට දිනයේ ද යළි රෝහල් ගතවන බව වැඩි දුරටත් සඳහන් කළේය.

2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී  ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට  චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක  මහේස්ත්‍රාත්වරයා  වරෙන්තුව ආපසු කැඳවමින් ජනවාරි 9 වැනි දින අධිකරණය පෙනී සිටින්නේ ලෙසට සැකකරුට නියෝග කළේය.



අදහස් (2)

ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි

Rohana salgadi Monday, 23 December 2024 05:28 PM

ලංකාවේ බුදුදහමට අපහාස කරන අයට මොකුත් නෑ. 76% අපිට නෑ... කවුරුත් ඉතින් රටකට හරි යයිද?

:       0       0

Perera Monday, 23 December 2024 09:35 PM

තීන්දුව කොහොම වෙයිද කියලා හිතාගන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 1197 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි
2025 ජනවාරි මස 17 72 0

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ ප


ජනපති දිවයිනට
2025 ජනවාරි මස 17 168 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .


මත් ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල කුරුණෑගලින් අල්ලයි
2025 ජනවාරි මස 17 1566 0

ගොඩබිම තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල ලෙස කෝටි 28ක මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් නිලධාර


පොලිසියේ ලෙස පෙනී සිට කප්පම් ගත් 3ක් සොයා විමර්ශන
2025 ජනවාරි මස 17 162 0

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු වෙළදසලක් පරීක්ෂාකර එම රන්බඩු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඒවා බව පවසා අ


විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි
2025 ජනවාරි මස 17 675 0

මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 320 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 587 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site