(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි
ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයක් ද පොලිස් බාරයට ගෙන ඇත. එම සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සේදවත්ත නවලෝක පුර පදිංචිව සිටි මොහොමඩ් යාසිර් (21) හා සිංහප්පුලිගේ මදුසංක (22) යන අයයි.
සේදවත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ඇඟට කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු කැලණිතිස්සගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට පහර දීම සඳහා පැමිණි අවස්ථාවේදී එම පුද්ගලයන්ගේ පාර්ශවයේ අය විසින් පැමිණි පිරිසට දුම්රිය මාර්ගයේ පසුපස එළවමින් තියුණු ආයුධ වලින් ප්‍රති ප්‍රහාර එල්ල කර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20/40 අතර පසුවන්නන්ය
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් ද
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති