IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි

(රෝෂන් තුෂාර)

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින  බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක  මහතා අද (23) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඥානසාර හිමි විත්තිකරුකරමින් ගොනු කළ නඩුවට   පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව  අතිරේක මහේස්ත්‍රාත්  පසන් අමරසේන මහතා විසින් පසුගිය 19 දින නිකුත් කර තිබිණි .

ඥානසාර හිමියෝ අධිකරණයේ ඊයේ දින පෙනී සිටියහ .

සැකකරු  වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතාගේ උපදෙස් පරිදි කරුණු දැක්වූ නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතා කියා  සිටියේ සැකකාර හිමිනම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටි බැවින්  නඩුවේ තීන්දුව  ලබාදීමට නියමිතව තිබූ පසුගිය 19 දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.

ස්වාමීන් වහන්සේ හෙට දිනයේ ද යළි රෝහල් ගතවන බව වැඩි දුරටත් සඳහන් කළේය.

2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී  ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට  චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක  මහේස්ත්‍රාත්වරයා  වරෙන්තුව ආපසු කැඳවමින් ජනවාරි 9 වැනි දින අධිකරණය පෙනී සිටින්නේ ලෙසට සැකකරුට නියෝග කළේය.



අදහස් (0)

ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න

දියත

අප පසු කරගෙන යන ක්‍රීඩකයන් අවශ්‍යයි
2024 දෙසැම්බර් මස 23 18 0

අප පසු කරමින් ඉදිරියට යන නව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඉතිහාසයේ ලිවීමට හැකි නම් එය මෙරට ක්‍රීඩාවේ සැබෑ ජයග්‍රහණය බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


උත්සව සමයට අමතර දුම්රිය
2024 දෙසැම්බර් මස 23 4 0

දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එ


මුදල් විශුද්ධිකරණය වලක්වන්න ශක්තිමත් රාමුවක් ඕනෑ
2024 දෙසැම්බර් මස 23 62 0

මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක ම


චීන නාවික රෝහල කොළඹ වරායේ සේවාව අරඹයි
2024 දෙසැම්බර් මස 23 82 0

චීන රජයේ සහයෝගීත්වයෙන් ලාංකිකයන්ට දියුණු සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාවනොමිලේ ලබාදීම අද උ


බන්ධනාගාර රැඳවියන්ටත් නත්තල්
2024 දෙසැම්බර් මස 23 94 0

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ වැඩසටහනක් මේ මස 25 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ


මැණික් සභාපති ’’මැණික්’’ වැඩක් කරයි
2024 දෙසැම්බර් මස 23 695 0

වැටුප් දීමනා නොමැතිව කටයුතු කරන බව මැණික් හා ස්වර්ණාභරණ පරියේෂණ ආයතනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 63 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 42 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site