(රෝෂන් තුෂාර)
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව මාස නමයක සිර දඬුවමක් හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය ජනවාරි 09 දින ලබා දුන් මාස නවයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් ගොනු කළ අභියාචනය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් ඥානසාර හිමියන්ට නියම කොට ඇත.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී "ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ." යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම සිර දඬුවම ජනවාරි 9වෙනි නිකුත් කළඅතර ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙසේ මහා අධිකරණයට ප්‍රතිශෝධන අය දුම් පත්‍රය ගොනුකොට තිබිණි.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති
බන්ධනාගාරවල දරුණු ගණයේ විශේෂ සිරකරැවන් ‘ස්කයිප්’ හෝ සූම් තාක්ෂණය ඔස්සේ ඒ ඒ බන්ධනාගාරවල සිටම අධිකරණ කටයුතු සඳහා යොමු කෙරෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතවල
’වැඩේ කලා. වැඩේ හරි’ යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝ
සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේද
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM