(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් අටදෙනෙකු යතුරුපැදි පහක් සමඟ බම්බලපිටිය මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
යතුරු පැදි 500 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු මාර්ගයේ ගමන් ගත් වාහන වලට සහ පදිකයන්ගේ ජීවිත හා දේපලවලට හානි වන ආකාරයෙන් වෙට්ටු දමමින් සහ තනි රෝදයෙන් ධාවනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ වටලා සැකකාර තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් ටික් ටොක් සමාජ ජාල හරහා සම්බන්ධ කරගත් සංවිධාකයන් හා මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද යන්න විමර්ශනවලදී අනාවරණය කරගෙන රථවාහන වැරැද්දකට එහා ගිය අපරාධමය වරදක් ලෙස සලකා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ටික් ටොක් මගින් ඔවුන්ව මෙම ප්‍රදේශයට කැඳවා තිබූ බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 17 හා23 අතර පසුවන බත්තරමුල්ල කිරිබත්ගොඩ පිළියන්දල මොරටුව මඩපාත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ටික් ටොක් යතුරු පැදි තරඟයක් වටලයි
චාමර Monday, 15 May 2023 08:17 AM
මේ ටික් ටොක් මහා වසංගතයක් වෙලා. බම්බලපිටියේ පොලිසියට අපගේ ගෞරවය. මේවා මෙහෙයවන පිරිස තමයි දඬුවම් දෙන්න ඕනේ...