IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ටින් ගත්තු අයට පණිවිඩයක්

(සුජිත් හේවාජුලිගේ)

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN)  ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩ ලැබුණද මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැතිනම් ඒ බව ලිඛිතව දැනුම් දී බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය  ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය. රටේ ලක්ෂ 23ක් TIN  අංකය ලබාගෙන ඇති බව සඳහන් වේ. බපසුගිය ජුනි මාසයේදී පමණක් ලක්ෂ දහතුනක්  එම අංකය ලබාගෙන ඇත.

මේ මස අවසන් වන විට එම අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑ තුනක් බවට පත් කිරීම අරමුණ බව සියඹලා පිටිය මහතා ප්‍රකාශ කළේය.



 



අදහස් (7)

ටින් ගත්තු අයට පණිවිඩයක්

Nimesh Friday, 05 July 2024 03:38 PM

එතකොට ඒ අයගෙන් මාසික වියදම ලක්ෂයකට වැඩි අය මොකද කරන්නේ ? ණයවෙලා රනිල්ගේ පංගුව ගෙවන්න ඕනෙද ?

:       6       63

ප්‍රනාන්දු Friday, 05 July 2024 04:01 PM

ටිං අංකය ගන්න අයැදුම්පත් ගෙනාවා බදු ගෙවන්න කියලා දැන්වීම් ලැබුණා කියලා දැනගත්තාම බයක් ඇතිවුණා. ඔහේ කියන ආකාරයට එදාවේල සරිකර ගන්න අපිට ලියුම් ලියන්න වෙලාවක් නැහැ. ඒ නිසා උන්නැහේ කරන කියන දෙයක් ජනතාව පීඩාවට පත්නොවෙන ආකාරයට ක්‍රමවත්ව පිළිවෙළක් ඇතුව සැළසුම් සහගතව එක පියවරෙන් කරන්න ඉගෙන ගන්න බැරිනම් අයින්වෙලා යන්න. ජනතාව අනවශ්‍ය පීඩාවට පත්කිරීම නවතන්න...

:       4       55

චන්දිම Friday, 05 July 2024 04:24 PM

ලක්ෂයට වැඩි ආදායම් තියෙන අය එකපාරම බදු ගෙවන්න ඕනෑ නැහැ. ඉස්සෙල්ලා ඒ අය තමන්ගේ පවුලේ සාමාජික ගණන, කුඩා දරුවන් කීදෙනෙක් ඉන්නවාද? පාසල් දරුවන් කීයක් ඉන්නවාද? වැඩිහිටි දෙමාපියන් රැක බලා ගන්නවාද? ලෙඩට දුකට බෙහෙත් ගන්නවාද? බැංකු ණය ගෙවමින් ඉන්නවාද, නිවාස ණය ගෙවමින් ඉන්නවාද, වෙනත් විස්තර ආදී සියලු විස්තර බලධාරීන් විසින් ලබාදෙන පෝරමයේ සඳහන් කර මෙම ඇමැතිවරයා, රාජ්‍ය නායකයා ඇතුළු අදාළ බලධාරීන් හට ඉදිරිපත් කළ පසු ඒ සියලු කරුණු සාධාරණ හා මානුෂික පදනමෙන් සලකා බලා දියුණු රටවල කරන්නාක් මෙන් බදු මුදලක් අයකර ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයෙක් පමණක් නම් යම් මුදලක් ගෙවීමට නියම කෙරෙනු ඇත. මොකද මේ ඇමැතිවරයා සහ රාජ්‍ය නායකයා ඇතුළු සියලුම කට්ටිය බොහෝ උගත් මිනිසුන් ගැන ඉතා මානුෂිකව හා සානුකම්පිතව කටයුතු නිරතුරුවම මිනිසුන්ගේ දුෂ්කරතා අපහසුතා ගැන සිතමින් කටයුතු කරන බෝධි සත්වයින් වැනි පුද්ගලයන් නිසාය.

:       5       22

.වර්ණසින්හ Friday, 05 July 2024 04:48 PM

⁣ටින් අංකයට අයදුම් කරන විටම ආදායම සඳහන් කලා නේ. ඉතින් ඒවා සොයා බලා නොවේ ද බදු ගෙවන්න කියන්නේ. මට පේන්නෙ තමුන්නැහැ වගේම පිස්සු ඩයල් ටිකක් තමයි ආදායම් බදු එකෙත්.ඉන්නෙ. මේ පිස්සො ටික එලවනකල් රටේ ජනතාවට නිදහසක් නෑ.

:       1       41

sene Friday, 05 July 2024 04:54 PM

වයිද කලබල , මේ බ්න්, ගම් මට්ටමේ ජනතාව නොහන්දුනන දේස පාලුවෝ කිව්වට ටිකක් ඉවසලා බලන්න. මේක ලංකා දේශයයි .

:       2       18

Lalla Friday, 05 July 2024 10:07 PM

ටින් ගත්ත අයට ටින් එක අරන් හිඟමනේ යන්න වෙලා. නිකමුන් ටින් ගත්ත උන් ගෙවන බදුවලින් පින්පඩි සහනාධාර අරගෙන බෝකරමින් සැප විඳිනව.

:       0       0

Asela Saturday, 06 July 2024 12:09 PM

එතකොට පිටරට රැකියා කරන අයත් ටින් අංකය ගන්න ඕනෑද? කියන්නකෝ උන්නැහේ හරියට...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1120 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 323 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2066 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 486 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 966 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 591 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37109 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site