IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී පැවැත්විණි.

ඩෙම්පෝ ෂිප් බිල්ඩින්ග් ඇන්ඩ් ඉංජිනියරින් පෞද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් බාරව කටයුතු කරයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් යූ.වී.එම්.පී. පෙරේරා මහතා සහ පාවෙන තාටාකය සඳහා වන ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවේ දෙරටෙහි නියෝජිතයන් අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සහයෝගීතාවයේ, සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ බැඳීම් සංකේතවත් කරන බවත් ඉන්දියාව කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය හෙවත් සාගර් යන දැක්ම සහ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ ධාරිතා ගොඩනැගීම සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කළ අවස්ථාවක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා පාවෙන තටාකයක් ලබාදීමේ ව්‍යාපෘතිය ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර ශක්තිමත් බැඳීම තවදුරටත් ඉහළ නංවා ඇති බව මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය.

මෙම පාවෙන තටාකය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලු නඩත්තු අවශ්‍යතාවයන් සපුරාලනු ඇති අතර එමගින් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නංවනු ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

ටොන් 4000ක පාවෙන තටාකය ශ්‍රී ලංකාවට ලබා දීම සදහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමට 2022 මාර්තු 15වන දින කොළඹදී අත්සන් ලැබීය.

දිග මීටර් 115 ක් දක්වා වන නෞකා පාවෙන තටාකයේ නැංගුරම් දැමිය හැකි අතර තටාකයේ එසවුම් ධාරිතාවය ටොන් 4000 කි.



අදහස් (2)

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

Perera Saturday, 09 December 2023 01:32 AM

පාවෙන තටාකේ ගිලුනොත් මොකද වෙන්නේ ?

:       0       0

Upali Saturday, 09 December 2023 08:00 AM

ඔබට "කොළඹ ඩොක්යාර්ඩ්" අමතකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 72 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 584 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 56 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 556 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 274 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 797 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site