IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ට්‍රම්ප්ට අධි චෝදනා

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හමුවේ ලද පරාජය වෙනස් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඔහුට සහ ඔහුගේ සමීපතමයන් 18 දෙනකුට එරෙහිව ජෝර්ජියා ප්‍රාන්තයේ ෆුල්ටන්හි ජූරි සභාවක් අධි චෝදනා ගොනු කර ඇත.

ජෝර්ජියා රිකෝ පනත උල්ලංඝනය කිරීම, මැතිවරණ වංචා සිදුකිරීමට තැත් කිරීම, රාජ්‍ය නිලධාරියෙකු ලෙස ලබා දුන් දිවුරුම් කඩ කිරීම ඇතුළු අපරාධ චෝදනා 13 ක් ට්‍රම්ප්ට විරුද්ධව ගෙන ඒමට රජයේ නීතිඥ ෆැනී විලිස් මහත්මිය කටයුතු කර තිබේ.

2021 වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද විමර්ශනයක් අවසන් කරමින් ට්‍රම්ප්ට විරුද්ධව මෙසේ චෝදනා ඉදිරිපත් කිරීමට ෆුල්ටන් හි රජයේ නීතිඥ ෆැනී විලිස් කටයුතු කර ඇත.ඒ අනුව ට්‍රම්ප්ට සහ ඔහුගේ සමීපතමයන්ට විරුද්ධව සම්පූර්ණයෙන් චෝදනා 41 ගොනු කර ඇති අතර අධි චෝදනා පත්‍රය පිටු 98 කින් සමන්විත වේ.

මෙම අපරාධ චෝදනාවලට වැරදිකරු වුවහොත් උපරිම වසර 20 ක සිර දඬුවමක් ලබා දිය හැකි බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී ඇත.

ජෝර්ජියාහි රිකෝ පනත සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා 1970 වසරේදී ගෙන ආ පනතක් වන අතර එමගින් අපරාධ සංවිධානවල සාමාජිකයන්ට උපරිම දඬුවම් ලබා දීමට හැකියාව ලබා දේ.

චෝදනා ගොනුකර ඇති සියලු දෙනාට විරුද්ධව මේ වන විට වරෙන්තු නිකුත් කර තිබෙන බවත් ඔවුන්ට නීතියට බාර වීමට අගෝස්තු 25 වැනිදා මධ්‍යහන වන තෙක් කල් ලබා දී තිබෙන බවත් නීතිඥ ෆැනී විලිස් මහත්මිය ප්‍රකාශ කර ඇත.

 



අදහස් (0)

ට්‍රම්ප්ට අධි චෝදනා

ඔබේ අදහස් එවන්න

දියත

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 151 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයෙ මහා පරිමාන ජාවාරම්කරුවකු නිවසක තිබූ මස් තොගයක් සිය බාරයට ගත


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 512 0

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 813 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 455 0

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1051 2

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1813 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 517 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site