ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය.
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවට පක්ෂව 232ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 197ක් ලැබිණි.
ඊට අමතරව ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 10දෙනකුද ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර විශේෂත්වයක් ලෙස දක්නට ලැබිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරයකු එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝග යෝජනාවක් අවස්ථා දෙකකදී සම්මත වූ ඇමෙරිකානු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
ඒ අනුව ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාව ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. මේ අනුව සෙනට් මණ්ඩලයේදී දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් සහ ඡන්ද විමසීමක් පැවැත්වේ. කෙසේ නමුත් සෙනට් මණ්ඩලයේ ක්‍රියාවලිය තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සිදුවනු ඇතැයි වාර්තා වේ. ට්‍රම්ප් ධුරයෙන් නික්මුණු පසු වුවත් සෙනට් මණ්ඩලයේ දෝෂාභියෝග චෝදනා විභාගය සිදුවනු ඇති අතර එහිදි එය සම්මත වුවහොත් ඔහුට නැවත වරක් ජනාධිපති ධුරයක් සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇත.
ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන පිරිස් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට හේතු වූයේ ට්‍රම්ප් ඊට ටික වේලාවකට පෙර කළ කතාව යැයි චෝදනා එල්ල විය.
ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන පිරිස් ඉකුත් (6) වැනිදා කොංග්‍රස් රැස්වීම පැවැත්වෙමින් තිබියදී කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ.
කලහකාරී පිරිස් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට පෙර ට්‍රම්ප් ඔවුන් ඇමතූ අතර ඒ දෙසට පාගමනේ යමු යැයි ට්‍රම්ප් එම පිරිස් උසිගැන්වීය. එම කතාව ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාවට මුල් වූ අතර ‘‘කැරැලි ගැසීමට පෙළඹවීම’’ ට්‍රම්ප්ට එල්ල වූ චෝදනාවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය මණ්ඩල දෙකකින් සමන්විත අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය සෙනට් මණ්ඩලය වන අතර පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් වේ. මේ වනවිට සෙනට් මණ්ඩලයේ බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.
තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සෙනට් මණ්ඩලයේ තත්ත්වය වෙනස් වේ. ඉකුත් වසරේ පැවැති ජනාධිපතිවරණයට සමගාමීව මෙම මණ්ඩල දෙකට සාමාජිකයන් තෝරා පත් කරගැනීම ද සිදුකෙරුණි. එහිදි සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව පක්ෂ දෙක අතර සමසේ බෙදී ගියේය.
සෙනට් මණ්ඩලයේ දී දෝෂාභියෝගය සම්මත වීමට නම් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම ඡන්ද ගණන 67කි. සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව සියයකි. එහි තීරණාත්මක ඡන්දය හිමි සෙනට් මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ, එරට මීළඟ උප ජනාධිපතිවරයා ද වන කමලා හැරිස් ය.
දැනට ඇති තත්ත්වය මත සෙනට් මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමේදී දෝෂාභියෝගය සම්මත වීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් 17 දෙනකු ඊට පක්ෂව ඡන්ද දිය යුතු ය.
මීට පෙර ඇමෙරිකාවේ කිසිදු ජනාධිපතිවරයකු දෝෂාභියෝග ඡන්ද විමසීමකින් බලයෙන් පහ කර නැත. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව 2019 වසරේදීත් බිල් ක්ලින්ටන්ට එරෙහිව 1998 වසරේදීත් ඇන්ඩෘ ජොන්සන්ට එරෙහිව 1868 වසරේදීත් දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් විය. ඒ තුනම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ නමුත් එම දෝෂාභියෝග යෝජනා තුනම සෙනට් මණ්ඩලයේ දී පරාජයට පත්විය. ඒ අනුව එම අවස්ථා තුනේදීම එකී ජනාධිපතිවරුන් තිදෙනා දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණි.
(රොයිටර්)
055
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි
wijayamuni Thursday, 14 January 2021 10:59 AM
ඡන්දය පැරදුණාම, තමන්ගේ පරාජය බාරගන්න අකැමැති අය තව හුඟ දෙනෙක් ඉන්නවා. මේක මානසික අසනීපයක් ...
RaveendraThursday, 14 January 2021 11:45 AM
කොම්පියුටර් ජිල්මාර්ට් කතාව මතකයට නැගුණා..