ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරයෙන් පිටත්ව ගියේ ය.
ඒ අනුව හෙතෙම ජෝ බයිඩන් මහතාගේ දිවුරැම් දීමේ උත්සවයට සහභාගී නොවන අතර එය ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයකු දිවුරැම් දීමේ උත්සවයට සම්බන්ධ සම්ප්‍රදාය කඩ කිරීමේ සුවිශේෂී අවස්ථාවක් බව පැවසේ.
ඔහු ජනාධිපතිවරයාට වෙන් වූ හෙලිකොප්ටර් යානයෙන් ධවල මන්දිරය ආසන්නයේ පිහිටි හමුඳා කඳවුරකට යන බවත් ඉන් අනතුරැව හෙතෙම ෆ්ලෝරීඩා ජනපදය වෙත ගමන් කිරීමට නියමිත බවත් වාර්තා විය.
ජනාධිපති ට්‍රම්ප් මහතා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වන අතර මේ වනවිට 74 වැනි වියේ පසුවෙයි. ඔහු සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් කෙටි රතු පළසක් මතින් මරීන් වන් හෙලිකොප්ටර් යානයකට ගොඩවන අයුරු දක්නට ලැබිණි.
ධවල මන්දිරයේ තණබිමේ හෙලිකොප්ටර් යානය නවතා තිබූ අතර අද දින ය ප්‍රබෝධමත එහෙත් සිසිර දිනයක් යැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
ට්‍රම්ප් මරීන් වන් හෙලිකොප්ටර් යානයෙන් ඇන්ඩෘස් ඒකාබද්ධ හමුදා කඳවුරට යන අතර එතැනින් ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානයට ගොඩ වීමට නියමිත ය.
ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට ට්‍රම්ප් ෆ්ලෝරීඩා ජනපදයේ පිහිටි මාර්-ආ-ලාගෝ නිවාඩු නිකේතනයේ විවේකීයව කාලය ගත කරනු ඇත.
(ඒ.එෆ්.පී.)
055
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර
2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටත්වෙයි