IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ප් - බයිඩන් විවාදය උණුසුම්

​මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්විණි.

බයිඩන් 81 හැවිරිදිය. ට්‍රම්ප්ට අවුරුදු 78 කි. ඇමෙරිකන් ජනාධිපතිවරණයකට මුහුණ දෙන වයස්ගතම අපේක්ෂකයන් දෙදෙනා වන්නේ බයිඩන් සහ ට්‍රම්ප්ය. බයිඩන්ට යළිත් වරක් ජය හිමිවුවහොත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත්තේ බයිඩන්ය.

2020 ජනාධිපතිවරණයේ ද ප්‍රධාන අපේක්ෂකයන් වූයේ බයිඩන් සහ ට්‍රම්ප්ය. කෙසේ නමුත් ට්‍රම්ප් ජනතා අප්‍රසාදයට පත් වී සිටින බැවින්, 2020 ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය විය.එම අවස්ථාවේ, බයිඩන්ගේ ජය පිළිගැනීමට පවා ට්‍රම්ප් කැමැති වූයේ නැත. ට්‍රම්ප් ජනාධිපති ධුරය හැර ගියේ නොසතුටිනි. ට්‍රම්ප් මෙම නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දෙවැනි ධුර කාලයක් ඔහුට ඉදිරි බැවිනි.

එදිරිවාදිකම් පවතින බැවින්, විවාදය සඳහා බයිඩන් සහ ට්‍රම්ප් වේදිකාවට ගොඩවූයේ එකිනෙකාට අතට අත දී ආචාර කිරීමක් නොකරය. ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී, ඇමෙරිකාවේ ආර්ථික කඩා වැටුණේ ට්‍රම්ප් නිසා යැයි බයිඩන් චෝදනා කළේය.

විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකන් සෙබළුන් කඩිමුඩියේ ඉවත් කිරීම ට්‍රම්ප්ගේ දෝෂදර්ශනයට හේතුවක් විය. අනවසර සංක්‍රමණිකයන්, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් ද ජනපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේ උණුසුම් විවාද පැවැත්විණි.

ඇමෙරිකන් ජනාධිපතිවරණයක් පැවැත් වෙද්දී, ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සජීවී රූපවාහිනී විවාද කීපයකට සහභාගී වෙයි. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය එයයි.

බයිඩන් සහ ට්‍රම්ප්ගේ මෙම පළමු විවාදය පැවැත් වූයේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරදීය. විවාදය මෙහෙයවීම කළේ සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන් වන ජේක් ටැපර් සහ ඩානා බාෂ්ගේ මැදිහත් වීමෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

ට්‍රම්ප් - බයිඩන් විවාදය උණුසුම්

Prabha Friday, 28 June 2024 12:49 PM

ආර්ථික කමිටු විවාදයක් නැද්ද

:       0       10

sam Friday, 28 June 2024 03:50 PM

මම මුළු විවාදයම සම්පූර්ණයෙන්ම බැලුවා. දෙන්නාම එකිනෙකාට චෝදනා කරගත්තා මිසක්, වැදගත්, අළුත් දෙයක් දෙදෙනාගෙන්ම කියවුනේ නැහැ. ජනපති අපේක්ෂකයින් දෙදෙනෙක් මෙතරම් පහත් ලෙස එකිනෙකාට චෝදනා කර ගැනීමම අළුත් (පහත්) දෙයක්. බයිඩන් කියන්නේ, තමන් කරන්නේ මොකක්ද, යන්නේ කොහේද කියලා වත් නොදන්නා පිස්සු මරගාතයක් බවත්, ට්‍රම්ප් කියන්නේ මුළු ලෝකයම (මෙලනියා,(සහ හෝ)සමහරවිට මාලා, ඉවානා දෙන්නාත් හැර) තමන්ගේ අදහසට එකඟ විය යුතුයි කියන අදහසේ ඉන්නා ඔළුව ඉදිමුන සුදු ජාතිකවාදී ටොම් පචයෙක් බවත් අපි හැමෝම දන්නවා උනාට, මේ විවාදයෙන් ඒක ස්ථිර වුනා කියලයි මට හිතෙන්නේ. කොහොම උනත්, බයිඩන් වගේ උතුර දකුණ මාරු වුන මැන්ටලයකට වඩා, පිස්සු පූසෙක් වෙච්ච ට්‍රම්ප් හොඳයි කියලයි මට හිතෙන්නේ!

:       0       12

Nimal Saturday, 29 June 2024 08:30 AM

දෙන්නම ආවා. ඒකත් ලොකු දෙයක්...

:       0       2

fairoos Saturday, 29 June 2024 01:21 PM

මහලු මඩම් වල ඉන්න ⁣ඕන දෙන්නෙක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site