(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන සටන් විරාම ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි දැනගත යුතු බව රුසියාව ප්‍රකාශ කර ඇත.
"ඕනෙම දෙයක් අවසන් කරන්න පහසු ක්‍රමයක් මෙන්ම අසීරු ක්‍රමයක්ද තියෙනවා. නමුත් හොඳම ක්‍රමය වන්නේ පහසු ක්‍රමයයි. යුක්රේන යුද්ධය අවසන් කරමින් ගිවිසුමකට එන්න කාලේ හරි." ජනපති ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් වේදිකාවේ සටහනක් තබමින් පසුගියදා පැවැසුවේය. සාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් රුසියාව අලෙවි කරන සියලුදේට ඉහළ මට්ටමේ බදු, තීරුබදු සහ සම්බාධක පනවන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ජනපති ට්‍රම්ප් සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ කුමක්දැයි රුසියාව දැනගතයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජ්‍ය තානාපති දිමිත්‍රි පොල්යන්ස්කි සඳහන් කළේය. රුසියාව සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ යුක්රේන අර්බුදයට මුල් වූ හේතු වලට විසඳුම් ලබාදීම පමණක් බවද ඔහු පැවැසුවේය.
යුක්රේනය සමග සටන් වැදීමට රුසියාවට පැමිණි උතුරු කොරියානු සොල්දාදුවන් 11,000 තුන්දහසක් මේ වනවිට තුවාල ලබා, අතුරුදන් වී හෝ සතුරන්ගේ ග්‍රහණයට ලක්වී ඇති බවටත් තවත් දහසක් යුක්රේන පාර්ශවය අතින් ඝාතනයට ලක්ව ඇති බවටත් පළවන වාර්තා හමුවේ රුසියාව මෙම ප්‍රතිචාරය ලබාදී ඇත.
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර
Rohana Thursday, 23 January 2025 09:50 PM
යුදවැදීම නිශ්ඵල ක්‍රියාවකි. සාමයට එකගවුවත් නැතිවූ ජීවිත සහ දේපල ආපසු නොලැබේ.
Perera Friday, 24 January 2025 02:33 AM
තෝරු මෝරු හැප්පෙන්න වගේ යන්නේ
Athula Friday, 24 January 2025 01:34 PM
පව් අහිංසක මිනිස්සු මැරෙනවා
don Friday, 24 January 2025 02:11 PM
ට්‍රම්ප්ගේ පිළිගත නොහැකි යෝජනාවලට පුටින් අකමැති වුණ ගමන් ට්‍රම්ප්ට මළපැනලා ඉන්නවා. ඊට පස්සේ ට්‍රම්ප් බයිඩන්ට වඩා වැඩියෙන් යුක්‍රේනයට යුධ ආධාර දෙනවා. ඕක තමයි පොලිටිකල්.
Nandalal DE SILVA - France Friday, 24 January 2025 05:18 PM
ඒකාධිපති පුටින් කාරයා, වසර 3කට ඉස්සර යුක්‍රේනය ආක්‍රමණය කළේ, ඇමරිකාව පෙර කොන්දේසි පෙන්නලාද? කිසිම යුද පුහුණුවක් නැති උතුරු කොරියන් කොල්ලන් බලවත් යුක්‍රේනය එක්ක සටන් කරන්න දැම්ම කොන්දේසි මතකද?