(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුදල් ලබා ගැනීමට ඒ.ටී.එම් කුටි වෙත පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන් සහ කාන්තාවන් මුලාකර ඔවුන් සතුව තිබෙන ඒ ටි එම් කාඩ් පත සූක්ෂම ලෙස ලබාගෙන රුපියල් කෝටියකට ආසන්න මුදල් වංචා කළ හිටපු නාවික සෙබළා අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු මිරිහාන ප්‍රදේශයේ බැංකුවක් අසලදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ විවිධ බැංකු වලට අයත් ඒටීඑම් කාඩ්පත් 15 ක් සොයාගත් බව පොලිසිය කියයි.
පිළිවෙලට හැඳ පැළඳ ඒටීඑම් කුටි ආසන්නයේ රැඳී සිටින සැකකරු එම කුටි වෙත මුදල් ලබාගැනීමට පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන් සහ කාන්තාවන් මුදල් ලබා ගැනීමට උදව් ඉල්ලා සිටීමේ දී
ඔවුන්ට ඒ සඳහා සහාය වන අයුරින් මෙම වංචාව සිදු කර ඇත.
වයසක පුද්ගලයින් සතු සතුව තිබෙන කාඩ් පත රැගෙන රහස්‍ය අංකය අසාගෙන සැකකරු සතුව තිබෙන ගනුදෙනුකරු රැගෙන ආ බැංකුවටම අයත් අවලංගු කාඩ්පතක් ඒ ටි එම් යන්ත්‍රයට බහා කිසියම් දෝෂයක් හේතුවෙන් මුදල් ගැනීමට නොහැකි බවත් ඒ පිළිබඳ බැංකුවෙන් අසන ලෙස එම පුද්ගලයා හෝ කාන්තාව බැංකුව තුළට යවා එම ස්ථානයෙන් ඉතා සූක්ෂම ලෙස පිටවී ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව සැකකරු අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත වංචනික ලෙස උපයෝගී කරගෙන ඒ ටි එම් කුටිවලින් මුදල් ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත.
තදින් හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින සැකකරු ලබාගත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඒ සඳහා සඳහා වැය කර ඇතැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් පිළියන්දල , මහරගම ,කොට්ටාව , දෙහිවල හා මිරිහාන පොලිස් ස්ථාන වලට පැමිණිලි 60ක් පමණ මේ වන විට සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ
ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල
ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන
රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ටෙලර් යන්ත්‍රවලින් මුදල් සොරාගත් හිටපු නාවික සෙබළා මාට්ටු
Mr Don Tuesday, 11 April 2023 10:46 AM
රණවිරු හොරෙක්