ඉන්දීය රජයේ ඉල්ලීම මත ට්විටර් ගිණුම් සිය ගණනක් අවහිර කළ බව ට්විටර් සමාජ මාධ්‍ය ජාල සමාගම සඳහන් කරයි.
ඒ අතර ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති සමාගම් සහ නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා සංවිධානය කිරීමට සම්බන්ධ ගොවීන්ගේ ගිණුම් ද වන බව පැවසේ.මහජන සාමයට තර්ජනයක් වන ට්විටර් ගිණුම් 250කට වැඩි සංඛ්‍යාවක් තහනම් කරන්නැයි ඉන්දීය රජය අදාළ සමාගමට නියෝග කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබෙන නව නීති රෙගුලාසිවලට විරෝධය පළ කරමින් ඉන්දියාවේ ගොවීහු දස දහස් ගණනක් ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනිදා නවදිල්ලි නුවර ආසන්නයේ විරෝධතාවල නියැළෙති.
පසුගිය සතියේදී මෙම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් අතර ඒ අතරවාරයේදී ගොවීන් පිරිසක් ද ප්‍රවෘත්ති සඟරාවක මාධ්‍යවේදියකු ද අත්අඩංගුවට පත්වූ බව නවදිල්ලි පොලිසිය සඳහන් කළේය.
අවහිර කරන ලද ට්විටර් ගිණුම් අතර ගොවී ක්‍රියාකාරීන්, ප්‍රවෘත්ති සඟරා, මාධ්‍යවේදීන්, විපක්ෂ ක්‍රියාකාරීන්, කම්කරු හා සිවිල් අයිතිවාසිකම් සංවිධාන මෙන්ම නළුවකු සහ ආර්ථික විද්‍යාඥයකු ගේ ට්විටර් ගිණුමක් ද වන බව පැවසේ.
ට්විටර් සමාගම මේ ආකාරයෙන් ගිණුම් සහ ඒවායේ අන්තර්ගත හෝ ට්විටර් පණිවුඩ අවහිර කිරීමට පියවර ගන්නා බවත් යම් රටක් නිශ්චිත කරුණු කාරණා ඇති ව නිල වශයෙන් ඉල්ලීමක් කළහොත් ඒවා ද සැලකිල්ලට ගන්නා බව ට්විටර් සමාගමේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින මෙම විරෝධතාවලට සහාය දැක්වීම හැර මේ ට්විටර් ගිණුම් අවහිර වීමට ලක්වූ කිසිවකු වෙනත් වරදක් කර නොමැති බව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවීන් නියෝජනය කරන ප්‍රකාශිකාවක් කීවා ය.
ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන ‘‘සීමා විරහිත වාර්තාකරුවන්ගේ’’ සංවිධානය ඉන්දීය රජයේ මෙම ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කර තිබේ.
‘‘ට්විටර් ගිණුම් අත්හිටුවීමට ගත් ක්‍රියාමාර්ගය දරුණු ආකාරයේ වාරණයක්’’ යැයි එම සංවිධානය සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්විටර් සමාගම ඉන්දීය ගොවීන්ගේ ගිණුම් අත්හිටුවයි
Asanka Tuesday, 02 February 2021 06:29 AM
තමන්ගේ මව් රටේ තමන්ගේම වැසියන්ට මෙහෙම සලකනවා නම් අපේ රටට පය ගැහුවාම කොහොමට හිටියිද? ජයවේවා මහරජ...!!!
Bamunuarachchi Thursday, 04 February 2021 05:08 AM
අපෙත් සමාජ මාධ්‍ය නවත්වනවා නම් හොඳයි...