IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා

ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් වරක් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.

වෙඩි තැබීම සිදුවූයේ ෆ්ලොරීඩාවේ, බටහිර පාම්බීච් ප්‍රදේශයේ ට්‍රම්ප් නිතර ගොල්ෆ් ක්‍රීඩා කරන ගොල්ෆ් පිටියේදීය.

වෙඩික්කරු ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි තබද්දී, සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ට්‍රම්ප්ට ආරක්ෂාව දෙමින් පෙරළා වෙඩික්කරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

වෙඩික්කරු අල්ලා ගැනීමට ඔවුන් සමත් වූයේ ඉන් අනතුරුවය.

සීක්‍රට් සර්විස් නිලධාරීන්, අල්ලා ගත් වෙඩික්කරු පොලිසියට බාරදුන් බවත්, ඔහු සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස් දැනුවත් කිරීමට ආරක්ෂක අංශ පියවරගත් බව ධවල මන්දිරය පවසා ඇත.

වෙඩික්කරු කවුරුන්ද සහ ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැත. වෙඩික්කරු සමඟ ඒ.කේ.47 රයිෆල් තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පැවැසෙයි.

එලැඹෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි. 

මීට පෙර ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ පෙන්සිල්වේනියාවේ ජනාපධිතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය. එහිදී එක් උණ්ඩයක් ට්‍රම්ප්ගේ එක් කන් පෙත්තත් තුවාල කළේය.

එදා එම වෙඩි තැබීම කළ තරුණයා, ජනාධිපති ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීමකින් එසැණින් ජීවිතක්ෂයට පත්විය. එම තරුණයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ ගන්නා බවට තොරතුරු රැසක් ද අනාවරණය විය.



අදහස් (1)

ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා

Frencis Monday, 16 September 2024 09:00 AM

අපේ චන්ද්‍රිකා නෝනා මතක් වුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 129 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 80 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1032 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 899 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 182 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1179 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 143 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site