(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩංගුවට ගෙන ඇතැයි නූංගමුව පොලිසිය කියයි .
ඊයේ( 26) මධ්‍යම රාත්‍රියේ දී නුංගමුව පොලිස් වසමේ දෙල්ගහමැඩිල්ල, ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරු හා ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
විශ්‍රාමික ආබාධිත හමුදා නිලධාරියකු සතුව ගිනි අවියක් ඇති බවට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින්ට ලැබුණු වැඩ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිට පාදයකට චෙඩි වැදීම හේතුවෙන් ආඛාධිත සෙබලෙකු ලෙස 1993 වර්ෂයේ දී සේවයෙන් විශ්‍රාම ලබා ඇති පුද්ගලයකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිස් අත්අඩංගුවට ගැනුණු ටී පනස් හය වර්ගයේ ගිනි අවිය සැකකරුගේ බාප්පා කෙනෙකු වූූ වසරකට පමණ පෙර දී මරණයට පත් වූ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් ලබාදුන් එකක් බව සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
බකල ජයා Friday, 27 September 2024 09:36 AM
මොකක් හරි කුණුගොඩක්නං, අනිවාර්යයෙන්ම දේශපාලකයෙක් කොහෙන්හරි ගෑවිලා ඇති. ලංකාවේ මිනිස්සුන්ගෙ සාමාන්‍යයයෙන් හැටිද, නැත්තං පක්ෂවලින් නාමයෝජනා දෙන්නෙ මේ වගේ අයට විතරද?