IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ටෙලිනාට්‍ය කර්මාන්තයේ දියුණුවට ආණ්ඩුවෙන් අතහිත

(යොහාන් භාසුර)

ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ (ටෙ.ලි.නි.ස) විධායක සභිකයින් සමග ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය.  

හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කර ඇති බව කියන අමාත්‍යවරයා ටෙලි නාට්‍ය රූපගත කිරීමේදී  අවශ්‍ය  වන රාජ්‍ය ආයතන සතු දර්ශන තලයන් ඉතා සහනදායී ගාස්තුවකට දීම, ටෙලි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිටම යම් ප්‍රමිතිගත ක්‍රමවේදයකට කිරීම සහ ටෙලි නාට්‍ය  සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීමේ දී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් නිෂ්පාදන පාර්ශවය වෙත ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව ද සඳහන් කළේය.

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වත්මන් සභාපති චන්දන ලියනගුණවර්ධන,  ප්‍රධාන ලේකම් සුනිල්  කොස්තා, ප්‍රධාන සංවිධායක රාජා රණසිංහ, උප සභාපති පරාක්‍රම නිරිඇල්ල සහ විධායක සභික රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරු ඇතුළු නිර්මාණවේදීන් පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වුහ.



අදහස් (1)

ටෙලිනාට්‍ය කර්මාන්තයේ දියුණුවට ආණ්ඩුවෙන් අතහිත

බද්රානි Wednesday, 12 February 2025 05:08 PM

පහුගිය කාලේ "රන්මිණි තැන්න" කියලා නාඩගම් ගම්මානයක් මහජනතාවගේ බදු මුදලින් හැදුවා නේද..? ඒකට මොකද වුනේ..? සමහරක් නිළියන්ට එතැන නිදා ගත්තාම පාලකයින්ගේ රූපේ මැවිලා පේනවාලු... සමහරක් නළු නිලියෝ ඔය ගම්මානේ ඇතුලේම පාලකයින්ට ආවඩන්න කඩ දමාගත්තා අපි දැක්කා... සමහර මෝඩ ජෝකර්ලා තානාපති කම් වලටත් කෙල හලාගෙන හිටියලු නේද...? පුළුවන් කාලේ ජොලි අවසානයේ අසනීපෙටත් රජයෙන් සහ මහජනතාවගෙන් හිඟාකන නාඩගම් කාරයින් රැලක් තමයි ලංකාවේ ඉන්නේ... දක්ෂ කලාකරුවන්ට ලංකාවේ තැනක් නැහැ. මුදලට කෑදර නලා කාරයින් පෞද්ගලික රුපවාහිනී චැනල් බඩ පිනුම් ගහනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 2 0

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 12 කගෙන් 11ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 43 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි දොළොස් දෙනෙකු ගහගෙන ගොස් එකොලොස් දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒ


’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
2025 පෙබරවාරි මස 12 155 0

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට


සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ
2025 පෙබරවාරි මස 12 352 1

පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි


හොරෙන් ගෙනා කෝටි 4ක සැප රිය සමග අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 12 617 0

නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත


වාද්දුවේ සිද්ධියට පොලිසියේ 4ක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 12 338 0

වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 122 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 910 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site