IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


ඩෙංගු නසන්න වඳ මදුරුවන් ලක්ෂයක් පරිසරයට

 

( ගම්පහ තිලකරත්න දිසානායක)

වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී  මෙරට පළමු වරට අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දිවයිනෙහි ප්‍රථම වරට මෙම කාර්යය සිදු කළ අතර  වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් ලක්ෂයක් පරිසරයට මුදා හැරීම සිදු කරනු ලැබීය.

මදුරුවන් මුදා හැරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය ජානකී හේවාවසන්ති මහත්මිය සදහන් කර සිටියේ, වසර කිහිපයක් සිදු කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් එළිදැක්වීම මෙලෙස සිදු කෙරෙන බවත් මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

 



අදහස් (4)

ඩෙංගු නසන්න වඳ මදුරුවන් ලක්ෂයක් පරිසරයට

Lanka Monday, 29 March 2021 03:06 PM

නියමයි. මහා පරිමාණ මදුරු කොයිල් නිෂ්පාදකයන් හමුවේ මෙච්චර කාලයක් පරීක්ෂණ කරපු මිනිස්සුන්ට දණ නමන්න සිද්ද වුණා. කියුබාවෙන් ලේසියෙන්ම ගෙන්නන්න තිබුණා මදුරුවන් මරණ ප්‍රොජෙක්ට් එක මහා පරිමාණ බහු ජාතික සමාගම් විසින් නැවැත්තුවා. හැම ආණ්ඩුවක්ම දන නැමුවා ඔවුන් හමුවේ. තිත්ත ඇත්ත ඒක තමයි. ඩෙංගු නිසා නැති වුණු ජීවිත වලට ඒ සමාගම් වග කියන්න ඕනෑ. ඩෙංගු හැදුණත් මිනිස්සු මැරෙනවා, මදුරු කොයිල් වේපරයිසර් නිසාත් මිනිස්සු මැරෙනවා. මේවා කතා කරන්නේ නෑ. කවුරුත් ජීවිත වලට තියෙන ආසාව නිසා. මේ වෙනුවෙන් දායක වූ සැමට ජාතියේ ප්‍රණාමය. මොවුන්ව ආරක්ෂා කර ගනිමින් තවත් දැනුම ලබා ගන්න සහ අවශ්‍ය පහසුකම් සැලසීම පවතින රජයේ යුතුකමක්... මට විශ්වාසයි මේ රජයෙන් මේ ඩෙංගු උවදුර තුරන් කරන්න ශක්තිය ලැබෙයි කියලා. අපි මේ වගේ මිනිස්සු ආරක්ෂා කර ගන්න ඕනෑ. අපේ රටේ සම්පත් මේ. මම නම් කියන්නේ මේවා අප්‍රසිද්ධියේම කරන්න ඕනෑ. මොකද වල කපන්න ඉන්න පිරිස වැඩි සල්ලි කුට්ටි වලට.

:       1       6

Perera Tuesday, 30 March 2021 04:39 AM

බැරි වෙලාවත් මේ අය වැන්දේ නැතිනම් කොහොමට හිටීවිද?

:       0       0

UAE Api Tuesday, 30 March 2021 09:24 AM

රටතුළ මදුරුවන් බෝ කරන මෙම පිරිසට විරුද්ධව අපි මහ අධිකරණයේ නඩු පවරාගන්න අනිවාර්යයෙන්ම...

:       3       0

SL Tuesday, 30 March 2021 09:40 AM

සුපර්...!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 767 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 375 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 290 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1208 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1581 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1670 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site