(ඉන්දිකා රාමනායක)
කොළඹ 2 , මුත්තයියා පාරේ පිහිටි මුවර්ස් ක්‍රීඩාපිටියේ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩ හරින ලදැයි මාලිගාකන්ද අධිකරණයේ වරද පිළිගත් එහි සහකාර කළමනාකරුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය තරයේ අවවාද කර රුපියල් 50,000 ක දඩයක් නියම කළාය.
මෙලෙස දඩ මුදල් නියම වුයේ මුවර්ස් ක්‍රීඩා සමාජයේ සහකාර කළමනාකරු වන එම් නව්රූස් ඉක්බාල් නැමැත්තාටය.
කොළඹ නගර සභාව, ත්‍රිවිද හමුදාව එක්ව සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමේ දී ක්‍රීඩාපිටියේ තණකොළ ආරක්ෂා කිරීම සදහා යෙදා තිබු කාපට් එකක් තුළ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩහැරීම සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
මුවර්ස් ක්‍රිඩාංගනය අවට කාර්යාල රැසක්, ප්‍රසිද්ධි විහාරස්ථානයක් පිහිටා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ මහජනයා වැඩි වශයෙක් ගැවසෙන බවත්, මහජනයා අනතුරේ හෙළමින් නොසැලකිලිමත්ව ක්‍රියාකාර මින් ඉදිරියටත් මේ ආකාරයේ මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියහොත් සිරදඩුවම් ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරිය විත්තිරුට අධිකරණය හමුවේ වැඩි ලෙස අවවාද කරමින් මෙම දඩමුදල නියම කළ බව අධිකරණයෙන් වාර්තා වේ.
කොම්පඤ්ඤවීදිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෙනවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය.
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩෙංගු බෝ කළැයි මුවර්ස් ක්‍රිඩා සමාජයට දඩ
Bunny Preena Tuesday, 16 May 2023 09:45 AM
දඩ ගහලා මදි .සිරා දඬුවමකුත් නියම කරන්නයි තිබුනේ