IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි

(අංජුල මහික වීරරත්න)

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.

ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම  මෘදුකාංග හරහා සිදු කළ හැකිය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත්  කටයුතු කරයි.

"Govpay " වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.

ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.



අදහස් (22)

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි

Neel Friday, 07 February 2025 05:08 PM

අපේ රට ලෝකයේ දියුණු රටක් බවට පත්කිරීමට ඔබ අතුලු NPP ආණ්ඩුව ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය...! ජය වේවා.

:       129       98

මරු කතරට දිය පොදක් ඉසින්නටFriday, 07 February 2025 09:43 PM

ඔය මහලොකු වැඩක් නෙමේනේ. ඔයිට වඩා සෑහෙන දේවල් මීට කලින් රජයන් යටතේ සිද්ධ වුනාට මාධ්‍ය වල ඒවා ලොකු කරලා පෙන්නුවේ නෑ. ලංකා පේ කියන රජයේ ආයතනයක් වෙච්ච ලංකා බැංකුව හැදුවේ මීට සෑහෙන කාලෙකට කලින් නේ. රජයේ ආයතන වල ගිණුම් වලට ඒව සම්බන්ධ කරා කියලා ඕක මහ ලොකු දෙයක් නෙමෙයි

:       56       117

AnuraSaturday, 08 February 2025 08:09 AM

පහුගිය කාලයේ හොරු නැතිවෙලා...

:       4       8

Bandara Saturday, 08 February 2025 03:36 AM

එවැනි ව්‍යාපෘතියක් සකසා විවෘත කරන්න මාස තුනහතරකින් බැහැ අනුර බ්‍රෝ කියන හැටියට නම් මුලින්ම ඕක ආරම්භ කලේ 2012 කාලයේ වෙන්න ඇති ඒත් ඒ වෙනුවෙන්ම ඇමති කෙනෙක් පත්කර ඒ කටයුතු සංවර්ධනය කලේ රනිල්ගේ යහපාලන ආණ්ඩුව කාලයේ තමා .සෙනෙවිරත්නගෙ පළමු අදහස යටතේ පළමු පියවර කීම සම්පූර්ණ අසත්‍යයක් කියන්නෙ මුලින්ම පරිගණක හරහා දිසාපති කාර්‍යාලයේ විශ්‍රාම වැටුප් සැකසීම කලේ 1987 වර්ෂයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ සේවය කල රවි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කියල එයට සහභාගිවූ මම දන්නවා 2010 වනවිටත් රජයේ ආයතනවල වැටුප් ගෙවීමි කලේ චෙක්පත් නොලියා බැංකුවලට ඔන් ලයින් හරහා මුදල් මාරුකිරීම හරහා තමයි එනිසා මේක මෙතෙක් පැවතගෙන පැමිණි දෙයක් ඉදිරියටත් සංවර්ධනය කර පවත්වා ගැනීමක් පමණයි කිව්වොත් නිවැරදියි කාලයේ

:       2       13

karolisSaturday, 08 February 2025 08:30 PM

කලින් කරගෙන ආපු හොඳ වැඩවලට උප්පැන්න ලියා ගන්නවා. බොරුවේ උපත...

:       0       1

Kazi Shajahan Friday, 07 February 2025 05:12 PM

ඉතාමත් හොඳ වැඩක්, RMB, වරාය, රේගු, ඉන්ලන්ඩ් ඇවනියු, CTB, රේල් වේ, පාස් පෝට්, මේවටත් ඉක්මණට GOV පේ දාන්න.

:       58       82

SellashamySaturday, 08 February 2025 11:46 AM

කාසියෝ RMB නොවෙයි, RMV කියපං එයින් කියන්නෙ රෙජිස්ට්‍රාර් ඔෆ් මෝටර් වෙහිකල් කියලා. නුඹේ ඔය B එකෙන් කියන්නේ මොකක්ද පැහැදිළි කරපං...?

:       0       27

සෙනෙවිරත්න Friday, 07 February 2025 05:21 PM

ජයවේවා! නවීන තාක්ෂණය යොදාගැනීමේ පළමු පියවර, රටේ බහුතරයක් ගෙවීම් කාඩ් මගින් සිදු කළහොත් බදු දැලෙන් රිංගන ව්‍යාපාරිකයින් සහ අසාමාන්‍ය ලෙස ලාබ ගන්නවුන්ගෙන් බදු අයකරගත හැකි වනු ඇත. මේවාට එරෙහි වන්නේ එවන් ජාවාරමුන්ය...

:       76       64

Asela Friday, 07 February 2025 05:25 PM

මේ කෙටි කාලීන වැඩසටහන් වෙනුවට ඇමතුමකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ කූඩැල්ලන්ට පුහුණුවක් ලබා දෙනවා නම් ඉතා හොඳයි...

:       48       32

සෙනෙවිරත්න Friday, 07 February 2025 05:28 PM

පෙරෙට්ටන් විසින් රටේ ජනතාවගේ ජීව දත්ත ඩිජිටල් හැඳුනුම්පතට ඇතුළත් කිරීමට එරෙහිව සමාජ භීතිකාවක් ඇති කරමින් පවතින බව පෙනේ. ඔවුන් කියන ලෙස අපගේ ඇඟිලි සලකුණු, ඇසේ ඡායාව, වැනි දෑ ඉන්දියාව සොරාගෙන මහත් ව්‍යවසනයක් කරනු ඇතැයි ජනතාව බියට පත්කරයි. එහෙත් මෙම දත්ත දැනටමත් විදේශ ගතවීමේදී, ජංගම දුරකථනය භාවිතයේදී අප බාහිර පාර්ශව වෙත දී ඇත. එබැවින් මේ බිය නොසලකා හරින්න. ඇඟිලි සලකුණු ගන්නවාට බිය වන්නේ සොරුන් පමණි. ඉන්දියාවට ඕවා වැඩක් නැත. ඔවුන්ට ඒවා ලබා ගැනීමට ඕනෑවටත් වඩා ජනතාව සිටී...

:       83       45

පොඩ්ඩක් හොයලා බලපල්ලාFriday, 07 February 2025 09:48 PM

තොගේ ඇඟිලි සලකුණු, ඇසේ ජීව දත්ත පාවිච්චි කරලා උඹේ මුලු ජීවිතේම පාලනය කරන්න පුලුවන් තව අවුරුදු 10කින්. උඹ ඉන්නෙ කොතනද? සමාජ මාධ්‍ය වල උඹ දාපු පෝස්ට් මොනවද වගේ ඒව ඇතුලුව විශාල දත්ත ප්‍රමාණයක් හොරකම් කරන්න අවස්ථාව මේකෙන් හම්බෙනව. භයානකම දේ ඊලඟට යුද්ධයක් වගේ ආවොත්, අපේ හමුදා වල හැම මිනිහගෙම දත්ත උන් ගාව තියෙනව. ඒකයි කිසිම රටක් තමන්ගේ රටේ උන්ගේ ජීව දත්ත වෙන රටවලට දෙන්නෙ නැත්තේ. ලංකාව ඔය දත්ත දුන්නොත්, කොටින්ට උතුරු නැගෙනහිර දුන්නට වඩා කෙලියක් වෙන්නෙ

:       20       67

de silva Friday, 07 February 2025 08:02 PM

ඩිජිටල් කරණය කළාට වැඩක් නැහැ දත්ත ඇතුල් කරන නිලධාරියෝ හොරු නම්...!

:       28       71

JayanthaSaturday, 08 February 2025 07:19 PM

හැමදේම අසුබවාදීව බලන්න එපා

:       1       0

යෝගා Friday, 07 February 2025 08:03 PM

යහපාලන ආණ්ඩුවත් හය මාසයක් යනකම් කලින් ආණ්ඩුව පටන් ගත්තු දේවල් විවෘත කරකර හිටියා. ඊට පස්සේ බලු වෙලා ගියා.

:       18       73

de silva Friday, 07 February 2025 08:34 PM

ඉන්දියන් කාරයෝ නැතිව අපේ පරිගණක ඉංජිනේරුවන්ට මේවා කරගන්න බැරිද ?

:       3       53

බද්රානි Friday, 07 February 2025 10:12 PM

මේ රට ඩිජිටල් කරණය කිරීම ඉතාම අගය කල යුතු ක්‍රියාවක්.. ඒ උනාට මීට කාලෙකට කලින් ලංකාවේ ලෝකල් පුටින් කෙනෙක් "ඔරකල් තාක්ෂණයක්" ගැන කියලා මේ රටේ ජනතාව ගොනාට අන්දා පසුව "ගම සමග පිළිසඳරක්" කරනවා කියලා ගොවියන්ව ගහක කුඩාරමකට නග්ගලා නාඩගමකුත් කළා මතකයි....

:       42       19

DilshanFriday, 07 February 2025 11:38 PM

මේක නිකන් අර සිල්ලර කඩේකට ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි ගෙවන මැශින් ටිකක් ගෙනාව වගේ වැඩක් නේ අනුර මහත්තයො. වටින වැඩක් තමයි චූටි වැඩක් උනත්

:       0       17

Hiran Friday, 07 February 2025 11:40 PM

ඔය වැඩෙත් කරේ ගෝඨාගේ උපදේශක මන්ඩලේ හිටපු මිනිස්සුම තමයි ඉතින්. දන්නො දනිති

:       2       14

ගුණරත්නSaturday, 08 February 2025 05:55 PM

රනිල්ගේ කාලේ කලේ, බණ්ඩාර මහත්තයා කිව්වා වගේ ඊටත් ඉහත ඉඳල කෙරීගෙන එන වැඩ පිළිවෙලක්. ඕකටත් වැඩ බැරි මාලුමා හැත්ත ලකුණු දාගන්න ට්‍රයි කරාවි.

:       0       5

nilu Saturday, 08 February 2025 04:21 AM

මම අවුරුදු 20 කට වැඩියෙන් ජපානය ඇමරිකාව සහ කැනඩාව යන රටවල වැඩ කලා

:       3       0

ලංකාවේ මිනිසුන් Saturday, 08 February 2025 12:54 PM

මේකේ ගොඩක් බයෙන්, සැකෙන් අදහස් දාලා තියෙන්නේ... එක්කෝ හොරු නැත්තන් අමු ළිං ගෙඹි ගෝත්‍රිකයින්... ලංකාවේ හැම ගමකින් එකෙක්වත් පිටරට එක්කං ගිහිං ලෝකයේ දියුණු සමාජය ජීවිතය ගෙවන්නේ කොහොමද? තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලබා දුන්නේ නැතුව මේ දූපත් මානසිකත්වය තියෙන ලිංගෙඹි නිසා ඉතුරු මිනිස්සුන්ටත් පවු ගෙවන්න වෙනවා. හඳට යන ඉන්දියාව අපේ දත්ත අරං එහේ තියන්නද? හිටපු දේශපාලනය හදපු ගොන්නු තමා මේ...

:       26       7

Ajith Saturday, 08 February 2025 02:48 PM

ලංකාවට තවම කාලගුණය සඡීවීව දැන ගැනීමට තවම රේඩාර් පද්ධතියක් තවම නෑ. අපදා කලමණාකරණය, වගා කලමණාකරණය සඳහා රේඩාර් ඉතා වැදගත්.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 934 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 208 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 384 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 396 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 475 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 840 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 430 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 921 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site