IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’

(ආරියරත්න රණබාහු සහ තිලකරත්න දිසානායක)

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.

මේ රටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන වසර බවට ලබන වසර පත් කරන බවකි ජනාධිපතිවරයා දුගී දුප්පත් බවෙන් පෙළෙන ජනතාව ඉන් මුදා ගැනීම තම පාලන සමය තුළදී ඉටු කරන බවද කීය.

ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට මේ මස 14 වෙනිදා සිය ඡන්දය මාලිමාව වෙනුවෙන් කැප කරන ලෙස ඒ මහතා ජනතාවගේ ඉල්ලා සිටියේය

"රට හදන අපි එකට" "මැතිසබය ක්ලීන් කරමු මාලි මාවෙන් පුරවමු" යන  තේමාව යටතේ ගම්පහ නගර සභා පිටියේ පැවති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මහ මැතිවරණ  ප්‍රචාරක රැස්වීම් මාලාවේ අවසන් රැලිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය

ජනාධිපතිවරයා  මෙසේද පැවසීය.

මහා ඡන්දේ අවසන් දිනය අදයි. මම කිව්වා  අපි දිනන්න ඕන ඇඬෙන්න කියලා ඒත් දැන් අපිට පේනවා අපි දිනන්න ඉස්සෙල්ලම කට්ටිය අඬනවා. ඒක එහෙම වෙන්න ඕන. දශක හතකට වැඩි කාලයක් විරාජමානව ඒ අය මේ රට පාලනය කළා. මේ වෙනකොට රටේ ජනතාව පොදු ජනතාවගේ අතට බලය හුවමාරු කර තිබෙනවා

දූෂිත ප්‍රභූ අයගේ පාලනයෙන් මේ රට නිදහස් කරන්න ජනතාවට හැකි වුණා. කවදාවත් මේ දෙයක් වෙයි කියලා ඔවුන් සිතුවේ නෑ. මේ පරාජය දරා ගන්න බැරුව ඒ අය එකම කතාව විවිධ විදියට කියනවා. මේ පාලනය බිඳ වට්ටන්න ඔවුන් මාන බලනවා

හැත්ත හතේ ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනා විශ්‍රාම ගන්නවා කිව්වා ආයෙ ඉන්නෙ නෑ කිව්වා. ඒත් තාම දේශපාලනය කතා කරනවා. ඔවුන් උත්සාහ කරන්නේ මේක හරවන්න නමුත් ජනතාව ඒකට ඉඩ දෙන්නේ නෑ. රටේ  උතුරු නැගෙනහිර ජනතාව ඇතුළුව බොහෝ ජනතාවක්  සුබවාදී බලාපොරොත්තුවක් අප කෙරෙහි තබා තිබෙනවා.

මේ රටේ දේශපාලනය පිරිසිදු කිරීම කළ යුතුයි. මෙහිදී පාර්ලිමේන්තුව පළමුවෙන්ම පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. මේ වෙනස සිදු කිරීම පිනිස පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවීමට පියවර ගනිමු." 

අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වමින් , අදවන විට තිදෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් විසින් රට පාලනය කරන බවත් අතීතයේ සිටි ඇමතිවරුන් අතර කාර්ය භාරයක් නොමැති වශයෙන්ද කොටසක් පත්ව සිටි පැවසූ අතර මේ වන විට එම ජනතා මුදල් කාබාසිනියා කිරීම අවසන්වී ඇති බවද කීය. 

මෙහිදී අමාත්‍ය විජිත හේරත් , ජාතික ජනබලවේගය විධායක සභිකයින්වන අපේක්ෂක  මහින්ද ජයසිංහ , අශෝක රන්වල  , මහාචාර්ය වසන්තා සුභසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂක මහත්ම , මහත්මීන්ද අදහස් දැක්වූහ.  

(ඡායාරූපය: තිලකරත්න දිසානායක)



අදහස් (11)

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’

Fernando Monday, 11 November 2024 08:35 PM

අනුර හොඳයි...

:       2       0

Harin Tuesday, 12 November 2024 02:00 AM

අන්තිමට ඒගොල්ලන්ට ඉතුරු වුණා චේ, අපිට ඉතුරු වුණා පචේ...

:       7       1

සෙනෙවිරත්න Tuesday, 12 November 2024 12:36 PM

ඔබට පමණයි එය කළ හැක්කේ, මන්දයත් එය කොමිස් වලින් ගහන ව්‍යාපෘති රැසක් ඇති එකකි. සොරුන්ට එය කළ නොහැක.

:       3       7

m. saman perera Wednesday, 13 November 2024 09:41 AM

ඔබට ජය ජනාධිපති තුමනි .අලුත් ශ්‍රීලංකාවක් ගොඩනගන්න

:       12       36

Eranga Wednesday, 13 November 2024 11:13 AM

පච කියන්නෙත් ඉතින් මාර ගැම්මකට

:       35       18

Jothi Thursday, 14 November 2024 07:02 AM

ඕන දෙයක් කියනවා බය නැතුව මොකද ටික දවසකින් එහෙම දෙයක් කිව්වේ නැත්තේ

:       5       7

Priyantha Dissanayake Thursday, 14 November 2024 07:38 AM

77 සිට සිටිකෙනාගේ සුළු සුළු අඩුපාඩුකම් තිබෙනවා නමුත් 77 සිටම රටට මොනතරම් සේවයක් කළාද, අධ්‍යාපනයට , උසස් අධ්‍යාපනයට, කාර්මික අධ්‍යාපනයට. කොටි ත්‍රස්තදයේ ප්‍රථාපවම සෙන්පතියා තම ග්‍රගණයට ගත්තා ලේ බිඳකුදු නොසොල්වා සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙව්වා. ඒ නිසාම උතුරේ යුද්දය ජයග්‍රහණය පහසුවූවා. මිනිසුන්ගේ වැරදි අඩුපාඩු හොයනවා වගේම ගුණ දකින්නත් විජේවීර මහතයාගේ පුතාගෙන්වත් ඉගෙනගන්න. 76 වසරක තිබූ යහපත් දේ නිසා තමා අද ගොවියෙකුගේ පුතෙක් නිදහස් අධ්‍යාපනය ලබලා රටේ ප්‍රධාන පුරවැසියාවෙලා තියෙන්නේ. මම නොවේ කියන්නේ විජේවීර පුතා. රනිල් මහත්තයාට සාපේක්ෂව ඔබතුමාලා මොනවාද රටට කරලා තියෙන්නේ, පාර්ලිමේන්තුවේ වසර කීයක් ඉන්නවාද..? සහ කථාවේ විදිහට වැඩ නැහැනේ දැන් ඔබතුමා වාඩිවෙලා යන්නේ ලක්ෂ 750ක.

:       17       15

Sagara JeewanthaMonday, 18 November 2024 07:10 AM

ඔබතුමාට කියන්න පුලුවන්ද සුළු සුළු අඩු මොනවද කියල. දන්නේ නැත්නම් කාගෙන් හරි අහල ඉගෙන ගන්න. 77 JR බලය ගන්න ප්‍රථම අපේරට අයිතිව ප්‍රවාහන නවුකා 7ක් තිබුණා, රට වටේටම රෙදිවිවියන් කර්මාන්ත ශාලා තිබුණා. ලංවා සංස්ථාව විසින් උදළු තල සදා ඉන්දියාවට විකුණුවා. පවුම් 5000ක් මහා බ්‍රිතාන්‍යට ලබාදී ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ලංකාවට පවරා ගත්තා. ලෝකේ රටවලට ණයට මුදල් දුන්නා. JR බලය ගතට පසුව අද අපි කොතනද ඉන්නේ. මීට පස්සෙවත් ගොබ්බ කථා නොකියා ඉන්නවා දන්නේ නෙත්නම්.

:       3       2

samSaturday, 30 November 2024 04:43 AM

ඔපචුනිටි කොස්ට් කියලා දෙයක් තියෙනවා. පොඩ්ඩක් කියවන්න.

:       0       0

Priyantha Dissanayake Monday, 25 November 2024 05:41 PM

Sagara, කරුණාකර තේරුම් ගන්න උත්සාහ ගන්න මම දැක්වූ අදහස කුමක්ද කියා... මෙය ඔබ ඉලක්ක කර තැබූ සටහනක් නොව... බුදුරජාණන් වහන්සේ දේශනා කළා" කළගුණ දන්නා සහ කළගුණ සලකන අය ලෝකයේ දුර්ලභයි " කියා. ඒ සම්බුදු වදනට සංවේදී කරන්නයි අවශ්‍ය වූයේ. ඒ සඳහා ඉතාමත් හොඳ නිදසුනක් දී තිබුණා උවිඳු විජේවීර මහතා. අනුන්ගේ වැරැදි දකින්න දකින්න හිත දූෂණය කරගන්න රැස්වන්නේ අකුශල්, ඒ අකුශල්වලට විපාක විඳින්න ඕනෑ තම තමන්මයි. නමුත් එහි අනෙක් පැත්ත අනුන්ගේ ගුණ දකින්න පුළුවන් නම් ඒවා වර්ණනා කරන්න පුළුවන් නම් රැස්වන්නේ කුසල්. විපාක ලෙස ලැබෙන්නේ සැපවිපාක. එවැන්දේ පිළිබඳව කථා කිරීම ගොබ්බකම නම් මම ඔබට කියමි මේ මගේ අදහස් දැවීමේ අයිතිය. එය ඔබ සිත රිදවාගන්න එපා. ඔබ ඔබගේ අදහස මාර්තෘකාවට අදාලව ඵලකරන්න. තෙරුවන් සරණයි .!!!.

:       0       2

බණ්ඩා Tuesday, 26 November 2024 12:20 AM

Sagara- මාරි මෝඩ කතා කියන්න එපා හලෝ. ඔහේ ඒ කාලේ හිටියාද? දැක්කද ඒවා? හොඳයි තිබුණා කියමුකෝ? ඉතින් රට දියුණු වුණාද? මිනිස්සු කාලා ඇඳලා සැපට හිටියාද? මිනිස්සු අපා දුක් වින්දා. කන්න නැතුව මයියොක්කා කොළ, බතල කොළ කෑවා. ඒ අතරේ සිරිමා එහෙම බාස්මතී කද්දී මිනිස්සුන්ට හාල් පොලු, සීනි පොලු දාලා නොමරා මැරුවා. රුමේනියාව, සෝවියට් දේශය, ටිටෝ ගේ යුගෝස්ලාවියාව වගේ රටවලින් දුන්නු කබල් මැෂින් දාලා කිසිම ප්‍රමිතියක් නැති රෙදි, ටයර්, හැදුවා තමයි. ඒවා පිටරට බල්ලෙක්වත් ගත්තේ නෑ. ජේ.ආර්. හොඳ නෑ තමයි. ඒත් කඩිනම් මහවැලි ව්‍යාපාරය, වික්ටෝරියා වේල්ල, ගොවි ජනපද නොතිබුණා නම් අපි අදත් හිඟා කනවා. ඒ නිසා ලොකු ටෝක් නොදී දැනගෙන කතා කරනවා....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 05 1153 0

මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මු


වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට
2025 අප්‍රේල් මස 05 951 0

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැ


ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි
2025 අප්‍රේල් මස 05 563 0

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.


දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
2025 අප්‍රේල් මස 05 8602 5

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
2025 අප්‍රේල් මස 05 3145 5

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභ


සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
2025 අප්‍රේල් මස 05 904 0

භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 291 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 433 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 945 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site