IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඩයනාගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු යැයි ද  සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය.

රට ඉදිරියට ගෙනයන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය  බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.

පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මහත්මිය,

කංසා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමේ .මම කතා කතාකරන්නේ විදේශ විනිමය ගැනයි. වෙනස් දේවල් ටිකක් ගැනයි. මම කතා කරන්නේ වෙනත් පැත්තක් ගැනයි.

කංසා ශාකය වගා කරන්න නීතියක් අවශ්‍ය නැහැ.කංසා වලට තියෙන්නේ  අවුරුදු 6000 සිට එන සංස්කෘතියක්. 2500ක ඉතිහාසයක් නොවේ.

රාවණා කාලයේ ඉඳන් ඒක තිබුණා.

අද බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරලා හිටියා නම් මේ රට ගැන මොනවා කියයිද දන්නේ නැහැ.මම "නයිට් ලයිෆ්" ගැන කතා කළා.නයිට් ලයිෆ්" කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ කිසිම දෙයක් අපේ රටේ නැහැ. හොරෙන් හොරෙන් හැමදේම කෙරෙනවා. මොකද්ද සදාචාරය මේ රටේ.කාන්තාවකට නිගා කරන එක ද සදාචාරය ද?

රෑ වෙන තුරු වයින් ස්ටෝස් ටික ඇරලා තියන්න ඕන.රෑ නවයට වයින් ස්ටෝස් වැහුවාම  මිනිස්සු රජයට බදු නොදී පස්ස දොරෙන් අරක්කු විකුණනවා.

එමෙන්ම සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයි.මේ රට ඉදිරියට යන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍යයි.



අදහස් (21)

ඩයනාගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්

පුරවැසියෙක්.... Wednesday, 21 September 2022 04:46 PM

හොඳ යෝජනාවක්. ගොඩක් හොඳයි.

:       0       0

චතුරි Wednesday, 21 September 2022 05:18 PM

පිටරටවල් විදියට ජීවත් වෙන්න තිබුණා. මීට ඉස්සර ඉඳලා. රටේ නීතිය කෑවේ නුඹලා වැනි අය... 250. සේරම එකයි. නිතීයක් නැහැ. ඔබලා මිනී මරනවා. හොරකම් කරනවා. තියෙන සක්කිලි වැඩ සේරම කරලා, නඩු ඉල්ලා අස්කර ගන්නවා. එහෙම වුණාම කොහොමද රටේ පුරවැසියන්... හරි මග යන්නේ..? මිනිසුන්ට කන්න කැඳ බැහැ මෙයා. සුර් වෙන්න ලයිසන් ඉල්ලනවා. පවුලේ කටිටිය. නැදැයින් සේරම. බාර් අයිති කට්ටිය වෙන්න ඇති. නුඹ ගැහැණියක්. පාසල් දරුවන්ගේ. කෑම වේලාව කොහොමද කියලා... හොයලා බැලුවද? වෙරි හිඳුණාට පස්සේ... කකුල් දෙකෙන්... පණඇතිව හිටගෙන. මේ රටට වෙලා තියෙන දේ හොයලා බලපල්ලා. රෑ එළිවෙන කම් බාර් ඇරියම... අසරණ අම්මලා මහ පාරේ එළිවෙන කම් ඉඳියි දරුවෝ... සැමියා ගෙදර එනකම්..., රටේ නීතිය සැමටම එක විදියට පාලනය වෙන්න... කොන්ද පණ ඇති නායකයෙක් බිහිකර ගන්න සටන් කරන්න... නාමල් බේබි වගේ කට්ටිය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ... අනිත් රටවල්වල අය මෙතන ඉන්නේ... උගත්, බුද්ධිමත් අවංක මිනිසුන්... අපේ රටේ ඒකට හොර තක්කඩි මොලේ නැති... හිතක්, පපුවක් නැති අය තමයි ඉන්නේ..!

:       61       47

බද්රානිWednesday, 21 September 2022 06:57 PM

මෙහෙමයි චතුරි, හැමදේටම බොරුවට කඩාගෙන, බුරාගෙන පනින්න එපා. දේශපාලන මතය වෙනස් වුණාට ඇය කියන ප්‍රකාශයේ සත්‍යතාවයක් තියෙනවා. ලෝකයේ මිනිස්සු වැඩකරනවා වගේම හවසට විනෝදත් වෙනවා. ඒකට නිසි අවස්ථාවක් ලබාදිය යුතුයි. සුපර්මාර්කට් වල දැනටමත් බියර් විකුණනවා. නමුත්, කාන්තාවන්ට බියර් එකක් වත් මිලදී ගන්න තහංචියක් තියනවනේ මේ සිරි ලංකාවේ.. දියුණු ජාතීන් සිටින රටවල, බියර්, වයින් කියන්නේ එදිනෙදා ගෙදර ආහාර වේලේම කොටසක්... පෝයදිනවල හෝටල්වල පවා බාර් වහනවා. ඒක මොන තරම් මෝඩ ක්‍රියාවක්ද? වෙසක්, පොසොන්, සිංහල අවුරුද්ද, නත්තල හෝ වෙනත් ආගමික උත්සව දිනවලදී ඇයි බාර් වහන්නේ? එයින් සිදුවෙන්නේ රජයට ලැබෙන ආදායම අහිමිවී, පාරිභෝගිකයාවත් ගසාකන හොර කළුකඩ කාරයින් අනිසි ආකාරයෙන් මුදල් හම්බකර ගැනීමයි. මේ අධර්මිෂ්ඨයින්ගේ රට ධර්මද්ධීපයක් යයි හිතාගෙන සිටින බොරුවෙන් ජීවත්වෙන මනෝ විකාර කාරයින්ගෙන් තමයි මේ රට පළමුවෙන්ම ගලවා ගත යුත්තේ...

:       22       95

pathirajaWednesday, 21 September 2022 09:00 PM

ඔය වගේ වැඩි අදායම් ලබන යට මේවා හොදයි. දියුණු රටවල් මෙවට ගාවගන්න එපා. පාන් කියන්න බැරි මිනිස්සුන්ට කේක් කාපන් කියන මනෝ ලෝකේ ජීවත් වෙන්න එපා. රටේ බාගයක් බේබද්දෝ කරන්න එපා. මේවට ඇබ්බැහි වෙනකොට ප්‍රස්න වැඩිවෙනකොට ළමයින්ට කන්න තියන එක හරි දීල බීල එනව. සමාජ පැතිකඩ බලල ලියන්න. ඔයාගේ වපසරියේ ඉදගෙන ඒකරුනු වලින් විතරක් විග්‍රහ කරන්න එපා. මම දැක්ක ෆ්බ් සංසරණය වෙනවා දුවෙක් ආහාරයට කලටි පොල් ගෙනල්ල දවල් ආහාරයට. ඔයා කියන විදියට කුඩුකාරයෝ එළියේ පුනරුත්ට්ටපනය කරන්න පුළුවන් වගේ වැඩක් තමයි කියන්නේ. ගංජා කතාවට මට උත්තර නැ. ඒවා රට තුල විකිනෙන්නේ නැත්තනම් එච්චරයි.

:       7       10

BimsaraThursday, 22 September 2022 01:24 PM

ඔබ කියනවා දියුණු රටවල....වයින් කියන්නේ එදිනෙදා ගෙදර ආහාර වේලේම කොටසක්.... ඔය කියන දියුණු කියන්නේ මොන මිම්මෙන් මැනලද? ඔබ කියන දියුණු රටවල්වල තමයි පාසල් ළමයන්ට වෙඩි තියලා මරන්නෙත්,දරුවෝ එක්ක දෙමව්පියෝ මත් වතුර එකට බොන්නෙත්, ළමයි තුවක්කු අරගෙන ගිහින් ඉස්කෝලේ ළමයිඉන්ට වෙඩි තියන්නෙත් තව ඒවා තියෙනවා . තවම අපි ඒ තරමට දියුණු නැතිව ඇති ඔබ කියන විදිහට. ඕනෙම රටක තියෙනවා සංස්කෘතියක්‌ ඔබ කියන ඒවා මේ රටට ගැලපෙන්නේ නෑ.මෙහෙ මිනිස්සුන්ට එදාවේල කන්න නැතුව ඉන්නවා කියලා දැන්නේ නැද්ද. දැන් ඕක විතරද අඩු. සල්ලි ලැබෙනවානම් අම්මා, අප්පා හරි කමක් නෑ නේද.

:       0       2

fairoos Wednesday, 21 September 2022 05:35 PM

මෙතුමියට නම් දැන් හොඳටම මොලේ කචල් වේගෙන එනවා.

:       48       25

mp Wednesday, 21 September 2022 06:23 PM

හොඳටම පිස්සු තදවෙලා. මීට කලින් කිව්වා කොරෝනා නිසා ගෝඨාභයගේ අවුරුදු දෙකක් නාස්ති වුණා. ඒ නිසා තවත් අවුරුදු දෙකක් වැඩිපුර රාජ්‍ය කාලය ලබාදිය යුතුයි කියලා... මේ පිනට ලැබුණු මන්ත්‍රීකමක්නේ. මොනවා කරන්නද? මේ වගේ අය නැවත පත් නොකළ යුතුයි.

:       0       0

Bamunuarachchi Wednesday, 21 September 2022 06:25 PM

හලෝ නරකද මිල අඩුකරලා ටර්න් ඕවර් එක වැඩිකර ගත්තාම..?

:       24       3

Surain Wednesday, 21 September 2022 07:22 PM

ඩයනාට දැන්නම් හොඳටම ශුවර් වෙලා ඉන්නේ. පවු, හැකි ඉක්මණට මනෝවෛද්‍ය තුමෙකුට පෙන්වන්න. නැතිනම් රෑ තිස්සේ බොන අය නිසා දරු පවුලත් ඉවරයි, ළමයින්ගේ අධ්‍යාපනයත් ඉවරයි.

:       31       18

කරිපුතා Wednesday, 21 September 2022 07:53 PM

අරමුණ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම නම් එතුමිය කියන දේවල්වල සත්‍යතාවයක් තියෙනවා. සංචාරකයින් ගෙන්ව ගන්න නම් යම් යම් දේවල් වෙනස් කරන්න වෙයි. හැබැයි ඉතා ප්‍රවේශමෙන්.

:       5       8

Nihal Wednesday, 21 September 2022 07:57 PM

චිකාගෝ ලන්ඩන් වගේ අපරාධ ඉහවහා යනව. මේ වෙනකොට ලන්ඩන්වල පිහි ඇනුම් වලින් දරුවෝ 26 ඝාතනය වෙලා . US ගැන නම් හැමෝම දන්නවනේ.

:       5       4

Piyasingha Wednesday, 21 September 2022 08:04 PM

ඩයනා කියන සියලු දෙය හරි. හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්.

:       2       9

Chandana Wednesday, 21 September 2022 08:09 PM

මෙයා හිතන්නේ ගංජාවලින් ආකල්ප වෙනස් වෙනවා කියලා... ක්ලබ්වල යන අය පාර්ලිමේන්තු ආවාම මෙහෙම හිතෙනවා...

:       0       0

ravin Wednesday, 21 September 2022 09:14 PM

කෙටි කාලීනව පිටරට ඉඳලා ආවට එම රටවල තියන හැම අංගයක්ම මේ රටට සංස්කෘතියට නොගැලපේ. ලූලා නැති වලේ කණයා පණ්ඩිතයලු. මෝඩ චූන් දාන්නේ නැතිව අන්තර්ජාලය තුළින් බලාගන්න පුළුන් වෙයි බටහිර රටවල පවා මද්‍යසාර විකිනිය හැකි වෙලාවල් පැහැදිලිව සටහන්වී තිබෙනවා. අනික තාම සෑහෙන ප්‍රසිද්ධ සුපර් මාකට්වල මද්‍යසාර නියමිත වෙලාවල් තුළදී බෝතල් ලෙස විකිණෙනවා. ළිදේ ඉන්න මැඩියා නොවී ගිහින් බලන්න පිටරටවාගෙම මෙරටත් රාත්‍රී කාලයේ විදේශිකයන් ගැවසෙන ස්ථානවල රාත්‍රිය වර්ණවත්.

:       1       9

Gunaraja Wednesday, 21 September 2022 11:07 PM

ඒ කතාව හරියි, කංසා පැලය නීතිගත කරලා ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගත යුතුයි. බොන එකා කොහොමත් බොනවා. ගංජා නීතිවිරෝධී රටක තමයි කුඩු කන්ටේනර් එකක් අහුවෙලා තාමත් අයිතිකාරයාව හොයාගන්න බැරුව දඟලන්නේ...!

:       0       0

chandima Thursday, 22 September 2022 12:21 AM

මාර බෝම්බයක් නේ බලාගෙන ගියාම. ඒත් කතාව නම් ඇත්ත. මමත් කියන්නේ බණ කිය කියා උන්නා ඇති. ලෝකෙ යන විදියට යමු. මෙව්වට විරුද්ධව කොමෙන්ට් දාන සමහර කට්ටියගෙ ළමයිනුත් ඉන්නේ ඔය කියන සමාජෙම තියන රටවල. මෙහෙදි බොරුවට විරුද්ධ වෙනවා.

:       8       6

මහානාම Thursday, 22 September 2022 08:11 AM

මේ වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නකන් රටකට හරියයිද? සල්ලි කිව්වොත් අම්මා, අප්පා හරි කමක් නෑ...

:       0       0

සමන්ත Thursday, 22 September 2022 08:22 AM

කට්ටිය මෙතන අදහස් දක්වලා තියෙන විදිහ දැක්කාම ලිඳේ ඉන්න මැඩියන් වගේ... සමහරු තායිලන්තය වගේ කරන්න යනවාලු. ඒ වගේ වෙනවා නම් වරදක් තියෙනවද? විෂ්ණු දෙවියන් චිරාත් කාලයක් බුදුසසුන රකිනවා කිය කියා පාරම් බෑපු මේ සිරි ලංකාවට අන්තිමට බුදු දහමත් ගේන්න වුනේ තායිලන්තයෙන් කියන එක අමතක කරන්න එපා කියලා මේ ළිං මැඩියන්ට කියන්න කැමැතියි.

:       0       0

randil Thursday, 22 September 2022 10:05 AM

මේ වැදගත් ඇමැතිතුමියට වෙන අදහසක් නැතුව ඇති.. අවුලක් නැහැ... යකාගෙ හැටියටනේ විමානේ.. වෙන මොනවා දන්නවා කියලද? ඒවට කැමැති අය මෙතන ලියනවා. මේ වගේ අදහස් ඉස් මුදුනින් පිළිගන්න අය ඉන්නකල් අවුලක් නෑ.

:       0       0

kahawita Thursday, 22 September 2022 10:13 AM

ලංකාව, තායිලන්තයක් කරලා නවත්තන්න වගේ තමයි හදන්නේ..

:       0       0

APerera Thursday, 22 September 2022 10:34 AM

ඉස්සරහට මෙයා කියයි ගණිකා නිවාස නීතිගත කරමු කියලා. එහෙම වුණොත්, මෙයාව "ගණිකා නිවාස සංවර්ධන ඇමැති" කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 248 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 302 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 286 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 499 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1951 2

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 334 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27167 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18889 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site