IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඩයනාට රූපවාහිනියෙනුත් නඩු

(සුජිත් හේවාජුලිගේ )

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක්  ලබාගෙන  රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන  සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති  ආචාර්ය  ප්‍රසාද් සමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගමගේ මහත්මියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී  තිබුණද  විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද  සභාපතිවරයා කීවේය.

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය  ලබා ගෙන  ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බව පැවසේ.

ද්විත්ව පුරවැසිභාවය ගැටලුව  හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්  දැරීමට අයිතියක් නැති බව  ශ්‍රේෂ්ඨාධිකරණය  පසුගිය ( 9) බදාදා  දැනුම්  දුන්නේය.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.



අදහස් (13)

ඩයනාට රූපවාහිනියෙනුත් නඩු

Nimal Saturday, 11 May 2024 02:45 PM

යන යන තැන පොලු තියයි.

:       0       54

Always break down Saturday, 11 May 2024 03:41 PM

අනිත් අයට කොටලුවෝ කියාගන්න සමහර අය තමාටම රිවර්ස් වෙලා..!

:       0       25

Anoj Saturday, 11 May 2024 10:59 PM

ප්‍රශ්නය තියෙන්නේ මේ කාන්තාවගේ පෙම්වතා ළග, සේනක ද සිල්වා, මේ අය හැමතැනම අපරාධ, මංකොල්ලකෑම් කරලා සම්පූර්ණ නොගැලපෙන, තුන්වැනි පන්තියේ ජරා මිනිස්සු මම පුද්ගලිකව මගේ වාහනයයි මගේ සල්ලියි නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන පොලිසියේ ක්‍රියාමාර්ග ගත්තා මුළු රටටම සාපයක් මේ අය කොහොමද ලැයිස්තුවෙන් පැමිණ ඔවුන් සපයන සියලුම ව්‍යාජ තොරතුරු සහ මේ සේනක විවාහ වී ඇත්තේ විදේශික කාන්තාවක් සමඟ නොවේ මේ සමන්මලී සියලු බොරු සියලු තොරතුරු මා සතුව ඇති අතර මගේ මෝටර් රථය තබාගෙන මගේ මුදල් ආපසු නොදුන් බවට චෝදනා කිරීම සම්බන්ධයෙන් මම පියවර ගෙන ඇත ඔවුන්ට සාප කරන්න

:       0       8

සෙනෙවිරත්න Saturday, 11 May 2024 03:28 PM

නිමල්, රනිල්ගේ හයිය තමයි...

:       1       29

Achini Saturday, 11 May 2024 03:36 PM

දුප්පත් රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්නමයි එන්නේ, මහ රැජිණගේ පාස්පෝට් එක තියාගෙන හොරකම් කරන්නේ ලංකාවෙන්..., ඕක තමයි රාජපක්ෂ සහෝදරයිනුත් කළේ...

:       0       44

Chandima Saturday, 11 May 2024 04:08 PM

මෙච්චරකල් නඩු නොදා වුණාට සභාපතිට නඩුදාන්න වටින්නේ?

:       0       37

Ariyathilaka Saturday, 11 May 2024 04:19 PM

මේ කාලයේ මෙරට හොඳම නඩු භාණ්ඩය නොවුණොත් තමයි පුදුම...!

:       0       20

පිටරටවැසියා Saturday, 11 May 2024 05:02 PM

ඔය විදිහට දෙන්නං කාසිවලට සජීවී විකාශන අවස්ථා රටේ අනෙකුත් පාරිභෝගික ව්‍යාපාරිකයන්ටත්, ජනතාවටත් දෙනවාද? දැන් මැතිවරණත් ළඟ නිසා ඉදිරියට දැන්වීම් විකාශන අවස්ථා දීලා ඒවායේ පොලුත් මහා භාණ්ඩාගාරය හරහා රටේ ජනතාවගේ බදු මුදලින් පියවා ගන්න පුළුවන් වේවි....!

:       0       30

Rohana Saturday, 11 May 2024 09:49 PM

ඩයනා ලංකාවට පිලිලයකි. නඩුහබ නැතුවම රටින් පිටකලත් අපට ඇත්තේ ලොකු සැනසීමක්.

:       0       14

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 12 May 2024 09:29 PM

පිස්සු ද ඔයාට ? එහෙම නඩු නැතිව, කල්ලතොනියෙක් වගේ රටින් පිටකරන්න පුළුවන් බඩිඩක්ද මෙක ? රිමාන්ඩ් කරලා, නඩු විභාග කරල, හොරෙන් ගත්ත කොටි ගනන් සල්ලි ආපහු අරගෙන, මහ උළු ගෙදර කාලයක් පදිංචි කරල, එහෙ රසවත් කෑම කන්න දීලා, ඇදුම් පැළදුම් අරගෙන සුද්දා ගෙ රටට තොලොංචි කරන එක ඊට වැඩිය හොඳ නැද්ද ???

:       0       1

ජගත් ලියනගේ Saturday, 11 May 2024 10:06 PM

ගෑනු නං දැකල තියෙනවා . මෙහෙම ගෑනු කෙනෙක් නං ජීවිතේට දැකල නැහැ .

:       0       19

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 11 May 2024 10:43 PM

බලාගෙන යනකොට මේ අම්මන්ඩි මාර චෞර පොරක් නෙ... තොත්ත බබෙක් වගේ හිටියට රාජකීය හොර වංචා වලට කප් ගහලා තියෙන බව පෙනවා. තව තවත් එලියට එන්න දෙවල් ඕන තරම් ඇතිය කියා මගේ ආච්චි, සීයා එහෙම නිතරම කියවනවා !!

:       0       17

විජිත් Saturday, 11 May 2024 11:57 PM

මේ අම්මණ්ඩිට නඩු දාපු එක හොඳයි. හැබැයි රටේ වගකිවයුතු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් ලෙස රූපවාහිනියත් ලොකු වරදක් කරලා තියෙනවා. ඒ තමයි " දෙන්නම් කාසි " වලට වැඩ කිරීම. රජයෙන් යැපෙන , කොන්දක් නැති ,නිකම්ම නිකම් පතෝල ටයිප් එකේ නිලධාරීන් කොහොමද කියන්නේ " පේමන්ට්ස් ඉවරකරලා අවශ්‍ය ලියකියවිලි එවන්න අපි ඉක්මනට වැඩේ කරලා දෙන්නම් " කියලා. කියන්න බැහැ ,මොකද උන් දේශකාපාලුවාට බයයි.මේ භය එදා ඉඳලාම ..අවුරුදු 75 කටත් කලින් ඉඳලාම පැවත එන " ජාන ගත බයක් ". මම ප්‍රර්තනාකරනවා අනාගතයේදීවත් මේ අනවශ්‍ය ජානගත භය නැති නිර්භීත අවංක ශක්තිමත් නිලධාරීන් බිහිවේවා කියලා.එත්.. " කොල්ලෝ වැඳපන් මන්ත්‍රී තුමාට .." කියා තම දරුවන්ට අණ කරන, තමදරුවාගේ වැඩීගෙන එන පවුර්ෂ්‍ය නැතිකරන මෝඩ නුගත් නොන්ජල් ..දෙමාපියන් සිටිනතාක් කල් ..මොන කතාද ?

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 131 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 155 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 139 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 352 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 352 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site