එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ලෝක නායකයන් පුදුමයටත් භීතියටත් පත් කරමින්, විශේෂ අමුත්තකු සභාශාලාවට ඇතුළු වෙයි. මේ අමුත්තා ඩයිනසෝරයෙකි.
මේ ඩයිනසෝරයා 'ජුරාසික් පාර්ක්' 'ජුරාසික් වර්ල්ඩ්' ආදී චිත්‍රපට හරහා දකින්න ලැබෙන 'රැප්ටර්' ඩයිනසෝරයෙකි. ඩයිනසෝරයන් අතරින් වඩාත් බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ ද රැප්ටරයන්ය. මේ ඩයිනසෝරයා, රැස්ව සිටින සියලු දෙනාත් ලොව පුරා සියලු දෙනාත් අමතමින් කතා කරයි. ඒ, මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සම්බන්ධයෙනි. මනුෂ්‍ය වර්ගයා වඳ වීමට ලක් නොවිය යුතු බව ඩයිනසෝරයා පෙන්වා දෙයි.
'මිනිසුනේ මේ අහන්න. වඳ වී යෑම කියන්නේ මොකක්දැයි මං හොඳින් දන්නවා. මං ඒ ගැන ඔයාලට කියන්නම්. වඳවී යනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි. වඳ වී යනවා කියන්නේ නරක දෙයක්. විහින්ම, වඳවී යනවා නම්ට ඒක සමාව දෙන්න බැරි වරදක්. වස ලැජ්ජාවක්. මට අහන්න ලැබුණු විකාර දේ එයයි. අපි (ඩයිනසෝරයන්) වඳ වුණේ ග්‍රහකයක් හින්දා. ඔයාලට නිදහසට කාරණාවක් ඇත්තේ නැහැ. ඔයාලා පාරිසරික ව්‍යසනයකට මුහුණ දෙමින් ඉන්නේ. විහින් වඳ වෙන්න හදනවා. සෑම වසරකම රජයයන් බිලියන ගණනින් මහජන මුදල් යොදවනවා පොසිල ඉන්ධන සමාගම් නඩත්තු කරන්න. ඒක හරියට අපි ඩොලර් බිලියන ගණනක් වැය කරමින් ග්‍රහක නඩත්තු කරනවා කළා වගේ. ඒ, මුදලින් කොතරම් දේවල් කරන්න පුළුවන්ද? ටිකක් කල්පනා කරලා බලන්න. ලෝකයේ කී දෙනෙක් දුප්පත්කමින් පෙළෙනවා ද බලන්න ? ඒ අසරණයන්ට පිහිටවීම වඩා හොඳයි නේද, තම වර්ගයාගේ වළ කපා ගන්නවාට වඩා. මං කියන දේ තේරුම් ගන්න. දැන් ඔයාලට හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. ක්‍රියාත්මක වෙන්න. ආර්ථිකය යළි ගොඩ නගා ගනිමින්, මේ වසංගතයෙන් ගොඩයන්න. මේක තමා මනුෂ්‍ය වර්ගයාට ලැබුණු හොඳම අවස්ථාව. මං කියන්නම්හ කදිම අදහසක්. වඳ වී යෑම තෝරා ගන්න එපා. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න බලන්න. තවත් ප්‍රමාද වෙන්න එපා. තව දුරටත් වැරදි වහගන්න හේතු කියන්න එපා. ඉක්මනින් හරි තීන්දු තීරණ ගන්න. ස්තුතියි'
ෆ්රැන්කි නමැති මෙම ඩයිනසෝරයා සිය කතාව අවසන් කරයි. බොහෝ දෙනා එය අගය කරමින් අත්පොළසන් දෙන්නේ අසුන්වලින් නැගී සිටිමිනි. ෆ්රැන්කිගේ මෙම කෙටි වීඩියෝව නිර්මාණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඩයිනසෝරයා CGI පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි. මේ වනවිට මෙම වීඩියෝව, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන අවසන්ය. රට රටවල ප්‍රකට නළු නිළියන් ඩයිනසෝරයාට විවිධ භාෂාවලින් හඩ ලබා දී ඇත. ඒ, ඩයිනසෝරයා හරහා සමාජගතවන පණිවුඩයේ ඇති වැදගත්කම නිසාය. ඉංග්‍රීසි බසින් ෆ්රැන්කි ට හඬ දෙන්නේ හොලිවුඩ් ප්‍රහසන නළු ජැක් බ්ලැක්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෆ්රැන්කීගේ වීඩියෝව ප්‍රසිද්ධියට පත් කළේ මෙම සමුළුව නිමිත්තෙනි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය 26 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පොසිල ඉන්ධන සමාගම් පවත්වාගෙන යෑමට ලොව ධනවත් සහ බලවත් රටවල් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 423 ක මුදලක් ලබා දෙයි.
මේ මුදල 'කොවිඩ් 19' එන්නත්කරණ කටයුතු සඳහා යොදවන්නේ නම්, බොහොම පහසුවෙන්, ලොව සෑම කෙනකුටම නියමිත එන්නත් මාත්‍රා ලබා දීමට හැකියාව ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී ඇත. ඩයිනසෝරයාගේ වීඩියෝව, විනෝදය උදෙසා නිර්මාණය කරන ලද්දක් නොවන බව සිහියට ගත යුතුය.
මෙම වීඩියෝව හරහා කරන අනතුරු ඇඟවීම සහ පණිවුඩය ලොව සෑම කෙනකුම හොඳින් වටහා ගත යුතුය. අප ජීවත්වන ලෝකය, අපේ පෘථිවිය දිනෙන් දින උණුසුම් වෙමින් පවතින්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. පොසිල ඉන්ධන දහනය, මිහිකත උණුසුම් කරයි. පොසිල ඉන්ධන දහනය අවම කරමින්, හරිතාගාර විමෝචනය අඩු කරමින් මිහිකත බේරා ගැනීම සහ අපේ පණ බේරා ගැනීම අප කළ යුතුය. මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම තීරණය කරනු ඇත්තේ අද අප ගන්නා තීරණ අනුවය.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයිනසෝරයෙක් ජගත් සමුළුව අමතයි
Asela Friday, 05 November 2021 12:01 AM
ඇහැට කඳුලක් ආවා සත්තයි. මා දකින සහස්‍රයේ වටිනාම වීඩියෝව. ලෝක නායකයින්ට දැන්වත් ඇස් ඇරේවා...! අපේ රටේ එවුන් ගැන කතාකරන්න කැමතිම නැහැ. ඒ ඇයිද දන්නේ නැහැ...
rizwan Friday, 05 November 2021 07:42 AM
ලංකාවෙන් ඕකට ගිය කට්ටිය තරම් ඔය ඩයිනෝසරය භයානක නම් නෑ..
samanFriday, 05 November 2021 02:23 PM
ලංකාව ඔච්චර අවුල් නම් වෙන රටකට යන්න..
sharm warn Friday, 05 November 2021 10:29 AM
ඔහොම කියලාවත් තේරුම්ගන්න ජාතියේ අය නෙවෙයි මිනිස්සු කියන්නේ.
මෝ Friday, 05 November 2021 03:30 PM
අපේ කරුමෙට ඔය සමුලුවට ලංකාවෙන් ගියේ බුද්ධිය බිංදුවක්වත් නැති ඩයිනෝසරයෙක්. එයාට ඔය කියපු කිසිදෙයක් තේරුම් ගන්න බෑ...