(නිමන්ති රණසිංහ)
ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ළග තබා ගැනීමේ වරදට ප්‍රමණවත් සාක්ෂි ඇති බවත්, ඇය සිදුකර ඇති වරදට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව ඉදිරි පියවර ගැනීම සඳහා මසක කාලයක් ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා සදහන් කර සිටියේ තම සේවාදායිකාවට එරෙහිව දේශපාලන වශයෙන් පලිගැනීමේ අරමුණීන් මෙම නඩුව පවරා ඇති බවත්, ඇය 20-15 වර්ෂයට පෙර තිබූ පුරවැසිකම ඉවත් කර නව පුරවැසිභාවයක් ලබා ගෙන ඇති අයකු බවත්ය.
පැමිණීල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කර සිටියේ, අහිංසක ජනතාවගේ බදු මුදලින් යැපෙමින් මේ අයවලුන් පාර්ලිමේන්තුවේ වැජඹෙන බවත්, මොවුන් සිදුකරන මෙම ක්‍රියාවෙන් ලැජ්ජාවට පත්වෙන්නේ ඒ ජනතාව බවත්ය. සැකකාරිය සිදුකර ඇත්තේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි සංඥය වරදක් බවත්, ඒ හේතුවෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ, එක් පුද්ගලයකුට විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබීම වරදක් නොවේද?, ආගමික විගාමික පනතේ වරදක් අනාවරණයේ නොවන්නේද? එසේ වුවහොත් ඊට පසු සිදුකරන්නේ කුමක්ද? යන්නය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරුත්තරව බලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් රාජකාරි ගමන් බලපත්‍රයක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරට නිති විරෝධී ලෙස රැඳී සිටිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුව වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 22, වට මාවත, පිළියන්දල ලිපිනයෙහි හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් යන විසින් ඉකුත් 2020 වර්ෂයේ නොවැම්බර් මස 02 වැනිදාය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයනා අත්අඩංගුවට ගන්න පුළුවන්
siri Thursday, 09 February 2023 08:41 PM
නීතිය පොඩි මිනිහට විතරද?
සත්‍යා Thursday, 09 February 2023 08:58 PM
කෙනෙකුට උප්පැන්න දෙකක් තියෙන්නෙ දෙකක් ලියාපදිංචි කරපු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් හොරට ලියන්න ඇති .ඒත් සත්‍ය උප්පැන්න සහතිකයේ තෙරපුම් මුද්‍රාව තියෙන්නම ඕන. ඒක බොහොමයක් දෙනෙක් දන්නෙ නැහැ .ඒක ප්‍රයෝජනයට ගන්නා පිරිස් බොහෝවිට අක්‍රමිකතා කරනවා ඇති. ඇත්තටම එක් දින සේවයේදී උප්පැන්නෙ සත්‍යයද කියලා බලන්න වෙලාවක් නැහැ. කියන්න බැරි තෙරපුම් මුද්‍රාව නිසා තෙරපුම් මුද්‍රාව සහිතව දෙකක් දුන්නානම් දුන්නු කෙනාත් මුද්‍රාව තැබූ කෙනාත් වරදකරුවන් වෙන්න පුළුවන්.
රංජිත් Friday, 10 February 2023 12:02 AM
බලමු පොලිසිය ක්‍රියාත්මක වෙයි ද කියලා.... සාමාන්‍ය වැසියෙක් විහිලුවකට හරි ගමන් බලපත්‍ර 2ක් ලඟ තියාගත්තනම් හිරේ...මෙයා......
Ariyathilaka Friday, 10 February 2023 02:01 AM
"මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ, එක් පුද්ගලයකුට විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබීම වරදක් නොවේද?, ආගමික විගාමික පනතේ වරදක් අනාවරණයේ නොවන්නේද? එසේ වුවහොත් ඊට පසු සිදුකරන්නේ කුමක්ද? යන්නය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරුත්තරව බලා සිටියේය" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍ය්වස්ථාවෙහි 1 වෙනි අනුව්‍ය්වස්ථවෙහි 12(1) " නීතිය පසිඳ වීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මේ ව්‍ය්වස්ථාව යටතේ ද නිරුත්තර විය හැකි ද?
Ariyathilaka Friday, 10 February 2023 03:02 AM
අමාරු මොහොතේ රට අතහැර යන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉල්ලීමක් කළ ද බව මාධ්‍ය වාර්තා කර ඇත. අනේ අනිච්චං! දෙව්දත් විසින් බුදුර දුන්ට ගල් පෙරළා බුදු වීමට උත්සාහ කරන ලදී. විදේශ ගත වීම හෝ නො වීම නීත්‍යානුකූල අයිතිවාසිකමකි. මේ අවස්ථාවේ විදේශ ගත වූවන්ට තම මව් බිමට පෙරළා නොපැමිණෙන ලෙස ප්‍රකාශ කිරීමට, ඉල්ලීමට, කිසිවෙකුට ත් ම අයිතියක් නැත. කොහේ තියෙන නීතියක් ද? හා..හා.. අප නීතිය කතා කළ යුත්තේ නීති ගරුක අය සමඟ ය. නීති ගරුක නොවන අයට, නීතියට අනුව රටේ ජීවත් නො වන අයට, නීතිය නො වටහෙත්. එවැනි අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය ගැන අවබෝධයක් ද නැත්තාහ. නීතියානුකූලව රටේ ජිවත් වන අය පිළිබඳව ඊර්ෂ්‍යා නො වනනවා නම් තමයි පුදුම! එවැනි ඇත්තන්ගෙන් මෙවැනි වචන පිටවීම අරුමයක් ද නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (උ), (ඌ), (එ) ඡේදවල "සෑම පුරවැසියෙකුට ම- (උ) එකලා ව හෝ අන් අය සමඟ යම් නීත්‍යානුකූල, රැකියාවක, ,වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක, හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහසට; (ඌ) ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක
Ariyathilaka Friday, 10 February 2023 03:04 AM
වාසය කිරීමේ නිදහසට සහ, (එ) ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේ ය." යනුවෙන් දක්වා ඇති එකී ඡේද කියවා තේරුම් ගැනීම යහපත් බව අවධාරණය කරමු. තම රටේ හෝ විදේශයක හෝ නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක යෙදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට එකඟ බැවින් හිස් ප්‍රලාප දෙඩීම පුරවැසියන්ට කරන අවමානයක් බව ද අවධාරණය කරමු. නුසුදුසු ඇත්තන් නුසුදුසු ආකාරයට රට පාලනය කිරීම ආර්ථික පරිහානියට හේතුව ය. හෘදය ශාක්ෂිය පිළිබඳව විමසා බැලීම වැදගත් වනවා ඇත.
Sherine chandrasekara Friday, 10 February 2023 04:34 AM
ගරු අධිකරණයට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි .ඩයනා ට නීතිය ක්‍රියාත්මක කරපු ගරු විනිෂ්‍යකරුවන් ට ජය වේවා .අදාළ නඩුව ගොනු කරපු පුද්ගලයාට ජය වේවා .ඩයනා කියන දේවල් කලොත් ලංකාව අන්ත දූෂිත වෙනවා