IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඩයනා ගමගේට ඇප

(රොෂන් තුෂාර)

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 

පසුගිය 20 වැනි දිනයේදී රහස් පොලිසිය මගින් සැකකාරියක ලෙස නම් කළ ඩයනා ගමගේ අගමික සහ විගාමික පනතේ යටතේ පුදගල ලියාපදිංචි පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අධිකණයට දැන්වීය.

සැකකාරිය කර ඇති බව මාධ්‍යමගින් තොරතුරු දැනගත් විගය අධිකරණයට ඉදිරිපත් වූ බව රහස් පොලිසිය ලිඛිතව දැනුම් දීමෙන් පසු ඇය අධිකරණයට ඉදිරිපත් විය.

රහස්  පොලිසිය ලිඛිත දැනුම්දිමක්  කර තිබුණ ද ඔවුන් අධිකරණය පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා  සිය නියෝගය නිකුත් කරමින්  සැකකාරිය ඇප නියම කළේය.

රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් ද මිලියන 10 ක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා  නඩුවේ පාර්ශව කාර්යන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙසට සැකකාරියට තරයේ අවවාද කළේය.



අදහස් (14)

ඩයනා ගමගේට ඇප

BITTER TRUTH Tuesday, 21 May 2024 12:36 PM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       31       36

රංජිත් Tuesday, 21 May 2024 12:58 PM

මෙව්වනේ නඩු කියන්නේ.......""'රහස් පොලිසිය ලිඛිත දැනුම්දිමක් කර තිබුණ ද ඔවුන් අධිකරණය පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් සැකකාරිය ඇප නියම කළේය.""""

:       18       46

Udaya Tuesday, 21 May 2024 01:41 PM

රංජිත්ට පොඩි කියවීමේ අපහසුවක් තියෙනව වගේ. ඊට උඩ වාක්‍යයත් පොඩ්ඩක් කියෙව්ව නම් ඒ අමාරුව හොඳ වෙනව. ඩයනා අධිකරණයට භාර වීමෙන් පස්සේ තමයි ඇප දීල තියෙන්නෙ. ජෙප්පොන්ට කොහොමත් වාසි ටික විතරයි පේන්නෙ. ඕක ලෙඩක්. කුහකකම කියල කියන්නෙ. තමන්ම තමයි හොඳ කර ගන්න ඕන.

:       47       37

fairoos Tuesday, 21 May 2024 01:44 PM

තවත් නිකන් නාඩගමක් විතරයි .ඉස්සෙල්ලා චන්දයක් තියන්නකෝ

:       7       52

අරවින්ද මොනරවිල Tuesday, 21 May 2024 03:23 PM

අපි හිතාගෙන හිටියේ රනිල් රාජපක්ෂගේ සී.අයි.ඩි.ය ඩයනා මැඩම්ව රට පුරා හොයන්නේ අල්ලලා කුදලාගෙන ඇවිල්ලා හය මාසයක් වත් රිමාන්ඩ් කරලා තියන්න වෙන්න ඇති කියලා, දැනුයි තේරෙන්නේ හොයලා තියෙන්නේ උසාවියෙන් ඇප අරන් දෙන්න කියලා. ඒකනේ ඩයනා මැඩම් උසාවියට ඉදිරිපත් වුණොත් රනිල්ගේ සී.අයි.ඩි. උසාවිය පැත්ත පළාතේ ආවේ නැත්තේ.

:       14       21

සෙනෙවිරත්න Tuesday, 21 May 2024 03:23 PM

උදය , තමුන්ට හිතෙන්නේ ඩයනාට එරෙහි සියල්ලම ජෙප්පො කියලද? තමුන්ලාට ජෙප්පො හීනෙන් පේනව වගේ දවසට දෙතුන් වරක්. ජෙප්පන්ට බය හොරාකාපු උන්ට කඩේ යන අය විතරයි.

:       17       30

Danawardhana Tuesday, 21 May 2024 05:13 PM

සත්‍ය වශයෙන්ම ජෙප්පන්ට බිය උන්දැලා කල්ලි හැදිලා රාත්‍රියේ ඇවිදින් නිවසේ ආහාර අනුභව කරද්දී වෙඩිතබා මරා දැමීමට ලක්වූ පවුල්වල මිනිස්සු හා පැහැරගෙන ගොස් මරාදැමූ අයගේ පවුල්වල අහිංසක මිනිස්සු මිස ඒවා කරපු හා කිරීමට අනුබල දුන්නු අනුන්ගේ වේදනාව නොතේරෙන තිරිසනුන්ට ඒවායේ අමාරුවක් තේරුම් ගන්න බැහැ. තුවාලයක් තියෙන කෙනෙකුට මිස පිහියෙන් ඇන තුවාලය හැදූ සෙනෙවිරත්න වගේ අලුගෝසුවෝ එකෙකුටවත් ඒවායේ අමාරුව තේරුම් ගන්න බැහැ. (ඇත්තටම මම මෙහෙම කිව්වත් ඊර්ෂ්‍යාව, කුහකකම හා ක්‍රෝධය පමණක් උගන්වන පක්ෂ නායකයො කරන දේශන පමණක් පිළිගන්නා අයට සත්‍ය අසත්‍ය තේරුම් ගන්න වුණත් අමාරු ඇති.. ඒකනේ කොච්චර පැහැදිලි කළත් තේරුම් ගන්න බැරි...)

:       11       55

Anura Tuesday, 21 May 2024 03:57 PM

එයාට ඇප ලබාදෙන එකට අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විරුද්ධ වෙලා නැහැලු

:       13       19

රංජන් Tuesday, 21 May 2024 04:16 PM

ඩයනා මෙරට පුරවැසියෙක් නෙවෙයි කියලා අධිකරණයේ ඔප්පුවෙලා තීන්දුවකුත් දීලා ඉවරයි. ඩයනා කියපු බොරු ඔක්කෝම රෝල්. මේ රටේ පුරවැසියෙක් නෙවෙයි නම් නීති විරෝධීව ඉඳලා තියෙන්නේ. නීති විරෝධීව සැප සම්පත් විඳලා තියෙනවා. මහජන මුදල් දැනදැනම අවභාවිතා කරලා. වෙන කෙනෙක් මහජන මුදල් අවභාවිතා කළා නම් මොකක්ද ප්‍රතිපත්තිය...?

:       7       7

Kazi Shajahan Tuesday, 21 May 2024 05:05 PM

ඩයනා වීසා නැතිවනේ අපේ රටේ ඉන්නේ.. ඉතින් කොහොමද ඇප දෙන්නේ?

:       2       10

nanda Tuesday, 21 May 2024 06:33 PM

බෙරළුගොඩ කැණහිලුන්ගේ .... පැත්තේ හිටියේ..

:       8       6

Don perea Tuesday, 21 May 2024 06:44 PM

දැන්වත් තේරුම් ගනිල්ලා ලංකාවේ නීති දෙකක් තියෙන බව. රටේ බූරුවෝ වැඩි වුණාම මෙහෙම වෙනවා.

:       8       16

nanda Tuesday, 21 May 2024 09:06 PM

මේ රටේ ලමයි කල්පනා කරනවා ඇති රටේ පුරවැසි බවත් නැතිව මදිවට වංචා සහගත ලෙස මේ රටේ ඉන්නේ කොහොමද කියලා... මේවා වැරදි පූර්වාදර්ශ යහපත් රටකටනම්

:       0       2

Rata Perata Wednesday, 22 May 2024 11:53 AM

අලි හොරු තීන්දු ගන්නකොට ඔහොම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි
2024 නොවැම්බර් මස 24 27 0

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව


වැස්සෙන් උතුරේ පවුල් 4,162 ක් පීඩාවට
2024 නොවැම්බර් මස 24 3 0

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ


දිවි පිදූ රණ විරුවෝ සමරති
2024 නොවැම්බර් මස 24 3 0

සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද


කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි
2024 නොවැම්බර් මස 24 171 0

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 150 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 918 2

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 722 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site