IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් කාබනික දියර පොහොර ඉසීම අත්හදා බලයි

 

(ජේ.කේ.එල්. චාමින්ද)

ලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන  ගුවනේ සිට කුඹුරු යායකට  කාබනික දියර ‍පොහොර ඉසීමේ අත්හදා බැලීමේ වැඩසටහනක් අද (25) රත්ගම පන්විල යායේ දි සිදුකෙරණි.

මෙකි තාක්ෂණය පිළිබද ගොවින් දැනුවත් කිරිම හා අත්හදා බැලිමක් වශයෙන් ඩ්‍රෝනා කැමරාවක්  උපයෝගි කරගෙන කාබනික දියර පොහොර ඉසිම සිදුකරණු ලැබිය. පන්විල යායේ කුඹුරු අක්කර එකහමාරකට පමණ  මෙකි නව තාක්ෂණික  මෙවලම යොදාගෙන කාබනික දිය  පොහොර ඉසනු ලැබිය.

මෙම වැඩසටහන  පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික  පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමැති නිතිඥ මොහාන් පි දි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවිජනතාවට නව තාක්ෂණික උපක්‍රම හදුන්වා දිම හා කාබනික පොහොර ගොවින් අතර ප්‍රචලිත කිරිමේ ආරමුණින් මෙම අත්හදා බැලිමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බැව් රාජ්‍ය ඇමති මොහාන් පි දිසිල්වා මහතා පැවසියපරික්ෂණ මට්ටමින් තමයි අපි මෙම වැඩසටහන  ක්‍රියාත්මක කළේ. ගොවින් පොහාර අධිභාවිතා කරණවා.ඒ විතරක් නෙවෙයි පොහොර ඉසිම සදහා වැඩි කාලයක් ගතවෙනවා.

විශාල වියදමක්ද යනවා මෙකි තාක්ෂණය භාවිතා කිරිම තුලින් කෙටිකාලයක් තුල තම කුඹුරු යායට පොහොර ඉසිමට ගොවින්ට අවස්ථාව ලැබෙනවා.

 ඉදිරියේ දි මෙම වැඩසටහන  අනික්  ප්‍රදේශවලද ක්‍රියාත්මකිරිමට කටයුතු කරණවා  මෙම ඩ්‍රෝනා කැමරාවේ විසුරුම් 08ක් තියෙනවා ඒ හරහා තමයි පොහොර  ඉසිම සිදුකරන්නේ. ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක එල්.එච් සුරියබණ්ඩාර මහතා තමයි පොහොර කමිටුවේ දි මෙම වැඩසටහන යෝජනා කළේ. අත්හදා බැලිමේ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවද රාජ්‍ය ඇමතිවරයා පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා කෘෂිකර්ම ඇමති මහින්දනාන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක එල්.එච් සුරියභණ්ඩාර, ආචාර්ය ජගත් ගුණවර්ධන, ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් එස් ප්‍රියන්ජන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (21)

ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් කාබනික දියර පොහොර ඉසීම අත්හදා බලයි

vikum Wednesday, 25 November 2020 12:25 PM

අපේ රටට ඒවත් උත්සව වෙලා, ඕවා ලෝකයේ පටන් අරගෙන දැන් බොහොම කල්.. දැන් අධෝරක්ත කිරණ ඇසුරින් ගොවිපොලේ වතුර අඩුතැන්වලට පමණක් ජලය පතිතවන ආකාරයේ තාක්ෂණික මෙවලම් පවතින යුගයක තියෙන්නේ....

:       18       50

asankaWednesday, 25 November 2020 01:50 PM

අපි කොහෙන් හරි පටන් ගන්නට ඕනේ.... නිකම් හැමදේම ලෝකෙත් එක්ක සංසන්දනය කරන්නට එපා.

:       12       43

NuwanWednesday, 25 November 2020 02:38 PM

පටන් ගන්න එක හොඳයි. නමුත් මෙච්චර කල් ඕවා නොකළේ රටේ පාලනයට ජෝකර්ලා පත්වුණු නිසා සුද්දා ගිය දා පටන්...

:       4       27

asankaWednesday, 25 November 2020 03:11 PM

ඔය කියන සුද්දා තමා මේ රටේ කෘෂිකර්මය වලපල්ලට ඇරියේ. එහෙම වලපල්ලට ගිය රටක් ගොඩ ගන්ට හුගක් කල්යනවා.

:       10       25

රණවකThursday, 26 November 2020 10:07 AM

මේවා පටන් ගත්තම හෙළ ගොවිතැනට මොකද වෙන්නේ...? හෙළ ගොවියාට ඩෙනිම අන්දලා සුද්දො කරන්නද හදන්නේ...? අනිත් එක සුද්දගේ තාක්ෂණේ පාවිච්චි කරන්න ලැජ්ජා නැද්ද?

:       3       2

asankaThursday, 26 November 2020 10:49 AM

හෙළ ගොවිතැන රඳා පවතින්නේ එයට භාවිතා කරන උපක්‍රම මත මිස, අමුඩය මත නොවේ.

:       2       5

de silva Wednesday, 25 November 2020 01:18 PM

ඩ්‍රෝන නැතිනම් රොකට් එකේ දමලා හරි ගහන්න පොහොර ලංකාවේ මිලදී ගැනීමට නැත.

:       12       33

paakeer Wednesday, 25 November 2020 01:39 PM

මේවා සුද්දෝ කළේ අපි ගස් නගින කාලේ. හැබැයි සුද්දෝ කොළ අතු ඇන්දේ අපි අමුඩ ගහන කොටලු.

:       15       19

නුවන් Wednesday, 25 November 2020 09:59 PM

ඔය තියෙන්නේ නියම ආකල්ප. ජයවේවා...!!! 

:       1       2

Nishan Thursday, 26 November 2020 01:18 AM

මිනිස්සුන්ට රස්සා නැතුව ඉන්නවා. වියදම් අධික ඩ්‍රෝන තාක්ෂණයක් යොදාගෙන පොහොර ඉහිනවා. මේ වගේ විහිළු ආණ්ඩුවක්. තමුන්ගේ හිතවතෙක් මේ ඩ්‍රෝන්ස් ගෙන්වලා ඇති. එයාව පෝසත් කරන්නයි, එතැනින් ගාණක් කඩා ගන්නයි ඒක ප්‍රොමෝට් කරනවා.

:       3       9

ruwan Thursday, 26 November 2020 03:02 AM

හොඳ ආරම්භයක්... කෙසේවෙතත් හැමදේම දේශපාලන කෝණයෙන් මනින ෂෘණාත්මක හැඟීම් තියෙන අයව ඔක්කෝටම කළින් පුනරුත්ථාපනය කළ යුතුයි.

:       1       4

ජයන්ත Thursday, 26 November 2020 03:33 AM

හොඳයි. නමුත් අරමුණ වෙන එකක්. ලංකාවේ පොහොර මිලදී ගන්න නැති අදහස යටපත් කරන්න හොඳ උපක්‍රමයක් පමණයි.

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 26 November 2020 04:12 AM

" පියඹා උඩින් කෘෂි සේවයෙ යෙදෙන විට ... මාහට යන්න සිතුනා එහි නැග උඩට ... කොළවන් ගොයම සුබ දසුනකි නෙතු දෙකට ... ඩ්‍රෝන මලේ වැඩ කරපන් නුඹ රටට ... "

:       3       12

දියතලාවේ - බණ්ඩාර Thursday, 26 November 2020 04:56 AM

මේවා කරන්න ගත්තාම ලංකාව, ඇමෙරිකාව වගේ වෙනවනේ. අපිට ඕන ශ්‍රී ලාංකික කෘෂිකර්මය. අමුඩේ ගහගෙන කුඹුරු කොටන තැන තමයි අපේ අනන්‍යතාවය තියෙන්නේ. ඇඟ කිළිපොලා යන දේශමාමකත්වය එන්නෙ එතකොට. ටුවරිස්ලා වුණත් බලාපොරොත්තු වෙන්නේ ඒක. සුද්දගේ කලිසම ඇඳගෙන සුද්දගේ ගැජට් පාවිච්චි කරන්න ගත්තාම අපි ලාංකිකයි කියන්නේ කොහොමද? අනික රනිල් කරන්න හැදුවේත් මේකමනේ. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත...?

:       5       7

asankaThursday, 26 November 2020 10:50 AM

හෙළ ගොවිතැන රඳා පවතින්නේ එයට භාවිතා කරන උපක්‍රම මත මිස අමුඩය මත නොවේ.

:       3       2

kamal Thursday, 26 November 2020 05:01 AM

ඩ්‍රෝනා, පැජරෝ ... මොනවද අපේ ගොවියන්ට අඩු..? මේවා ඉතින් සර්ව සතුටු කරන සංදර්ශන තමයි...

:       3       6

kamala haris Thursday, 26 November 2020 05:11 AM

ඩ්‍රෝන කැමරා නෙමෙයි ඩ්‍රෝන යානයක් විය යුතුයි.

:       1       12

සිදත් Thursday, 26 November 2020 06:26 AM

සෞභාග්‍යයේ දැක්මෙන් මෙහෙම ආතල් දෙන එක නම් හරිම කණගාටුයි. මොකද මේකට මේ කට්ටිය පිරිල ලොකුවට බල බල කරන්න දෙයක් නෑ.. කොමිස් ගහන්නෙ නැතුව ඇද ඇද ඉන්නේ නැතිව ඩ්‍රෝන් ටික ගෙන්නුවා නම් ඕක කරන්න පුලුවන්. ඕක දැන් ගොඩක් පරණ තාක්ෂණයක් වෙලා ඉවරයි. ලංකාවේ අහිංසක ගොවියන්ට තවත් සුරංගනා කතා නොකියා ප්‍රායෝගික දෙයක් වෙනවා නම් ගොඩක් හොඳයි.

:       4       9

vipula Thursday, 26 November 2020 09:19 AM

මේවා ලංකාවේ මෙයාට ඉස්සර කරලා තියෙනවා.

:       1       1

suranga Friday, 27 November 2020 04:26 AM

රුපියල් 3000 ක් 4000 ක් වියදම් කරල ගහන්න තියෙන පෝර ටිකට රුපියල් ලක්ශ දෙකක් තුනක් දීලා ඩ්‍රොන් එකක් ගෙන්නලා එක පාරක් පෝර ගහලා ඊළඟ පාරෙදි ඩ්‍රෝනේ කැඩුණාම ඉතින් ගොවියාට වහකන්න තමයි වෙන්නේ... හික් හික්. මෙව්වාට මට කොහෙන් හිනා වෙන්නද මන්දා..?

:       1       6

de silva Friday, 27 November 2020 01:55 PM

ඩ්‍රෝනා යානයෙන් පෝර ගහන එක මිල අධික කාලය වැඩියෙන් යන ක්‍රියාවක්. ඕකේ බැටරිය බැහැපුවාම චාර්ජ් කරන්න ගෙදර අරන් යන්න වෙනවා. ලාම්පුතෙල්වලින් ක්‍රියාකරන පිටේ එල්ලගෙන ගහන ඉසින යන්ත්‍රයෙන් පැය දෙක තුනකින් කරන්න පුළුවන් දේට දවසක් විතර ගතවෙනවා. මෙම තාක්ෂණය හරිතාගාර සහ පර්යේෂණ ආයතනවල භාවිතයට සුදුසුයි. ලංකාවේ කුඹුරු වලට මෙම ක්‍රම ගැලපෙන්නේ නැහැ. ලංකාවේ දැන් උග්‍ර පොහොර හිඟයක් ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 614 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 279 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 270 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2359 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1555 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32702 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site