IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ඩෙල්ටා හඳුනාගන්න යන්ත්‍රයක් පේරාදෙණියටත්

(ඉන්දිකා රාමනායක)

බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වයිරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 70 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළ බව එම සංවිධානය පවසය.

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රබේදය රටපුරා පැතිර යාමත් සමගම එම ප්‍රභේදය ඇතුළු නව වයිරස් ප්‍රභේද හඳුනාගත හැකි යන්ත්‍රයක අවශ්‍යතාවය මහනුවර ප්‍රදේශයට ඉතා තදින්ම දැනුන බවත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා  මේ බව බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව දැනුවත් කළ බවද එම සංවිධානය පවසයි.

ඥාණසාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් මෙම යන්ත්‍රය ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එම මුදල පරිත්‍යාග කරන කළ බවද එම සංවිධානාත්මක සදහන් කරයි.

මෙම අවස්ථාවේදී ආණ්ඩුව කරන තුරුම නොසිට තමන්ට කල හැකි දේ සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත් මෙම වසංගතයෙන් රටක් වශයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකමුතුව වැඩ කරන ලෙසත් මේ පිළිබඳව අප සිදුකල විමසීමකදී ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

 



අදහස් (7)

ඩෙල්ටා හඳුනාගන්න යන්ත්‍රයක් පේරාදෙණියටත්

Manodaya Asapuwa Tuesday, 31 August 2021 08:01 AM

බොදුබල සංවිධානයට තව තවත් ශක්තිය ලැබේවා....!!!

:       0       0

නාලන් Tuesday, 31 August 2021 10:47 AM

අගය කළ යුතු දෙයක්. ශාසනික සේවය වඩාත් අගනේය. සිවුරක් දරා අනෙක් අරගල නොකරන්න...... මන්ද යත් ඇතැම් ස්වාමීන් වහන්සේලා වොයිස් කට් වෙනුවෙන් පමණක් කුමක් හෝ කර වඩාත් උත්සාහය කැපී පෙනීමට ය. ඒවායේ හරයක් නැත.... වචන හැසිරවීමද එතරම් හොඳ නැත..... එය උන්මාදයක් තරමට පත්වෙමින් පවතී.....

:       3       11

kamal Tuesday, 31 August 2021 10:49 AM

අද රටේ ඉනන හොදම ව්‍යාපාරිකයෝ ‌ ඒක පර්මිට් ඒකෙන් ගොඩ

:       0       8

විමර්ශකයා Tuesday, 31 August 2021 10:56 AM

කැලෑ කපන එකට යහපාලන කාලෙ කෑ ගැහැව්වට මේ ආණ්ඩුව කාලෙ කැලෑ විනාශයටවත් ගොවියන්ට නිසි දැනුවත් කිරීමෙන් තොරවූ වෙච්ච වගා විනාශයටවත් කථා කරන්න ආවෙ නැත්තෙ කට්ටියකගෙ වුවමනා එපාකම් ඉටු කරන නිසාද ? මෙහෙම කිව්ව නිසා කී දෙනෙක් ඊලඟ කැලෑ විනාශයෙදි කිඹුල් කඳුලු හෙලයිද දන්නෑ. මොකද වරින් වර වැඩ බැරි නාට්‍ය කාරයොනම් කරලියට එනවා. මෙය ප්‍රධානය කළ මහත්මයාට පිං.

:       6       13

බද්රානි Tuesday, 31 August 2021 01:07 PM

ඔය කියන ඩෙල්ටා හඳුනා ගැනීමේ යන්ත්‍රයට ශ්‍රී ලාංකික වෛරස් හඳුනා ගැනීමට හැකියාවක් නැද්ද? ඩෙල්ටා වෛරසයටත් වඩා භයානක ලංකාවේ වෛරස් ටික හරියට හඳුනා ගත්තා නම් තමයි අපට හොඳ... ඇමරිකාවට පින්සිද්ධ වෙන්න ඩොලර් උපයන වෝල්ටර් මහත්තයාට ඩොලර් තිබුණාට, ශ්‍රී ලන්කන් වෛරස් ගැන නම් එතරම් අවබෝධයක් නැහැ වගේ කියලයි මට නම් හිතෙන්නේ...?

:       0       0

Prase Tuesday, 31 August 2021 01:19 PM

වැඩේ හොඳයි... පේරාදෙණියම මළකඩ කයිද? වැඩක් කරන්න කෙනෙක් නැතිව...

:       0       0

යහමග Tuesday, 31 August 2021 01:59 PM

ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් මෙම යන්ත්‍රය ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එම මුදල පරිත්‍යාග කිරීම වෙනුවෙන් ස්තූතිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 60 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 44 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 117 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 316 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1129 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 1288 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 84 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 460 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1434 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site