IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඩොලර් හුවමාරුවට මහ බැංකු අධිපති ගත් තීරණය

බැංකු පද්ධතියට පිටතින් සිදුවන විදෙස් මුදල් හුවමාරු පාලනය සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීය.

“අපේ රටේ බැංකු ක්‍රමය තුළ විදේශ විනිමය හිඟයක් තිබෙනවා. එළියේ පෝලිම් තියෙන්නේ ඒ නිසා. කෙනෙක්ට බැංකුවකට ගියාම විදේශ විනිමය ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලුවාම බැංක්‍ර ක්‍රමයට පිටතින් විශාල වශයෙන් උණ්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය ගලාගෙන එනවා. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ආනයන රැසකට මේ ක්‍රමවේද මඟින් මුදල් යනවා.

ඒ මුදල් බැංකු ක්‍රමය තුළට ගෙන ඒම සඳහා අපි සාකච්ඡා කරලා තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. මුදල් අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කරලා පියවර කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා.

පළමුවැනි පියවර විදියට මුදල් අමාත්‍යාංශය අද හෝ හෙට ගැසට් නිවේදනයක් නිකුත් කරයි. එම ගැසට් නිවේදනයට අනුව විවෘත ගිණුම් තුළින් ආනයනය කිරීම නතර කරනවා. ඒ වගේම සියලු ආනයන කළ යුත්තේ බැංකු ක්‍රමය තුළින් පමණයි. සියලු ආනයනවලට මුදල් ගෙවිය යුත්තේ බැංකු ක්‍රමය තුළින් පමණයි.

මෙමඟින් පිටත තිබෙන ඉල්ලුම නැති වෙනවා.

ඒ වගේම පිටත වෙළෙඳපොළට මුදල් සපයනවා නම්, අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් බැංකු ක්‍රමය තුළින් ගනුදෙනු කරන්න කියලා. ඒ වගේම මේ පියවර නිසා බැංකු පද්ධතියෙන් එළියේ වෙළෙඳපොළක් නැති බවත් කියන්න අවශ්‍ය යි.

අනෙක අපි බැංකු ක්‍රමය තුළින් ඉහළ විදේශ විනිමය ගෙවනවා. විදේශ විනිමය අනුපාතිකය නම්‍යශීලී යි. වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් විදේශ විනිමය අනුපාතිකයක් තිබෙනවා. අපි ඩොලරයට සාධාරණ මුදලක් ගෙවනවා.

මේ විදියට බැංකු පද්ධතිය තුළින් මුදල් ආවොත් අපට ඒ මුදල් කිරිපිටි, ඉන්ධන, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය දේවල් ගෙන්වන්න භාවිත කරන්න පුළුවන්.

ඒ වගේම විදේශවල ඉගෙන ළමයින්ට මුදල් යවන්න බැරි කම නිසත් කළු වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. බැංකුවලින් ඩොලර් දෙන්නේ නැතිනං දෙමාපියන්ට කරන්න දෙයක් නැහැ. මේ නිසා අධ්‍යාපනික, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය මානුෂීය කාරණා සඳහා ඩොලර් නිකුත් කරන්න කියලා අපි බැංකුවලට උපදෙස් දීලා තියෙනවා. මේ දේවල්වලට හැම තිස්සෙම බැංකු පද්ධතිය තුළින් දෙන්න කියලා අපි බැංකුවලින් ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදි අවශ්‍ය වුවහොත් ඒ මදිපාඩු පිරවීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙනවා.

බැංකු පද්ධතියට ඩොලර් ගලා ඒම වැඩි කිරීම සඳහා අපි මේ වනවිට පියවර ගනිමින් ඉන්නවා. ඒ වගේම බැංකු පද්ධතියට පිටතින් ක්‍රියාත්මක වන හවාලා සහ උණ්ඩියල් යන ක්‍රමවේද නැවැත්වීමටත් අපි පියවර ගන්නවා. අපි උණ්ඩියල් සහ හවාලා ක්‍රමවේද අධෛර්යමත් කිරීම සඳහා පියවර ගන්නවා.

බැංකු පද්ධතිය තුළ ගනුදෙනු කරවීම/කිරීම සඳහා අපි උපරිම පියවර ගන්නවා.

රට තුළට ඩොලර් ගලා ඒම ස්ථාවර වුණු විගස ඩොලර් ගනුදෙනුවලට අදාළව මේ වනවිට පනවා තිබෙන සීමා ලිහිල් කරනවා.

ඩොලර් අනිවාර්යෙන් රුපියල්වලට පරිවර්තනය කිරීමේ පියවර ද අපි ඉදිරියේදී ඉවත් කිරීමට පියවර ගන්නවා.

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ගේ පවුල්වලට මුදල්, විදේශ විනිමය එවනවා නම් බැංකු ක්‍රමය හරහාම එවන්න කියලා තමයි අපි කියන්නේ. අපි මහ බැංකුව ලෙස ඉල්ලා එය ඉල්ලා සිටිනවා. ඒ මුදල් භාවිත කෙරෙන්නේ රටේ මහජනතාවගේ අත්‍යවශ්‍ය දේවල්වලට.

ඒ වගේම ඩොලර්වලින් ගෙවන්න නියම කිරීම හොඳ තීරණයක් නෙමෙයි. විශේෂයෙන්ම සංචාරකයන්ට එසේ කීම සුදුසු නැහැ. එය සංචාරක කර්මාන්තයට සුදුසු නැහැ. අපි ඒ ගැන බලලා එය ලිහිල් කරනවා.

ඒ වගේම ඩොලර්වලින් ගෙවීම අදාළ වෙන්නේ අපනයනකරුවන්ට එහි තවත් ක්‍රියාවලියකට පමණයි. ඒ වගේම සැපයුම් සඳහා අමුද්‍රව්‍ය ගෙන්වනවා නම් ඊට අදාළ ක්‍රියාවලියක් තිබෙනවා. ඒ නීතිමය අවසරය තිබෙන අයට පමණක් ඩොලර්වලින් ගෙවන්න සහ ලබන්න පුළුවන්.

 



අදහස් (6)

ඩොලර් හුවමාරුවට මහ බැංකු අධිපති ගත් තීරණය

වර්ණකුලසූරිය Saturday, 30 April 2022 01:42 PM

"ඒ මුදල් භාවිතා කරන්නේ මහජනතාවගේ අත්‍යාවශ්‍ය දේවල්වලට..." මහබැංකු අධිපතිවරයාගේ උත්සාහය ගැන සතුටුයි. ඒ වුණාට ගැටළුව තියෙන්නේ මේවා ජෙට් යානා වලින් උගන්ඩා යාවිද? නැතිනම් නිරූපමා රාජපක්ෂ වගේ විදේශ වත්කම්වලට ගෙන යාවිද කියන ගැටළුවයි. එහෙමත් නැතිනම් ජනාධිපතිවරයා නැවත මට වැරදුණා කියන්න තව පිස්සුවක් නටාවිද? මේවා ගැන හිතනකොට අපට රුපියලක් දෙකක් හරි උණ්ඩියල් ක්‍රමයෙන් වැඩිපුර ලබාගෙන අපේ වැඩක් බලාගන්නවා කියා සිතන අයත් සිටින්නට පුළුවනි...

:       6       19

Nihal Mayadunne Saturday, 30 April 2022 02:33 PM

මම 2005 වර්ෂයේ සිට භාණ්ඩ අපනයනය කරනවා ඩොලර් රුපියල් කිරීම නිසා.., මගේ අපනයන බොහෝ දුරට නැවතී තිබෙනවා. මම ෆැක්ටරි එකට ගෙවිය යුතුව ඇත්තේ ඩොලර් වලින්, මෙයාලා දැන්වත් තේරුම් ගන්නවා නම් ඉතා හොඳ තීරණයක්.

:       0       11

NM Saturday, 30 April 2022 07:08 PM

පළමුවැනි පියවර විදියට මුදල් බැංකු ක්‍රමය තුළට ගෙන ඒම සඳහා විවෘත ගිණුම් තුළින් ආනයනය කිරීම නවතා සියලු ආනයන කළ යුත්තේ බැංකු ක්‍රමය තුළින් මගින් කිරීම වෙළඳ කටයුතු සඳහා ක්‍රියාත්මක කළ හැකියි. ආනයන කටයුතු මුදල් ගෙවිය යුත්තේ බැංකු ක්‍රමය තුළින් වුවත් විදේශයන්හි සේවය කරන්නා වූ අති බහුතරයක් පිරිස විදේශ මුදල් ඒකක... $ ඇතුළුව ලංකාවට එවීමේදී බැංකු ක්‍රමයට පිටතින් විශාල වශයෙන් උණ්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය ගලාගෙන වෙනත් ක්‍රම අනුගමනය කරමින් සිටි. ඔවුන් එසේ කරනුයේ බැංකුවෙන් ඔවුනට ලබෙන්නා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් උණ්ඩියල් සහ හවාලා ක්‍රම මගින් ලැබෙන නිසාවෙනි. තවත් පිරිසක් ලංකාවට විදේශ මුදල් රැගෙනවිත් මුදල් හුවමාරු කරන්නා වූ පොද්ගලික ආයතන වෙත ගොස් වැඩි මුදලක් ලබාගනී. වර්තමානයේ ලංකාවේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුද නිසා උණ්ඩියල් සහ හවාලා ක්‍රම වරදානයක් දැකිය හැකියි. උණ්ඩියල් සහ හවාලා හැර වෙනත් ක්‍රමද තිබේ. එනම් වෙනත් රටක බැංකුවකින් ලංකාවේ බැංකුවකට බැංකුවක් නොවන ආයතනයක් මගින් මුදල් යැවීම වේ.

:       0       1

NM Saturday, 30 April 2022 07:09 PM

එනම් වෙනත් රටක බැංකුවකින් ලංකාවේ බැංකුවකට, බැංකුවක් නොවන ආයතනයක් මගින් මුදල් යැවීම වේ. සොයාබැලීමකදී පෙනීගියේ එම ආයතනය මගින් ඇ.ඩොලරයට ශ්‍රී ලංකා රුපියල් 355.47ක් ගන්නා බවයි.

:       0       3

darma Saturday, 30 April 2022 08:56 PM

ජවිපෙ පච අහල උන්ඩියල් කරපු අපේ මිනිස්සු හිතන්නේ බැංකුවෙන් ඩොලර් අරගෙන උගන්ඩාවට යවනවා කියලනේ..උන්ඩියල් පස්සෙන් ඉන්නේ කාක්.දෙගොල්ලෝ ෆිට් ඇති අනේ මෙහෙමත් ගොන්.මගෙත් අක්ක ඉන්නේ ජර්මන්. බැංකුවට එවන සල්ලි රුපියල් වලින් මස්සිනා යසට ගන්නවා.දෙසපලකයෝ හොරකම් කරන්න ඔයිට වඩා වැඩ දන්නවා.දැන් උන්ඩියල් තහනම් කරාම කොරයිනේ ,

:       0       0

Saliya Sunday, 01 May 2022 11:48 PM

ගොඩක් හොඳ තීරණයක්...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 71 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 4 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 127 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 470 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 702 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 412 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site